IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


උත්සව සමයේදී සාධාරණ මිලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්න ජනතාවට අවස්ථාව සලසන්න

(නිමල කොඩිතුවක්කු)

එළැඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව සාධාරණ මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව සලසන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වලට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ උත්සව සමයේ ජිවන වියදම් පිලිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පැවති සාකච්ඡාවකදීය.

වෙළඳපොළ තුළ අසාධාරණ ලෙස මිල වැඩිවීම්වලට  ඉඩ නොතබා මිල නියාමනයක් සිදුකරමින් නිරන්තරයෙන් වෙළඳපොළ පිලිබඳව අවධානයෙන් පසුවන ලෙසත් දැනුම් දුන් ජනාධිපතිවරයා වෙළඳ පොළ මිල දර්ශක පිලිබඳ නිරන්තරයෙන් පාරිභෝගික ජනතාව දැනුවත් කරන ලෙසටද උපදෙස් ලබා දී තිබේ.

එළැඹෙන උත්සව සමයේ සතොස හරහා සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය  ලබාදීම මෙන්ම තෙල් මිල අඩුවීමේ ප‍්‍රතිලාභ වක‍්‍රකාරව පාරිභෝගිකයා වෙත ලබාදීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මුදල් අමාත්‍යාංහ ලේකම් එස්. ආර්.ආටිගල යන මහත්වරුන් සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් ඇතුලු පිරිසක් මේ සඳහා එක්වූහ.

 



අදහස් (0)

උත්සව සමයේදී සාධාරණ මිලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්න ජනතාවට අවස්ථාව සලසන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 440 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16887 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site