IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


‘රාජපක්ෂ ආණ්ඩුවට බැන බැන ඉදලා වැඩක් නැහැ‘

(නිමල කොඩිතුවක්කු)
 
රාජපක්ෂ යුගයේ අත්සන් කළ ගිවිසුම්, ලබා ගත් ණය සහ රට පත්කළ ආගාධයෙන් ගොඩ ගැනීමට වත්මන් ආණ්ඩුවටම  සිදුවන බැවින් රාජපක්ෂ ආණ්ඩුවට බැන බැන සිටීමෙන් ඵලක් නොවන බව ප‍්‍රථමික කර්මාණ්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා කොළඹදී පැවසීය.
 
රාජපක්ෂවරුන් රට පරම්පරා ගණනකට ණය කර ඇති බැවින් එම ණය ගෙවීමට රජයේ කන්තෝරු පුරවා නොහැකි බවත් පැවසූ අමාත්‍යවරයා  මේ ණය චක‍්‍රයෙන් එළියට යන්නනම් රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කළ යුතු බවත් සදහන් කළේය.
 
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ අද (07)  පැවති මාධ්‍ය හමුවකදී  ඔහු මේ බව පැවැසීය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා මෙසේ ද කීවේය.
 
 ‘‘අද බොහෝ තැන්වල රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි. ලක්ෂ හතරකින් විතර දුවන්න පුලූවන් රාජ්‍ය සේවයට දැනටම ලක්ෂ 16ක් ඉන්නවා.  මහින්ද රාජපක්ෂ කන්තෝරු  ලොකු කරලා නිකරුනේ රැකියා අවස්ථා දුන්නා. අනික් පැත්තෙන් මහින්ද රාජපක්ෂ දිගට හරහට ණය ගත්තා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය බැංකුවල ඉතුරු කරපු සල්ලිත් උගසට ගත්තා.
 
එදා රට සම්පූර්ණයෙන්ම අගාධයට ගිහිල්ලා ලෝකයේ අනිත් රටවල් අපේ රට ගැන පිලිගැනීමක් නැති වුණා. මහින්ද රාජපක්ෂ  විදුලි පුටුවක් පෙනල්ලා දිනන්න බැලූවා.  රනිලූයි මෛත‍්‍රියි තමන්ව විදුලි පුටුවෙ තියන්න යනවා කියළා  මොර දුන්නා.
 
අනිත්මට අපේ ආණ්ඩුවෙන්  එතුමන්වත් විදුලි පුටුවෙන් බේරගෙන ඇමරිකාව අපේ රටට විරුද්ධව ඉදිරිපත් කරලා තියෙන පෙත්සම අපි ඉවත් කරගත්තා. අපේ රටට, රාජ්‍ය නායකයින්ට ජාත්‍යන්තරයෙන් විශාල පිළිගැනීමක් ඇති වුණා.
 
එදා රණසිංහ  පේ‍්‍රමදාස මහතා ආරම්භ කළ ඇඟලූම් කම්හල්  ව්‍යාපෘතියට නොයෙක් උදවිය නොයෙක් අවලාද කිව්වා. නමුත් අවසානයේදී  අපේ රටේ ආර්ථිකයේ  වැඩිම මුදලක් ලබා ගත්තේ ඇඟලූම් තුළින්. 
 
එදා සුද්දියන්ගේ යට ඇදුම් මහනවා කියලා අපේ ගම්වල  ඉන්න තරුණ, තරුණියන්ගේ රැකියාවේ  අභිමානය එදා නැති කළා. නමුත් යුද්ධයට ආයුධ ගන්න,   බේබිලාට නයිට් රේස් පදින්න, මේවට අවශ්‍ය ඩොලර් ටික  හොයලා දුන්නෙත් අර ගම්වල ඉන්න ඇඟලූම් කර්මාණ්ත ශාලාවල ඉන්න පිරිසයි. 

අපි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට කොච්චර බැන්නත්  වැඩක් නැහැ. ඒ උදවිය අත්සන් කළ ගිවිසුම්, ලබා ගත් ණය අපිට ගෙවන්න වෙනවා.  මේ රාජපක්ෂවරුන් අපේ රට පරම්පරා ගණනකට ණය කරලා තියෙනවා.
 
රාජපක්ෂවරුන් ගත්ත  කෙටි කාලීන ණය ඩොලර් බිලියන 5.2ක්  අපි මේ අවුරුද්දෙ ගෙවන්න තිබුණා.  දැන් වනවිට  ඩොලර් බිලියන 4ක්  අපි ගෙවලා ඉවරයි. තව ඩොලර් බිලියන 1.2ක්  දෙසැම්බර් මාසය අවසන් වෙද්දි අපි ගෙවන්න  ඕන. මේ ණය ගෙවන්න තව ණය ගන්න  ඕන. ඩෙලර් වලින් ගන්න ණයත් පොලීයත් අපි ගෙවන්න  ඕන ඩොලර් වලින්.
 
රජයේ  කන්තෝරු පුරවලා අපිට කවදාවත් පුලූවන් කමක් නැහැ මේ ණය ගෙවන්න. මේ ණය චක‍්‍රයෙන් එළියට යන්නනම් එක විසදුමයි තියෙන්නේ. ඒ සදහා අපේ රටේ නිශ්පාදනය අපි වැඩිකරන්න  ඕන. මේ නිහ්පාදන වැඩි  කිරීමේ වැඩපිලිවලක් තමයි අපේ අමාත්‍යාංශය මගින් අපි ක‍්‍රියාත්මක කරන්නේ.
 
 අනික් පැත්තෙන් සංචාරක  කර්මාන්තය තමයි අපේ රට ඉදිරියට ගෙනියන්න තියෙන  එකම මාර්ගය විදියට මම දකින්නේ.  සංචාරක කර්මාන්තයට පහුගිය දවස් වල විශාල මරු පහරක් එල්ල වුණා. රටක් හැටියට එවැනි ඛේදවාචකයකට මුහුණ  දුන්නම ආණ්ඩු පක්ෂය  විරුද්ද පක්ෂය කියලා දෙකට බෙදෙන්නේ නැතුව අපි ඔක්කොම  එකතුවෙලා මේ ප‍්‍රශ්ණයට විසදුම් සෙවිය යුතුයි.
 
 



අදහස් (0)

‘රාජපක්ෂ ආණ්ඩුවට බැන බැන ඉදලා වැඩක් නැහැ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1632 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site