IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


2019 ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇත්දැයි බලා ඡන්ද අයිතිය තහවුරු කරගන්න

(ඩයනා උදයංගනී)

එළඹෙන 2020 වසර මැතිවරණ වර්ෂයක් බැවින් 2019 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත් වීම වැදගත් නිසා ජනතාව ඒ ගැන සැලකිලිමත් විය යුතු බව කැෆේ සංවිධානය පවසයි.

එම නාම ලේඛනයේ දළ කෙටුම්පත මේ වනවිට සියලුම ග‍්‍රාම නිලධාරි කාර්යාල වල සහ රජයේ කාර්යාලවල තබා ඇති බව කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඞ් මනාස් මකීන් මහතා පැවසීය.

එය පරීක්ෂා කර බලා තමන්ගේ නම එහි සඳහන් වේ දැයි තහවුරු කර ගැනීමෙන් 2020 වසරේ එළඹෙන මැතිවරණ සඳහා ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව ලබා ගත හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

එලෙස නම සඳහන් නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් අභියාචනයක් මැතිවරණ කොමිසම වෙත යොමු කිරීමටත්, තම ප‍්‍රදේශයේ පදිංචි නැති අයෙකුගේ නම ඊට ඇතුළත්ව තිබේ නම් ඒ පිළිබඳ විරෝධතා ගොනු කිරීමටත් සැප්තැම්බර් 19 වන දින දක්වා අවස්ථාව හිමිවන බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.

රජය සහ මැති ඇමතිවරුන් විසින් වරින් වර 2019 මැතිවරණ වසර ලෙස නම් කර තිබුනද පවතින තත්වය අනුව ජනාධිපතිවරණය හැරුණුකොට වෙනත් මැතිවරණයක් මෙම වසරේදී අපේක්ෂා කළ නොහැකි බවත්, ජනාධිපතිවරණට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි නම් 2020 වසර තුළදී පළාත් සභා මැතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට සිදුවන බවත් මකීන් මහතා කීවේය.

ඒ හේතුවෙන් නියම මැතිවරණ වසර වන්නේ 2020 වසර බවද හෙතෙම සඳහන් කළේය.

ඉදිරි මැතිවරණ වලදී සිය ඡන්ද අයිතිය සුරක්ෂිත කර ගැනීම පුරවැසි යුතුකමක් බව පෙන්වා දුන් වැඩබලන විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් දැයි කල් ඇතිව දැන ගැනීම මඟින් ඡන්දය ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වන දුෂ්කරතා මඟහරවා ගත හැකි බවයි.

 



අදහස් (19)

2019 ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇත්දැයි බලා ඡන්ද අයිතිය තහවුරු කරගන්න

පවිත්‍රා නවොදනී Saturday, 16 November 2019 05:00 AM

මගේ ඡන්දය තිබේද?

:       12       9

Rathnayaka mudiyanselage amitha pushpalal rathnayaka Tuesday, 10 March 2020 08:46 AM

මගේ තැපැල් ඡන්දය තිබේද ?

:       1       0

Lasindu kawshaly Saturday, 04 July 2020 04:55 PM

ඡන්දය තිබේදැයි බැලිම

:       1       1

Ams kumara Thursday, 13 October 2022 08:46 PM

මගෙ නම හා බිරිද ඡන්ද නාමලේඛ්ණය ඇතුළත් ද බලා ගැනිමට ඕන.

:       1       3

සිලාගේ නිමල් ධනපාලSaturday, 05 August 2023 09:14 AM

හරි

:       0       0

Basnayaka mudiyanselage mangalika priyangani basnayaka Saturday, 01 July 2023 01:22 AM

මගේ නම කොහේද?

:       0       0

J.g. cinthaka mmadusanka gamage Sunday, 30 July 2023 01:12 PM

2019 අනු අංකය ලබාගැනීම...!

:       3       0

H.G.චින්තක මදුසන්ක ගම්ගේ Sunday, 30 July 2023 01:21 PM

2019 ඡන්ද නාම ලේඛනයේ අනු අංකය වුවමනා කර ඇත...

:       2       2

සලාගේ නමල් ධනපාල Saturday, 05 August 2023 09:19 AM

අංක 432.ගල්වල හරස්පාර පොතානේගම අනුරාධපුර

:       0       1

M.k.g.sujani Monday, 07 August 2023 08:00 AM

2019 වර්ෂයෙ ජන්දය

:       2       0

Harsha malni Saturday, 29 June 2024 03:36 PM

දරුවා පාසලකට ඇතුලත් කිරීමට...

:       0       1

අකිල කරුණාරත්න Wednesday, 03 July 2024 12:08 AM

දරුවා පාසලට දැමිමට

:       0       1

I D I අසේල ජිනසෙන් Wednesday, 10 July 2024 09:17 AM

පාසල් දැමිම සදහා

:       0       0

කලුආරච්ච්ගෙ අනුර කලුආරච්ච් Wednesday, 17 July 2024 08:13 PM

දරුවා පාසල් දැමීමට

:       0       0

M.madura subashana Monday, 22 July 2024 09:22 AM

2019-2023 ඡන්ද නාම ලේඛනය

:       0       1

K.M.Madura subashana Monday, 22 July 2024 09:30 AM

දරුවන් පාසල් දැමීම සඳහා

:       0       1

H A amila pushpa kumara Tuesday, 23 July 2024 09:02 AM

චන්ද හිමි නාම ලේඛනයේ විස්තර

:       0       1

U.G.R.M.සාලිකා කුමාරි ජයසිංහ Wednesday, 24 July 2024 10:16 AM

හොදයි

:       0       0

W. A. Charu Kalpana Chinthamani Weerasinghe Monday, 29 July 2024 10:54 AM

2019 චන්ද නාමලේඛනයේ නම ඇතුලත්ව අත්දැයි බැලීමට හා අනුක්‍රමික අංකය දැනගැනීමට අවශ්‍යයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 308 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 793 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site