ගුවන් හමුදා සේවයේ නියුතු සහ ගුවන් හමුදා සිවිල් සේවයේ නියුතු නිලධාරීන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පැවැති අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
5 ශ්‍රේණියේ සිට අපොස උසස්පෙළ අධ්‍යාපනය සඳහා විශේෂ දක්ෂතා දැරූ දරුවන් 200 දෙනකුගෙන් තෝරාගත් දරු දැරියන් 46 දෙනකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරුණු අතර , 2017 වසරේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගයේදී සියලුම විෂයන් සඳහා විශිෂ්ඨ සම්මාන සාමාර්ථ ලබාගත් දරු දැරියන් 22 දෙනකු හට මුදල් ත්‍යාග පිරිනැමීය මෙහිදී සිදු කෙරිණි.
ගුවන් හමුදාපති ඒයාර් මාෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැති අතර ගුවන් හමුදා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයමිපති මහත්මියගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මක කෙරිණි.
ගුවන් හමුදා වනිතා ඒකකය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
(36698)




2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුවන් හමුදා නිලධාරීන්ගේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානයක්