IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


‘කලාකරුවන් මර්දනය වැළැක්වීමට වගකිව යුතු පිරිස් මැදිහත් නොවීම ගැටළුවක්‘

(නිමල කොඩිතුවක්කු)

කලාකරුවන් සහ ඔවුන්ගේ ප‍්‍රකාශන ඉලක්ක කරමින් විශාල මර්දනයක් ක‍්‍රියාත්මක වන බවත් රජය සහ වගකිව යුතු පිරිස් එයට මැදිහත් නොවිම ගැටලූවක් බවත් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ සම  කැදවුම්කරු මහාචාර්ය චන්ද්‍රප්ත තේනුවර මහතා කොළඹදී  පැවැසීය.
 
කලාකරුවන්ට සහ  මාධ්‍යයට ඇති නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් සියලූ දෙනා පෙළ ගැසිය යුතු බවත් ඔහු එහිදී සදහන් කළේය.
 
සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව රාජගිරිය පිහිටි  පිහිටි සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරයේ කාර්්‍යාලයේ අද(21)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.
 
සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ සම  කැදවුම්කරු මහාචාර්ය චන්දු‍්‍රගුප්ත තේනුවර මහතා එහිදී මෙසේද කීය.  
 
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට මාස තුනක් ගතවෙනවා. ඒ වගේම කලූ ජූලියට වසර 35ක් සම්පූර්ණ වෙනවා. මෙවැනි ව්‍යසන දෙකකට මුහුන දුන්නු රටක් වෙලත් ඇතැම් පිරිස් තවදුරටත් ජාතිවාදය ආගම්වාදය වපුරවමින් සිටිනවා. මේ පිරිස් පවතින රජය පෙරලන්න මෙන්ම අලූත් ආණ්ඩු පිහිටුවන්නත් ජාතිවාදය, ඇගම්වාදය  පතුරවමින් සිටිනවා.
 
 
අද කලාකරුවන් සහ ඔවුන්ගේ ප‍්‍රකාශන ඉලක්ක කරමින් විශාල මර්ධනයක් ක‍්‍රියාත්මක වෙනවා. මෙයට පෙර මේ මර්ධනය ක‍්‍රියාත්මක කලේ පසුගිය රජය සමයේයිද දැන් රාජ්‍ය මට්ටමෙන් වෙනුවට විවිධ පිරිස්  කලාකරුවන්ට වෛරී ප‍්‍රකාශන සිදුකළා යැයි අභූත චෝදනා  නගමින් විශාල මර්ධනයක් සිදු කරමින් යනවා.
 
කලාකරුවන්ටත් නිදහසක් තිබෙනවා. මාධ්‍යයටත් ඒ වගකීම තිබෙනවා. මේ මර්ධනය හමුවේ රාජ්‍යය නිහඩව සිටිමත් ගැටලූවක් වනවා. ජනාධිපතිවරයා විවිධ වැරදි කරපු අයට ජනාධිපති සමාව දෙනවා.  හැබැයි එතුමා ශක්තික සත්කුමාරට සමාව දීමට කටයුතු කරලා නැහැ. ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් සිවිල් සංවිධාන විදියට අපි ඉල්ලා සිටිනවා යැයිද ඔහු එහිදි පැවැසීය.



අදහස් (0)

‘කලාකරුවන් මර්දනය වැළැක්වීමට වගකිව යුතු පිරිස් මැදිහත් නොවීම ගැටළුවක්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1632 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site