IMG-LOGO

‘සුදුස්සෝ කවුදැයි නම්කරන්න’

(මුදිතා දයානන්ද)

           

ජනපතිවරණයේ සියලූ අපේක්ෂකයින් නම් කළ පසු, රටේ නායකත්වයට සුදුස්සෝ කවුදැයි නම් කරන ලෙස අපේක්ෂකයින් පත්කිරිමට නිර්දේශ ඉදිරිපත් කළ මහානායක හිමිවරු ඇතුළු සියලූ ආගමික නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා යැයි ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ අද (15) පැවසූහ.

එසේ කළ නොහැකි වන්නේ නම් ආගමික නායකයින්ගේ නිර්දේශ සහිත ලියවිල්ල මේ රටේ තවත් එක ලියවිල්ලක් පමණක් බවට පත්වෙනවා යැයි ද උදිත හිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසූයේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවති ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය හමුවකදීය.

 

තවදුරටත් උන්වහන්සේ මෙසේද පැවසූහ.

           

මේ වසර අවසානය හා ලබන වසර මුල් භාගය කියන්නේ මැතිවරණ කාල වකවානුවක් බව පැහැදිලි සත්‍යයක්. පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන කතා බහකුත් දැන් ඇවිත් තිබෙනවා. ඒක පැවැත්වුවත් නැතත් ජනාධිපතිවරණය කල්දාන්න බැහැ. එයින් පසුව මහමැතිවරණයක් එනවා.

මේ මොන මැතිවරණය පැවැත්වුවත් තමන්ගේ පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයින් සතු විය යුතු ගුණාංග පිළිබඳව අපේ රටේ මහානාහිමිවරු ඇතුළු සියලූ ආගමික නායකයින් එක්ව නිර්දේශාවලියක් සකස් කර තිබෙනවා. මේ නිර්දේශාවලිය පසුගිය 6 වෙනිදා සියලූ පක්ෂ නායකවරුන්ට පිළිගන්වනු ලැබුවා. මෙය පක්ෂ නායකයින්ට ඉදිරිපත් කරමින් මේ ආගමික නායකයින් නොකියා කිව්වේ මෙතෙක් උඹලා පත් කළ අපේක්ෂකයින් මේ රටට සුදුසු අය නොවන බවයි.

ජනාධිපතිවරණයට අපේක්ෂකයින් ඉදිරිපත් කළ යුත්තේත් ඒ නිර්දේශවලට අනුවයි. දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරිපත් කර තිබෙනවා. 18 දා වෙනිදාට ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. අපි ජාතික භික්ෂු පෙරමුණත් එම අපේක්ෂකයාට සහය දෙන්න තීරණය කර තිබෙනවා. මේ නිර්දේශවලට අනුකූල අපේක්ෂකයෙක් තමයි අපි ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කරන්නේ.

මේ නිර්දේශවලට අනුකූල අපේක්ෂකයින් කවුද කියලා මහානාහිමිවරු ඇතුළු ආගමික නායකයින් රටට පැවසිය යුතුයි. එසේ නොවුණහොත් මේ ලියවිල්ලත් තවත් එක ලියවිල්ලක් පමණක් බවට පත්වෙනවා වගේම ආගමික නායකයින්ගේ ප‍්‍රකාශත් විහිලූවක් බවට පත්වෙනවා. ඒ නිසා අපි සුදානම් 18 වැනිදායින් පසුව මේ ලියවිල්ලට අත්සන් තැබූ ආගමික නායකයින් සියලූ දෙනා මුණ ගැසී තමන්ගේ නිර්දේශවලට අනුකුළ අපේක්ෂකයින් කවුදැයි නම් කරන ලෙස ඉල්ලීමක් කරන්න.



අදහස් (0)

‘සුදුස්සෝ කවුදැයි නම්කරන්න’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 308 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 793 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site