(නිමල කොඩිතුවක්කු)
ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු සියලූ පක්ෂ සහ සිවිල් සංවිධාන වල එකමුතුභාවයේ ශක්තියෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කේන්ද්‍ර දුෂ්කරගත් ගමනක රට මෙහෙයවන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා කොළඹදී පැවැසීය.
මාතෘභූමියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංවර්ධනය, සෞභාග්‍යය, සමාජ සාධාරණත්වය, යුක්තිය ස්ථාපනය කරමින් බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබාදෙමින් අනෙකුත් ආගම්, ජාතීන් ආරක්ෂා කරමින් මාතෘ භූමිය ජයග‍්‍රහණය කරා මෙහෙයවන බවත් සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කළේය.
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළකරමින් දේශපාලන පක්ෂෂ 30ක් සහ සිවිල් සංවිධාන 28ක් සමග කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී ගිවිසුම් අත්සන් කිරිමේ අවස්ථාවට අද(01 එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරතුංග මැතිණිය, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන තමන් රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවලේ කොටස් කරුවන් බවට පත් කරගන්නා බවත් සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කළේය.
මෙම ගමන තුළ කෘතහස්ත රාජ්‍ය පාලනයක් ක‍්‍රියාත්මක කිරීමට කැපවෙන බවත් පැවසූ සජිත් පේ‍්‍රමදාස මහතා රට සීඝ‍්‍ර ආර්ථික, සංවර්ධනයකට යොමු කරමින් එහි ප‍්‍රතිලාභ ජන සමාජයේ සියලූම ස්ථරයන් වලට සාධාරනව බෙදී යාමට කටයුතු කරන බවත් සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
787
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්රජාතන්ත්රවාදය කේන්ද්‍ර කරගත් ගමනකට රට මෙහෙයවනවා