IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


‘පරිණත නායකත්වයක් තුළින් මහමැතිවරණය ජය ගන්න සැළසුම් කරනවා‘

(නිමල කොඩිතුවක්කු)
 
පරිණත  නායකත්වයක් තුළින් සියලූ දෙනා  ඒකරාශී කරගනිමින් ශක්තිමත් බලවේගයක් ලෙස ඉදිරි මහමැතිවරණය ජයග‍්‍රහණය කිරිමට සැලසුම් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර  අබේවර්ධන මහතා පැවැසීය.
 
ජනාධිපතිවරණයේ ප‍්‍රථිඵල වලට වඩා මහමැතිවරණයේ ප‍්‍රථිඵල වෙනස් විය හැකි බවත් පෙන්වා දුන් අබේවර්ධන මහතා පරේලිමේන්තුවේ කතානායකවරයාට පහරදුන්, මිරිස් කුඩු ගැසූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව කටයුතු කළ පුද්ගලවයන් සම්බන්ධයෙන් මහජනතාව තීන්දුවක් ගනු ඇතැයිද සදහන් කළේය.
 
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(11)  පැවති   මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර  අබේවර්ධන මහතා මෙසේද කීය.
 
‘‘ජනාධිපතිවරණයෙන් පසුව පක්ෂයක් විදියට අපි ඉදිරි මහමැතිවරණය සදහා මුහුණ  දිය යුතුව තිබෙනවා.  ඒ සඳහා   අපි විසින් ගත යුතු තීන්දු කිහිපයක් තිබනවා.
 
ඉදිරි මහමැතිවරණයේදී  19 වන  සංශෝධනය අනුව  කටයුතු කිරීමට අපිට සිදුවෙනවා. ඒ අනුව මාර්තු මාසයෙන් පසුසේ මහමැතිවරණයනක් පැවැත්වීමේ  බලය ජනාධිපතිතුමන්ට හිමිවෙනවා.  ඒ අනුව අපෙන් සිදුවූ වැරදි  අඩුපාඩු මග හැරගනිමින් ශක්තිමත් කණ්ඩායමක් ලෙස ඉදිරි මහමරුතිවරණයට අපි පක්ෂයක් ලෙස මුහුන දිය යුතුයි.
 
 
ඉදිරි මහමැතිවරණයට අපි  පොදු සන්ධානයක් විදියට තරඟ කිරීම සම්බන්ධයෙන් ක‍්‍රියා කරමින් සිටිනවා.  මේ සදහා සියලූ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වලට අපි විවෘත ආරාධනාවක් කරනවා. ඒ අනුව  සියලූ දේශපාලන පක්ෂ  සහ කණ්ඩායම් එක තැනකට ගෙනත්  එකම සලකුණක් යටතේ  ශ්‍රී ලංකික අනන්‍යතාවය මුල් කරගත් දේශපාලන  පක්ෂයක් ලෙස  මුළු රටේම මේ සටන මෙහෙයවිමට අපි කටයුතු කරනවා.
 
ජනාධිපතිවරණයේදී කුමණ  ප‍්‍රථිඵලයක් ලැබුනත් මහ මැතිවරණයකදී ඡන්ද භාවිතා වන විදිය සහ ඉන් ලැබෙන ප‍්‍රථිඵල වෙනස් වෙනවා. ඒ නිසා  අපි සියලූ දෙනා එකමුතුව තරඟ කලොත්  අපිට ජයග‍්‍රහණය කළ හැකියි.
2015 පැවති මහමැතිවරණයෙන් අපි එකම සලකුණක් යටතේ මන්ත‍්‍රී ආසන 107ක් ලබාගත්තා. අනිකුත්  මන්ත‍්‍රී ආසනත් එකතු කරහම එකසීය තිසි ගණනක සහයෝගය අපිට හිමිවුණා. 
 
එක ඡුන්දෙක ප‍්‍රථිඵල අනුව විහාල කඩාවැටීමක් කියලා බොහෝ අය  හිතෙනවා. පළාත් පාළන ඡන්දෙදි අපි රජයක් විදියට මුළු ලංකාවේම  පසුබෑමට ලක්වුණා. එම අවස්තාවේදී පළාත් පාලන ඡන්දය අපි පරාජය වුණ නිසා ආණ්ඩුවත් බාර දෙන්න  ඕන කියලා  එහෙම ක‍්‍රමයක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදුවිය යුතු නැහැ.
 
