IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ආණ්ඩුව නැහැ කිව්වට ව්‍යවස්ථා කෙටුම්පතක් තිබෙනවා‘

(විනීතා එම් ගමගේ)

ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කර නොමැති බව ආණ්ඩුව නැවත නැවත කියන නමුත් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ව්‍යවස්ථා සභාව නමැති පිටුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පළ කර ඇතැයි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අංශාධිපති නීතිඥ රාජා ගුණරත්න මහතා ප‍්‍රකාශ කළේය. 

පූර්විකාවක් සහිත පරිච්ජේද  22 කින් යුත් එම කෙටුම්පත රහසිගත බවත් ප‍්‍රචාරණයට නොවන බවත් ඉහළින්ම සහන් කර ඇතත් සාකච්ඡා  සඳහා යැයි කියමින් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කර ඇතැයි ද හෙතෙම කියා සිටියේය. 

එසේ  වුවත් ව්‍යවස්ථාවක් වෙනුවෙන්  කිසිදු  කෙටුම්පතක්  පිළියෙල  කර නැතැයි රජයේ  බලධාරින් දිගින් දිගටම වේදිකාවල කියා සිටින බව ද ගුණරත්න මහතා කීය.

මේ වනවිට රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බවත් ඊටත් වඩා බරපතල අන්දමින් ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ස්ථාවර භාවය ව්‍යවස්ථා අර්බුදය හා අනාගතය ගැන අවිනිශ්චිත භාවය පිළිබඳ ප‍්‍රශ්නයකට මුහුණ දී ඇතැයි ද ඔහු කියා සිටියේය. 

පුරවැසියන්ගේ ජීවිත පිළිබඳ  සියල්ල තීන්දු වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව බවත් එය මූලික නෛතික ප‍්‍රතිපත්ති රාමුවක තිබිය යුතු බවත් කී ගුණරත්න මහතා ඒ පිළිබඳ  විමසීමට හා ක‍්‍රියාකිරීමට පුරවැසියන්ට සුජාත  අයිතියක් ඇතැයි ද කියා සිටියේය. 

1978 දී ජේ ආර් ජයවර්ධන මහතා ගෙන ආ වත්මන් ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ අවස්ථා 19 න් භයානකම සංශෝධන දෙක 13 හා 19 යැයි  පැවසූ ගුණරත්න මහතා රටේ මේ වනවිට යම් ආර්ථික ශක්තියක් ඉතිරිවී ඇත්නම් එය ද විනාශ වන අන්දමට 20 වන සංශෝධනය හෝ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම වත්මන් රජයේ අරමුණු අතර වන්නේ යැයි ද සඳහන් කළේය. 


19 වනන සංශෝධනයේ දී විධායකයේ බලය අඩු කරන මුවාවෙන් කරන ලද්දේ අධිරාජ්‍යවාදී බෙදුම්වාදී ත‍්‍රෂ්ත බලවේගවලට උවමනාවට බෙදුණු රටක් සඳහා සැලසුම් හැදීම යැයි ද හෙතෙම ප‍්‍රකාශ කළේය. 

2015 දි ජනතාව අලූත් ව්‍යවස්ථාවක් ගෙන එන්නට  කිසිදු බලයක් හෝ කැමැත්තක් වත්මන් ආණ්ඩුවට දුන්නේ නැතැයි ද ඔහු කියාසිටියේය. 

සුමන්තිරන් මන්ත‍්‍රීවරයා දෙමළ මාධ්‍යවේදින් හමුවේ ඔට්ටරචෛ නම භාවිතා නොකරන ලෙසටත් ඔරුමිත්තනාඩු පමණක් භාවිතා කරන ලෙසටත් උපදෙස් දී ඇතැයි පැවසූ ගුණරත්න මහතා මොවුන් ජාත්‍යන්තර කොල්ලකරුවන්ගේ කෙළිබිමක් බවට මේ රට පත්කරමින් සිටින බව ද කියා සිටියේය.

විවෘත විශ්ව විද්‍යාලයේ නීති අංශයේ අංශාධිපතිවරයා මේ අදහස් පළ කළේ වියත්මග සංවිධානය මෙහෙය වූ මාධ්‍ය හමුවක දීය. 


ඇතුල්කෝට්ටේ පිහිටි වියත්මග කාර්යාලයේ දී නීති විද්‍යාලයේ හිටපු විදුහල්පති ආචාර්ය ඞී ඩබ්ලිව් රොද්‍රිගු මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම මාධ්‍ය හමුවේ දී ගෝලිය ශ්‍රී ලංකා සංසදයේ විධායක අධ්‍යක්ෂ ශ්‍යාමේන්ද්‍ර වන්නිආරච්චි, ජ්‍යෙශ්ඨ නීතිඥ මහේෂ් කටුලන්ද, ගාල්ල විද්වත් එකමුතුවේ සභාපති ලලිත් යූ ගමගේ යන මහත්වරු ද සහභාගී වුහ.  



අදහස් (0)

‘ආණ්ඩුව නැහැ කිව්වට ව්‍යවස්ථා කෙටුම්පතක් තිබෙනවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16881 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site