IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ දේශපාලන බල අරගලයට ආණ්ඩුවේ ස්වාධීන නිලධාරීන් සම්බන්ධ කර ගන්න එපා ‘



 ( විනීතා එම් ගමගේ) 


දේශපාලන බල අරගලයට ආණ්ඩුවේ ස්වාධීන නිලධාරින් සම්බන්ධ කර නොගන්නැයි පාඨලී චම්පික රණවක මහතාගෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කරන බව පිවිතුරු හෙළ උරුමය නායක, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.


වැය ශීර්ෂ අනුව මුදල් වියදම් කිරීම පිළිබඳව අමාත්‍යංශ ලේකම්වරුන්ට  දඬුවම් කරන බවට තර්ජනය කරන බවත් ලේකම්වරුන් සාතිශය බහුතරය ආණ්ඩුවේ නිලධාරින්,  පරිපාලන සේවයේ සැලසුම් සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරින් මිස දේශපාලන පත්වීම් නොවන බවත් එක්සත් ජාතික පක්ෂය වටහා ගත යුතු යැයි පැවසූ ගම්මන්පිල මහතා එජාප ආණ්ඩු යටතේත් වැඩ කළ නිලධාරින් වන ඔවුන් තම ආණ්ඩුව සමගත් වැඩ කරන බවත් අනාගතයේ එන ආණ්ඩු සමගත් වැඩ කරනවා මිස ඔවුන්ට දේශපාලනයක් නැතැයි වටහා ගතයුතු බව ද කියා සිටියේය. 


අමාත්‍යාංශ ලේකම්වරුන් වියදම් කරන්නේ  2017 අංක 30 දරණ විසර්ජන පනතෙන් ඒ ඒ අමාත්‍යාංශයට මුදල් වෙන් කර දී ඇති බැවින් යැයි ද, එම මුදල් අත්හිටුවිමට හෝ කපා හැරීමට අවශ්‍ය නම් පනතට සංශෝධනයක් ගෙන ආ යුතු බවත්  වටහා ගත යුතු යැයි ද හෙතෙම පැවසීය.  


නොදන්නාකමට නීතිමය වලංගු භාවයක් නැති යෝජනාවක් සම්මත කර නීතිය දන්නා නිලධාරින් ඒ අනුව කටයුතු නොකලාම ඔවුන්ට තර්ජනය කරන එක හරි දැයි ගම්මන්පිල මහතා ප‍්‍රශ්න කළේය. 


 එක්නැලිගොඩ වගේ අතුරුදහන් කරනවා නොකියා සුකීට මෙන් කරන්ට් අල්ලනවා නොකියා සංදීප්ට වගේ හප්පලා සදාකාලික ආබාධිත කරනවා නොකියා මාරසිංහට වගේ මැර ප‍්‍රහාර එල්ල කරනවා නොකියා පාර්ලිමේන්තුවේ දී දඬුවම් කරනවා කියපු එක ගැන තමන් සතුටු වන්නේ යැයි කී පිවිතුරු හෙළ උරුමය නායකයා මේ තර්ජනය කරන්නේ ආණ්ඩුවේ ඉහළම නිලධාරින්ට බව අමතක නොකළ යුතු යැයි සඳහන් කළේය.


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තිය අනුව මුදල් සම්බන්ධ යෝජනාවක් ගෙන ආ හැක්කේ ඇමතිවරුන්ට පමණක් යැයි පැවසූ  ගම්මන්පිල මහතා එකී යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත්තේ ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තාට පසුව යැයි ද විරුද්ධ පක්ෂයේ වාඩි වී මුදල් සම්බන්ධ යෝජනාවක් ගෙන එන්නට නොහැකි යැයි ද කියා සිටියේය.   


රනිල් වික‍්‍රමසිංහ මහතාට විශ්වාසය පල කරමිනස් අද යෝජනාවක් සම්මත කරන්නට නියමිත බවත් ඒ යෝජනාව සම්මත කළාට පසු ඊට සහය පල කළ මන්ත‍්‍රිවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරීමටත් නියමිත බවත් එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව සැල වන බව පැවසූ ගම්මන්පිල මහතා නඩුවෙන් ඉල්ලා සිටින්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරන මෙන් උසාවි නියෝගයක් ලබා දෙන ලෙස යැයි ද එම ආරංචිවල සඳහන් වන්නේ යැයි ද කියා සිටියේය. 


උසාවිය එහෙම නියෝගයක් ලබා දෙන්න අගමැති ධූරයේ පුරප්පාඩුවක් තිබිය යුතු බව පෙන්වා දුන් උදය ගම්මන්පිල මහතා දැනට අගමැති තනතුරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා සිටින බවත් අභියාචනාධිකරණය ප‍්‍රකාශ කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ලෙස කටයුතු කිරීම වලක්වන බව පමණක් යැයි ද කියා සිටියේය.


එසේ නැතිව  රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර නැතැයි ද තනතුර අහිමි වුණු බවට හෝ ප‍්‍රකාශ කර නැතැයි ද කී පිවිතුරු හෙළ උරුමය නායකයා  එසේ කළ හැක්කේ නඩුව අසා අවසන් වීමෙන් පසුව පමණක් යැයි ද පැවසීය.  
 



අදහස් (0)

‘ දේශපාලන බල අරගලයට ආණ්ඩුවේ ස්වාධීන නිලධාරීන් සම්බන්ධ කර ගන්න එපා ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site