 
මේ පාර්ලිමේන්තු දින 52 ආණ්ඩුවේදී කතානායකවරයා සහ  අපේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු  කරපු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය  දිහා බලපුවහම මහජනයා ගෙන ඇති තීන්දු දිහා බලපුහවම අපිට පුදුම හිතෙනවා.
 
මේ ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ඉදරි  මහමැතිවරණයේදී සම්පූර්නයෙන්ම වෙනස් වෙන්න පුලූවන්.  පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ එක් අපේක්ෂකයෙකු  නෙමෙයි විවිධ අපේක්ෂකයන්  සිටිනවා.  කතානායකතුමන්ට පහර දීපු එය  එතුමන්ගේ පුටු කඩපු අය,  මිරිස්කුඩු ගහපු අය තවදුරටත් පාර්ලිමේන්තුව නියෝජනය  කළ යුතුද  නැත්ද කියන තීන්දුව ජනතාව ගත යුතුව තිබෙනවා.
 
අපේල් 21 ප‍්‍රහාරයට පෙර  රජයක් විදියට අපි ඉතාම ශක්තිමත් ස්ථානයක සිටියා. අපේල් 21 සිදුවූ සිද්දියෙන් රජය සහ අපේ වැඩපිළිවල  ඉතාම කණගාටු දායක  තැනකට ඇද දම්මා. ඒ ක‍්‍රියාවලිය තුළ තමයි මේ ජනාධිපතිවරණය ඉදිරියට ගියේ.
 
ඞී. එස් සේනානායක මහතා අපේ පක්ෂය ආරම්භ කරලා අපේ පක්ෂය තුළ  දෙදිරීමක් ඇතිවෙනවා. 1952 දී  බණ්ඩාරනායක මහතා බෞද්ධ මහා සම්මේලනය වෙනම රැස්වෙලා වෙනම වාර්ථාවක් සකස් කළා. ඒ අනුව 1957  වනවිට පංච මහා බලවේගය හදලා සිංහල බෞද්ධ බලවේගය එක්සත්  ජාතික පක්ෂයෙන් වෙන් කරලා බණ්්ඩාරනායක  මහතා බලය ලබා ගන්නවා.
 
 
ඊටත් එහා ගියා අවස්ථාවක් විදියට පහුගිය ජනාධිපතිවරණය  අපිට හදුන්වන්න පුලූවන්. සාධාරණද යුක්ති සහගතද කියන්න අපිට අමාරුයි. එළාර දුටුගැමුණු  යුද්ධයට එහා ගිය බලවේගයක් ඇතිවුණා. 
 
 
2016, 2017 වනවිට  අපේ බෞද්ධ මහා සම්මේලනය තුළත් බෙදීමක් ඇතිවෙනවා. ඒ අනුව බෞද්ධ මහා සම්මේලනය සෑම දිස්ත‍්‍රික්කයකටම ගිහින්  තොරතුරු ඒකරාශී කරගනිමින් වාර්තාවක් සකස් කරලා තියෙනවා. ඒ වාර්තාව  අපි මේ දිනවල අධ්‍ය්‍යනය  කරමින් සිටිනවා.
 
1952 හදපු වාර්ථාවත් මේ වාර්ථාවත් අතරේ ලොකු වෙනසක් නැහැ. ඒ නිසා අපි  පරිස්සමින් මේ ජයග‍්‍රහණය දිහා බැලිය යුතුව තිබෙනවා.  මේ ජයග‍්‍රහණයේ ප‍්‍රථිවිපාක අනාගතයේ දරුවන්ට විදවන්න වෙනවා.
 
අපි ජාතිවාදී, ආගම්වාදී ලෙස  කි‍්‍රියාකරන පක්ෂයක් නෙමෙයි. අපි  සිංහල,  බෞද්ධ අනන්‍යතතාවයට මුල් තැන දුන් දේශපාලන පක්ෂයක්. මේ ජනාධිපතිවරණයේදී සිදුව තිබෙන  බරපතල ඛේදවාචකයෙන් රටක් මුදවාගෙන පාර්ලිමේන්තු  මැතිවරණයෙන් රට ඉදිරියට ගෙන යන ආකාරය පිළිබද අපි බැලිය යුතුව තිබෙනවා.
 
ඒ සදහා පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගත යුතු වෙනවා. ඒ වෙනුවෙන්  එකම ලාංඡනයක් එකම කණ්ඩායමක් විදියට අපි කටයුතු කරන්න සූදානම්’’  යැයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (0)

‘පරිණත නායකත්වයක් තුළින් මහමැතිවරණය ජය ගන්න සැළසුම් කරනවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 271 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 758 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site