(බිඟුන් මේනක ගමගේ සහ නිමල කොඩිතුවක්කු)
පාසල් වෑන් රථ නියමනයට වැඩපිළිවෙළක් සකස් කරන්නේ යැයි ප්‍රවාහන රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
පාසල් වෑන් රථ ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශයට දැනට කිසිදු නියාමන බලයක් නොමැති බව ඇමැතිවරයා අවධාරණය කළේය.
ඒ අනුව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කොමිසමක් බවට පරිවර්තනය කරන්නේ යැයි කී හෙතෙම ඊට අදාළ පනත් කෙටුම්පත සකස් කර නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇතැයි ද කීවේය.
දැනට පෞද්ගලික පාසල් වෑන් රථ හා බස් රථ 45 000 ක් පමණ ප්‍රවාහන කටයුතුවල නිරත වී සිටින්නේ යැයි අමාත්‍ය අබේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ආරක්ෂක තත්ත්වය හේතුවෙන් පාසල් ප්‍රවාහන සේවා පසුගිය අප්‍රේල් 21 වැනිදායින් පසුව මුළුමනින් ක්‍රියාත්මක නොවුණ ද අප්‍රේල් හා මැයි යන මාස දෙකේම සම්පූර්ණ මාසික ගාස්තුව අයකිරීමට එම සේවා සංගම් තීරණය කර ඇතැයි ගුරු සංගම් හා මවුපියවරු පසුගියදා චෝදනා කළහ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසුවේ ප්‍රවාහන හා අධ්‍යාපන අමාත්‍යංශවල වගකීම් විරහිතභාවය නිසා පාසල් ප්‍රවාහන සේවය මාෆියාවක් බවට පත්ව ඇති බවය.
2025 ඔක්තෝබර් මස 08
1632
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාසල් ප්‍රවාහන සේවා නියාමනයට