IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


‘අඩු මිලට දඹදිව සංචාර සංවිධානය කරන්නන්ගෙන් ප්‍රවේශම්වෙන්න’

(නිමල කොඩිතුවක්කු
 
අඩු මිලකට දඹදිව සංචාර සංවිධානය කරන සංවිධායකයන්ගෙන් සංචාරකයන් ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා විදේශ බෞද්ධ  වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමයේ ලේකම් රංගනාත් කරුණාදාස මහතා පැවැසීය. 

දිනෙන් දින ඉහළ යන මිල ගණන්  සමඟ වර්තමානයේ  දඹදිව සංචාරක කර්මාන්තය දැඩි අර්බුදයකට පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.   

ශ්‍රී ලංකා බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමයේ ලේකම් රංගනාත් කරුණාදාස මහතා ඒ බව සඳහන් කළේ ව්‍යාජ සංවිධායකයන් නිසා දඹදිව වන්දනා චාරිකාවේ නිරත බැතිමතුන්ට මුහුණදීමට  සිදුවී තිබෙන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ  දැනුවත් කිරීම සඳහා කොළඹ ජායික් හිල්ටන් හෝටලයේ  පැවති මාධ්‍ය හමුවකදීය.       

                                  
ගුවන් ටිකට්පත්වල මිල ඉහළ අගයක් ගැනීම, ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ යෑම තුළ ඉන්දියාවේ සංචාරක ගමන් සංවිධානය කිරීමේ පිරිවැය ඉහළ යෑම මෙම තත්ත්වයට මූලිකව බලපා ඇතැයිද කරුණාදාස මහතා සඳහන් කළේය.     

           
මෙවැනි තත්වයක් තිබියදී ඇතැම් ව්‍යාජ සංවිධාන අඩුමිලට දඹදිව සංචාර සූදානම් කරන බව පවසා ග්‍රාමීය මට්ටමේ ජනතාව මුලා කරමින් සිටින බවද හෙතෙම කීය.     

 ඔවුන්ට රැවටුණු ජනතාව ඉන්දියාවේදී ගැටලු රැසකට මුහුණ දෙන බවත්, මේ හේතුවෙන් එම කර්මාන්තය පවත්වාගෙන යාම අසීරු වී ඇති බවත් පැවසීය.   

                
ජනතාව මුලා කරමින් ඇතැම් ව්‍යාජ සංවිධාන අඩු මිලට දඹදිව වන්දනා ගමන් සංවිධාන කරන බවට තම සංගමයට තොරතුරු ලැබී ඇති බව එම මාධ්‍ය හමුවට එක්වෙමින් සංගමයේ සභාපති රෝහිත සිරිවර්ධන මහතා සඳහන් කළේය.         

            
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්  දඹදිව වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් විශේෂ සහන මිලකට ගුවන් ටිකට්පත් ලබාගත හැකි ක්‍රමවේදයක්  සකස් කරදෙන ලෙස  තම සංගමය ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින  බවද හෙතෙම පැවසීය.     

                                    
මෙම මාධ්‍ය හමුව සඳහා එම සංගමයේ භාණ්ඩාගාරික ජයසිරි කෝට්ටේගොඩ, ප්‍රධාන සංවිධායක හර්බට් විජේතුංග, ප්‍රචාරක ලේකම් සමීර බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
 



අදහස් (0)

‘අඩු මිලට දඹදිව සංචාර සංවිධානය කරන්නන්ගෙන් ප්‍රවේශම්වෙන්න’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site