IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


‘හිටිහැටියේ ගේන අරුම පුදුම ව්‍යවස්ථා ගැන අවංකත්වයක් දකින්න බැහැ‘

 (නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයාගේ තිබූ බලතල කප්පාදු කර රටට නොගැලපෙන ව්‍යවස්ථා සංශෝධනයක්  ඉදිරිපත් කළ ඇතැම් පුද්ගලයන්  හිටි හැටියේ අරුම පුදුම ව්‍යවස්ථා සංශෝධන  ඉදරිපත් කිරීම ගැන අවංකත්වයක් දැකිය නොහැකි  බව යුතුකම ජාතික සංවිධානයේ  සභාපති ගෙවිදු කුමාරතුංග මහතා කොළඹදි අද(05) පැවැසීය.

සමාජ සංවාදයකින්  හෝ රජයත් සමග එකඟතාවයකින් තොරව තමන්ගේ    පෞද්ගලික යෝජනා ලෙස ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට   මහාසංඝරත්නය  ඇතුලූ  අනෙකුත් විද්වතුුන්ගේ අදහස් ඇතිව ඉදිරි මහමැතිවරණයේදී  නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන්  ජනතාවගේ සංවාදයට භාජනය විය යුතු බවත් කුමාරතුංග මහතා සදහන් කළේය.
 
යුතුකම ජාතික සංවිධානය තුම්මුල්ල සම්බුද්ධ ජයන්ති මන්දිරයේ කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ යුතුකම ජාතික සංවිධානයේ  සභාපති ගෙවිදු කුමාරතුංග මහතා මෙසේද කීවේය.
 
‘‘ස්විට්සර්ලන්ත සිද්ධිය, චම්පික, රාජිත, රන්ජන් රාමනායක යන මහත්වරුන් සම්බන්ධ සිද්ධි, එම්. සී. සී ගිවිසුම ආදි සිද්ධීන් ගණනාවක් එක්ක තමයි මේ 2020 වසර ලබන්නේ. මේ ඝෝෂාවන්  සංදර්ශණ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ රජය තමන්ගේ අනාගත ගමන ගැන  ඉතාම බැරූරුම් තීන්දු කිහිපයක් ගත්තා කියලා මේ රටේ ජනතාවට වැටහීමක් ගන්න පුලූවන්. 

අපි නීති විරෝධී ආයතනයක් ලෙස දැකපු දේශපාලන පලිගැනිම් වෙනුවෙන්  පිහිටපු පසුගිය රජය පිහිටවූ එෆ්. සී.  අයි. ඩි  ආයතනය අහෝසි කරන්න කියලා අපි කියපු  ඉල්ලිම රජය අද වෙනවිට ඉෂ්ඨ කරලා තියෙනවා. මේ නැගෙන ඝෝෂාවන්  සංදර්ශන වලට  එහා ගිය පණිවිඩයක් මෙතන තියෙනවා.
 
ඒ වගේම ප‍්‍රති ත‍්‍රස්ත පනත සම්පූර්නයෙන්ම ඉවත් කර ගැනීමට රජය  පියවර ගෙන තිබෙනවා.  මේ  පනත ගේන්නෙම  ජිනීවා තිහයි එක සම්මුතියට අනුවයි.  අපි දැක්කා මේ  පනත ත‍්‍රස්තවාදින්ට කප්පම් දෙන  වෘත්තිය සමිති අයිතිවාසිකම් කප්පාදු කරන පනතක් කියලා. අපි මේ පනතට  මුල ඉදලම විරුද්ධ වුනා. රජය දැන් ඒක පිලිගෙන  මේ පනත ඉවත් කර තිබෙනවා. 

දූෂිත, විකෘති,  ජනවරමක් රහිත පාර්ලිමේන්තුවක් මොනවා කරන්න යනවද කියලා අපිට ලොකු විමතියක් තිබුණා. එතෙනදිත් ජනාධිපතිතුමන් මුල්වෙලා  ඒ සියලූ කාරණා වලින් පරිභාහිරව සංදර්ශන වලින් තොරව තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය ජනතාවට ඉදිරිපත් කළා. මේ කාරණා වලින් රජය ගමන් කරන දිශානතිය සම්බන්ධයෙන් පවතින රජය  මේ රටේ ජනතාවට නිශ්චිත පණිවිඩයක් දීලා තියෙනවා.  ඒ වෙනුවෙන් අපි මේ රජයට සහයෝගය ලබා දිය යුතුයි.

ශ්‍රී  ලංකාව 2020 ආරම්භ කළ යුත්තේ  අවංකත්වය මුල් කරගත්ත දේශපාලනයක් සහ  සමාජ සංවාදයක් කියන අදහස අපි ඉදිරිපත් කරනවා. ඒ 
වෙනුවෙන් සියලූ දෙනා කැපවේ යැයි කියා අපි විශ්වාස කරනවා.
 
