IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


විදුලි සංදේශ කොමිසමේ නිලධරයන්ට අධිකරණයට එන්නැයි නොතීසී

(ඩබ්ලිව්. හියුබට් ප‍්‍රනාන්දු)
 
දුරකථන සංඥා අවහිර කිරීමේ උපකරණ ළඟ තබාගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්‍ෂණයක් සිදුකිරීමට විදුලි සංදේශ නියාමන කොමිසමට නියම කළ මීගමුව මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය මේ සම්බන්ධයෙන් කරුණු දැනුම්දීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නොතිසි නිකුත් කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව කියමින් මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ මහෙස්ත‍්‍රත්වරිය දුරකථන සංඥා අවහිර කිරීමේ උපකරණ ළඟ තබාගන්නා ලදැයි කියමින් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රීවරයා ලබන මස 4 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බාරයේ රඳවා තැබීමට නියම කළාය.

 

මෙලෙස රක්ෂිත බාරයට පත් කරන ලද්දේ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රීවරයකු වන මීගමුව පෙරියමුල්ල රහුමාන් ඛාන් පටුමඟ, ලාසරස් පාරේ පදිංචි මොහොමඞ් ෂාෆි රහීම් (47) නමැත්තෙකි.සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බාරයට පත් කර සිටින මොහොමඩ් ෂාෆි රහීම් නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.


සිද්ධියට අදාළව සිදුකළ පරීක්‍ෂණවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විදුලි සංදේශ කොමිෂන් පනත උල්ලංඝණය කරමින් විදුලි සංදේශ නියාමන කොමිසමේ නිසි අවසරයක් නොමැතිව දුරකථන සංඥා අවහිර කිරීමේ උපකරණ ළඟ තබාගන්නා ලදැයි කියමින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව දැනුම් දුන්නේය.


ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගෙන අදාළ නියෝග නිකුත් කළ අතර මෙම පැමිණිල්ල ලබන 04 වැනිදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත‍්‍රාත්වරිය සැකකරු එතෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළාය. පැමිණිල්ල වෙනුවෙන් මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ  කොස්තාපල්  
සැකකරු වෙනුවෙන් නීතීඥ ශාන්ත නිරිඇල්ල මහතා පෙනී සිටියේය.
 



අදහස් (0)

විදුලි සංදේශ කොමිසමේ නිලධරයන්ට අධිකරණයට එන්නැයි නොතීසී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1632 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site