බිඟුන් මේනක ගමගේ
පාර්ලිමේන්තුව ක්‍රියා කරන්නේ ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් මත යැයි ද ජනාධිපතිවරයා යෝජනා කරන ක්‍රමවේදවලට විශ්වාසභංග යෝජනා ගෙන එන්නට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නැතැයි ද ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කීය.
ඉලෙක්ට්‍රොනික ක්‍රමය ඔස්සේ ඡන්ද විමසීමකින් පාර්ලිමේන්තුවේදී ලබන 5 වැනිදා නැවතත් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නැයි ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානයට කර තිබූ යෝජනාව සම්බන්ධයෙන් කළ විමසීමේදී ජවිපෙ නායකයා මේ බව කීය.
ජනාධිපතිවරයාගේ යෝජනාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කරමින් 5 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන්නේ යැයි ද දිසානායක මහතා කීවේය.
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීය.
කතානායකවරයාට පාර්ලිමේන්තුවේ හඬින්, නමින්, පේලියෙන් පේලියට හා ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්ද විමසිය හැකියි. මේ අවස්ථා හතරම අපේ රටේ පාර්ලිමේන්තුවේ සිදු වී තිබෙනවා. පාර්ලිමේන්තුව වැඩකරන්නේ ස්ථාවර නියෝග හා සම්ප්‍රදායන් අනුවයි. ඒ සියල්ල ගත්තාම විශ්වාසභංග දෙකක් නිසි පරිදි සම්මත වී තිබෙනවා. විශ්වාසභංගය ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ගන්නැයි ඉල්ලීමේම තිබෙන්නේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටෙකුයි තා ටිකකුයි හෙවීමක්. මේ ප්‍රශ්නය මගහරින්න කල්අරින්න ඔහු දරණ ප්‍රයත්නයක්. එනිසා විශ්වාසභංගය පිළිබඳ ජවිපෙ ස්ථාවරය අනිද්දාට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා.
විශ්වාසභංගයක් සම්මත වූවාද නැද්ද තීරණය කිරීම පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ කාර්යභාරයක්. එනිසා ජනාධිපතිවරයා මේ අනිසි විදියට පාර්ලිමේන්තුවට ප්‍රවිශ්ටවීමට දරණ ප්‍රයත්නය අපි ප්‍රතික්ෂේප කරනවා. අනෙක් කවර දේශපාලන පක්ෂයක් ඒ නිවට තත්ත්වයට පත්වුණත් ඔහුට අවශ්‍ය පරිදි විශ්වාසභංග සකසන්නවත් සම්මත කරන්නවත් ජනතා විමුක්ති පෙරමුණ බැඳී නෑ.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විශ්වාසභංග ක්‍රමවේදය ජනපතිට තීරණය කළ නොහැකියි