එම්. සී. සී ගිවිසුම සම්බන්ධයෙන් දැන් විවිධ  මත පළවෙනවා. අපි දකින ආකාරයට නම් එම්. සී. සී ගිවිසුමේ සමස්ථය මේ රටේ  ස්වාධීනත්වයට සහ සවෛරීත්වයට  පටහැනියි. ගෝටාභය රාජපක්ෂ  මහතාගේ  රාජ්‍ය ප‍්‍රතිපත්තිය  ශ්‍රී ලංකාව  ස්වාධීන  ස්වෛරි කිසිදු  බලකඳවුරකට  නතු  නොවූ  රාජ්‍යයක්   ලෙස පවත්වාගැනිම නම් මේ ගිවිසුමේ එක් එක් වගන්ති පමණක් නෙමෙයි  සමස්ථ ගිවිසුම දෙස බැලිය යුතුයි.
 
19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් විශාල අඩුපාඩු තියෙනවා. ජනාධිපතිවරයාගේ තිබූ බලතල කප්පාදු කිරීමට කටයුතු කළ ඇතැම් පුද්ගලයන්  හිටි හැටියේ මේ  සමාජයත්  එක්ක  සංවාදයකින්  තොරව රජයත් එක්ක  එකඟතාවයකින් තොරව තමන්ගේ    තමන්ගේ පෞද්ගලික යෝජනා විදියට  අරුම පුදුම ව්‍යවස්ථා සංශෝධන  ඉදරිපත් කරලා තියෙනවා.  මේ තත්වයත් භයානකයි.  මෙතනත් අපි අවංකත්වයක් දකින්නේ නැහැ.
 
ඉදිරි මහමැතිවරණයේදී  නව ව්‍යවස්තාවාක් සම්බන්ධයෙන්  ජනතාවගේ සංවාදයට භාජනය විය යුතුයි. මහා සංඝරත්නය  ඇතුලූ  අනෙකුත් විද්වතකුන්ගේ අදහස් ඇතිව මේ කටයුතු සිදුකළ යුතුයි.  ත‍්‍රස්තවාදය පරාජය කරපු රටකට නැවත  ත‍්‍රස්තවාදයට බෙදුම්වාදයට ඉඩක් නොදෙන  ව්‍යවස්ථාවක්, මැතිවරණ  ක‍්‍රමයක් අපේ රටට අවශයයි.
 
හැබැයි  ඒක කාගෙවත් පෞද්ගලික අභිමතාර්  ඉටු කරගැනීමට ඉදිරිපත් කිරිම ගැන අපි විරුද්ධත්වය පළ කරනවා. මේ දේවල් කරන්නේ  රට වෙනුවෙන්ද නැත්නම් තමන් වෙනුවෙන්ද  කියන ප‍්‍රශ්ණය අපේ රටේ ජනතාව හමුවේ තිබෙනවා’’යැයිද ඔහු එහිදී පැවැසීය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න වලට පිළතුරු දුන් ගෙවිදු කුමාරතුංග මහතා

ප‍්‍රශ්නය : ව්‍යවස්ථා සංශෝධනය පිළිබද  ඔබ චෝදනා කළේ  විජේදාස  රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද?

පිලිතුර : ඔව්.  එතුමන් තමයි 19  වන සංශෝධනය  සම්මත වෙනවිට මේ රටේ අධිකරණ අමාත්‍යවරයා  විදියට පාර්ලිමේන්තුවේ ව්‍යවස්තා  සංශෝධන සදහා  සම්පූර්ණයෙන්ම මූලික වූ අමාත්‍යවරයා.එහෙම ගැඹුරු ස්වයං විවේචනයක් අපි  එතකොට එතුමන්ගෙන් දැක්කෙ නැහැ. මේ අවස්ථාවේදිත්  මේ සම්බන්ධයෙන් සමාජ සංවාදයක් ගොඩනගා තිබූ  විශාල  පිරිසක් ඉන්නවා. අපි සොයා බලපුවහම  ඒ කාගෙවත් අදහසක් විමසලා නැහැ. 
 
අපි මේ කියන්නේ මේ  රජය ගැන විතරක් නෙමෙයි පත්වෙන මොන රජයක්  වුනත්  කප්පම් දේශපාලනයට යටත් නොවී ස්ථාවරව  ක‍්‍රියාත්මක වෙන්න  ඕන.  ඒ වගේම  ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්ෂිත විය යුතුයි.  ඒ වෙනුවෙන් වන ශක්තිමත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් වියයුතුයි.
 
 
 



අදහස් (0)

‘හිටිහැටියේ ගේන අරුම පුදුම ව්‍යවස්ථා ගැන අවංකත්වයක් දකින්න බැහැ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1156 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1161 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site