IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


සුෂ්මාගේ අභාවය ගැන අගමැති ශෝකය පළකරයි

 (නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්වාගෙන යන ශක්තිමත් ද්විපාර්ශවික සබඳතා සඳහා මෙන්ම විවිධ බහුපාර්ශවීය සංසදයන්හි දී කලාපීය අභිමතාර්ථයන් ඉටුකරගැනීම කෙරෙහි සුෂ්මා ස්වරාජ් මහත්මිය දැක්වූ දැඩි උනන්දුව සහ කැපවීම ශ්‍රී ලාංකික ජන හදවත් තුළ සදා අනුස්මරණීය බව හිටපු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරියක වන සුෂ්මා ස්වරාජ් මහත්මියගේ හදිසි වියෝව සම්බන්ධයෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වෙත ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කරයි.
 

පසුගිය කාල වකවානුවල, ස්වරාජ් මහත්මිය පෞද්ගලිකව හමුවීමට ලැබුණු විවිධ අවස්ථාවලදී ඇය, ශ්‍රී ලංකාවට ඉතාමත් ලබැදි මිතුරියක, අසල්වාසිනියක සහ  ඥාතියෙකු ලෙස ප‍්‍රසන්න පෞරුෂයක් හිමි රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වශයෙන් තමන්ට හඳුනාගැනීමට ලැබුණු බව පවසන අග‍්‍රාමාත්‍යවරයා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය වශයෙන් ඇයගේ ධූර කාලය තුළ දෙරට අතර පැවැති සබඳතා විශිෂ්ඨ ලෙස ඉහළ නැංවුණු බව එම පණිවුඩයේ සඳහන් කර ඇත.
 
එතුමියගේ වියෝවෙන් ශෝකයට පත් පවුලේ  ඥාතීන් ඇතුළු සමස්ත ඉන්දීය ප‍්‍රජාව වෙත සිය සාතිශය සංවේගය පළ කරන බව ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිය ශෝක පණිවුඩයෙන් ප‍්‍රකාශ කර ඇත.



අදහස් (0)

සුෂ්මාගේ අභාවය ගැන අගමැති ශෝකය පළකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1632 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site