IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘මාවනැල්ල බුදු පිළිම සිද්ධියේ විමර්ශන වලට බලපෑම් කළේ නෑ‘‘

(දසුන් රාජපක්ෂ)
 
මාවනැල්ලේ දී බුදු පිළිමවලට හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට තමා කිසිඳු අවස්ථාවක බලපෑම් එල්ල නොකළ බව ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද (14) පැවසීය.

 
මෙම සිද්ධියට සම්බන්ධ  පුද්ගලයන්  අත් අඩංගුවට  ගැනීමට අසමත් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති  පාලිත සිරිවර්ධන මහතා ඔහුගේ  නොහැකියාව  වසා ගැනීම සඳහා තමා එම විමර්ශනවලට මැදිහත් වූ බව පවසන්නේ යැයි නාවලදී අද  (14) කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී  අසාද් සාලි මහතා පවසා සිටියේය.
 
මෙම බුදු පිළිම කැඩීමේ සිද්ධිය මුල් කර ගනිමින් රට තුළ ඇති වීමට ගිය කෝලාහාලය නවත්වා ජනතාව සන්සුන් කිරීමට එදා තමා කටයුතු කළ බව ද අසාද් සාලි මහතා සඳහන් කළේ ය.
 
ජාතීන් අතර කෝලාහලයක් ඇතිවීම වැළැක්වීමේ  අරමුණින් තමා 2018 දෙසැම්බර් 16 හෝ ඊට ආසන්න දිනක හිටපු පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සමඟ බුදු පිළිම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සැඟවී සිටි ස්ථානය හෙළිකිරීමට කැමතිව සිටි ඔවුන්ගේ පියා ආරක්ෂක අංශ වෙත හඳුන්වාදීමට මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කර විමර්ශනවලට සහය දැක්වූ  බව ඒ මහතා කීය.
සිංහලයන් අතර අසාද් සාලි පිළිබඳව ජාතිවාදී අදහස් පතුරුවා ඉන් දේශපාලන වාසි ලබා ගෙන  එළඹෙන මහ මැතිවරණයේදී  පාලිත සිරිවර්ධන මහතා පොහොට්ටුව ලකුණින් තරඟ වැදීමට සූදානමක් පවතින බව ද අසාද් සාලි මහතා වැඩි දුරටත් කියා සිටියේය.
 
එමෙන්ම තමා ජාතිවාදී ස්ථාවරයක සිටින බව හුවා දැක්වෙන අසත්‍ය ප්‍රචාර සිදු කරන මාධ්‍ය ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා බව හෙතෙම  ඒ මහතා සඳහන් කළේය.



අදහස් (0)

‘මාවනැල්ල බුදු පිළිම සිද්ධියේ විමර්ශන වලට බලපෑම් කළේ නෑ‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site