(නිමල කොඩිතුවක්කු)
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක බවට පත්වීමත් සමඟ එක්සත් ජාතික පකෂය තුළ විශාල පිබිදිමක් ඇතිවී තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනාම එකට එක්ව කටයුතු කරන ඡන්ද ව්‍යාපාරය බවට මෙවර ජනාධිපතිවරණය පත්ව ඇති බවත් තිස්ස අත්තනායක මහතා කොළඹදී අද (09) පැවැසීය.
රටේ ජයග්‍රහණය වෙනුවෙන් කැමති සියලු දෙනාට සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය හා එක්වීමට ආරාධනා කරන බවත් අත්තනායක මහතා සඳහන් කළේය.
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේද කීවේය.
‘‘එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ විජයග‍්‍රාහී ගමනට අද පක්ෂ විපක්ෂ භේදයකින් තොරව විශාල පිරිසක් එක්ව සිටිනවා. මෙරට හිටපු කීර්තිමත් විදේශ අමාත්‍යවරයකු සහ හිටපු ආණ්ඩුකාරවරයෙකු වගේම මෙරට දේශපාලනයේ දිගු කලක් කටයුතු කළ රෝහිත බෝගොල්ලාගම මහතාත් අපේ ජයග‍්‍රහණය තහවුරු කරන්න එකතු වෙලා තියෙනවා. මේත් සමඟ අද අපේ ගමන තවත් ශක්තිමත් වී තිබෙනවා.
මේ වනවිට අපි ඡන්ද ව්‍යාපාරයේ බොහෝ දේවල් කරමින් සිටිනවා. දිවයිනේ දසදෙසින් පිරිස මේ ඡන්ද ව්‍යාපාරයට එකතුවෙමින් සිටින බව මේ වනවිට අපට පෙනී යනවා.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් සහ ඒවායේ සිටින සංවිධායකයින් මේ ඡන්ද ව්‍යාපාරයට සහාය දෙන්න ඉදිරිපත් වෙමින් සිටිනවා.
සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂක බවට පත්වීමත් සමඟ එක්සත් ජාතික පකෂය තුළත් අද වනවිට විශාල පිබිදිමක් ඇතිවෙලා තියෙනවා. මේ ඡන්දය එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම නැගිටලා කෙළින් හිටගෙන සහයෝගය දෙන ඡන්ද ව්‍යාපාරය බවට පත්වෙනවා.
මේ ජනාධිපතිවරණය පහසුවෙන් ජයග‍්‍රහණය කරන බව අපි පැහැදිලි ලෙසම කියනවා. මේ ජයග‍්‍රහණය තහවුරු කරන්න අප සමඟ එක්වන්න කියලා පාට, පක්ෂ, භේදයකින් තොරව මේ රටේ සියලු ජනතාවට අපි ආරාධනා කර සිටිනවා’’ යැයිද ඔහු එහිදී සඳහන් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘‘සජිත් ජනපති අපේක්ෂකයා වීමත් සමඟ පක්ෂයේ පිබිදීමක් ඇතිවෙලා‘‘