IMG-LOGO

එල්.ටී.ටී.ඊ යට - සහරාන්ලාට රාජපක්ෂ යුගයේදී වැටුප් ගෙවලා

(නිමල කොඩිතුවක්කු)

ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළින් කතා කරන රාජපක්ෂ යුගයේදී සහරාන්ලාට මෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානයේ  ඔත්තු සේවයටත් වැටුප් ගෙවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

එලෙස මුදල් ගෙවා නැති බවට හැකිනම් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කර පෙන්වන්නැයි මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින බවත් රහුමාන් මහතා සඳහන් කළේය.

අමාත්‍ය මංගල සමරවිර මහතාගේ කොළඹ පිහිටි නිවසේදී අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේද කීය.

         ‘‘මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ආරක්ෂාව කියන කාරණාවට සියලුම අපේක්ෂකයන්ගේ අවධානය යොමුවී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව කටයුතු කරද්දි සහරාන් ඇතුලු අන්තවාදී කණ්ඩායම් වලට වැටුප් ගෙවලා තියෙනවා කියලා හෙළි වුණා. අද වනතෙක් මහින්ද රාජපක්ෂවත්, ගෝඨාභය රාජපක්ෂවත් මේ චෝදනාව ප‍්‍රතික්ෂේප කරලා නැහැ.

පසුගියදා පෞද්ගලික රූපවාහිනී ආයතනයක පැවති  විවාදයකට මමත් නලීන් බණ්ඩාරත් සහභාගි වුණා. විපක්ෂය වෙනුවෙන් ඒ සඳහා ඩී. වී චානක සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මන්ත‍්‍රීවරුන් සහභාගී වුණා. මෙතනදි අපි මේ කාරණාව මතු කරද්දි කෙහිළිය රඹුක්වැල්ල මහතා ප‍්‍රකාශ කළා සහරාන්ලට විතරක් නෙමෙයි අපි පොට්ටු අම්මාන්ටත් වැටුප් ගෙවලා තියෙනවා කියලා එතුමන් කිව්වා.

පොට්ටු අම්මාන් තමයි එල්.ටී.ටී. ඊ සංවිධානයේ හිටපු බුද්ධි ප‍්‍රධානියා. ඔහු  සහරාන් වගේ දහගුණයක් වැඩ කරලා තියෙනවා. කෙහෙළිය කරපු මේ ප‍්‍රකාශය ඉතාම  බරපතල ප‍්‍රකාශයක්. දැන් මාධ්‍ය වලට ඇවිත් බයිලා කියලා වැඩක් නැහැ.

මේ රටේ රාජ්‍ය  නායකයන් ඝාතනය කරන්න, හමුදාපතිවරුන්, බුදධි  අංශ නිලධාරීන් ඝාතනය කරන්න එල්.ටී.ටී.ඊ සංවිධානයේ  ඔත්තු සේවයටත් මේ අය වැටුප් ගෙවලා තියෙනවා. අන්තවාදය, ජාතිවාදය වපුරන්න මේ අය මුදල් වියදම් කළා කියන එක දැන් පැහැදිලියි.

මේ ප‍්‍රකාශය කරන්නේ සුලූපටු කෙනෙක් නෙමෙයි. මේ ප‍්‍රකාශය කරන්නේ පොහොට්ටුවේ මාධ්‍ය ප‍්‍රකාශකයි. ඒ නිසා මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මේ ගැන පැහැදිලි ප‍්‍රකාශයක් කළ යුතුයි’’ යැයිද ඔහු එහිදි වැඩිදුරටත් පැවැසීය.

 



අදහස් (0)

එල්.ටී.ටී.ඊ යට - සහරාන්ලාට රාජපක්ෂ යුගයේදී වැටුප් ගෙවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 308 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 794 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site