අංජුල මහික වීරරත්න
ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලාගෙන ජනබල මෙහෙයුමෙන් ලබන සඳුදා (17) කොළඹට එන ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන තුරු නැවත ගම් රටවලට නොයන බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ජනබල මෙහෙයුමෙන් ලක්ෂ ගණනින් කොළඹට එන ජනතාව ඔක්තෝබර 26 වැනිදාට පෙර තිබූ තත්ත්වයට නැවත රට පත්කරන තුරු කොළඹින් නොයන බව කී හරීන් ප්‍රනාන්දු මහතා ජනබල මෙහෙයුම යනු නොනවතින අරගලයක් බවද කීය.
ජනාධිපති සිරිසේන මහතා හැසිරෙන ආකාරය දිගින් දිගටම අත්තනෝමතික ඒකාධිපති ස්වරූපකට පරිවර්තනය වී ඇති හෙයින් නැති පුද්ගලයකුට රට වනසන්නට ඉඩ දෙන්නට හැකියාවක් නැති බව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු රටවැසියන්ගේ අදහස වී තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කොළඹට එන රටේ ලක්ෂ ගණනක් වන බහුතර ජනතාව ජනාධිපතිවරයා උත්තර දෙන තුරු නැවත ගම්බිම් බලා නොයනු ඇතැයි ද හරීන් ප්‍රනාන්දු මහතා කීය.
එක්සත් ජාතික පෙරමුණට අමතරව පක්ෂ පාට නැති ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය නම් වූ පොදු අරමුණ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ම පෙළ ගැසී සිටින බව කී හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයා රටේ බහුතර ජනතාවකට උත්තර බැඳීමට සූදානම් වී සිටිනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද පැවසීය.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන තුරු ජනබල මෙහෙයුමට එන ජනතාව යන්නේ නෑ’