අලහේන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය
දෙවරක්ම හිරේ ගොස් අනේක වධ බන්ධනයන්ට යටත් වී දුක් පීඩා වින්ද ද මේ නවකතාවේ ප‍්‍රධාන චරිතය වන අලහේන්ද්‍රෝ මයිතා ඒ ගැන පසු තැවෙන්නේ නොවේ:
"මේකට පටලැවිච්චි එක ගැන කවදාවත් පසුතැවිල්ලක් ඇති වුණේ නැද්ද මම විමසමි. ‘මේ වෙච්ච දේවල් ගැන හිරේ ඉන්දැද්දි හිතන්න ඇතිනේ.’
'සිද්ධ වෙච්ච දේවල් ගැන පසු තැවෙන එක කතෝලිකයින්ගෙ වැඩක්. මං කතෝලිකයෙක් වීම අතෑරලා දැන් හුඟක් කල්. විප්ලවවාදියෝ පසු තැවෙන්නේ නෑ. ස්වයං විවේචනය කර ගන්නවා මිසක්. ඒ දෙක එකක් නෙවෙයි.’ ”
'ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් බැලුවහම මේක ඇවිල්ලා විපත්ති දෙකෙන් අඩු විපත්තිය බව හරි. ඒ අතින් ගත්තහම හොඳ තේරීමක්' මයිතා කීවේය. හැබැයි මේ කාලකණ්ණි ගුබ්බෑයම් ජීවිතේ නිසා ඒ මිනිස්සුන්ගේ විප්ලවීය පන්නරය මෝරයි කියලා හිතුවොත් ඒක වැරදියි. මේ ඇවිල්ලා නිර්ධනයන් නෙවෙයි. ලුම්පන් නැත්නම් නන්නත්තාර මිනිස්සු කියලා කියන්න පුළුවන්. ඒගොල්ලන්ට පන්ති විඥානයක් නෑ. මොකද පන්තියක් නොවුන නිසා.
පන්ති සටන කියන්නේ මොකක් ද කියලා වත් ඒ මිනිස්සුන්ට තේරුමක් නෑ'
'එහෙනම් ඒ මිනිස්සුත් මං වගේ' බජෙහෝස් සිනාසුණේය. ' මොකක්ද ඔය කෙහෙම්මල් පන්ති සටන කියන්නේ? 'ඉතිහාසයේ ගාමක යන්ත්‍රය' මයිතා ඉතා ගැඹුරින් සිතා සිය මහාචාර්ය භූමිකාව ද ආරූඪ කැරගෙන විස්තර කරයි. සමාජයක තියෙන පන්ති අවශ්‍යතාවන්ගේ විසමතාව නිසා ඇතිවන අරගලය. ධනය නිෂ්පාදනය කිරීමේදී ඒ ඒ පන්තියේ භූමිකාව තුළ ඇතිවෙන නෛසර්ගික අවශ්‍යතා. ධනය හිමි පිරිසක්, දේපළ හිමි පිරිසක් දැනුම හිමි පිරිසක් ඉන්නවා. අනිත් පැත්තෙන් ඉන්නවා, තමන්ගේ ශ්‍රමය මිසක් වෙන කිසිවක් හිමි නැති පිරිසක්. ඊටත් අමතරව තව ආන්තික පිරිසක් ඉන්නවා පැල්පත්වල ජීවත්වෙන. නන්නත්තාර ජනයා හෙවත් ලුම්පන් ජනයා. පැටලිල්ලක්නේ?'
ඔහු මගේ අතින් අල්ලා ගනී. ඒ කනට කොඳුරන්නටය.
'අපි මෙතන කතා කරපු දේවල් කිසි දෙයක් මං කිව්ව දේවල් නෙවෙයි. හරිද? මයිතා ගැනවත් හෝජා සිද්ධිය ගැනවත් මං කිසි දෙයක් කිව්වේ නෑ. හරිද? ආදි කාලයේ සිද්ධි ගැන දැන් කතා කරලා ආන්දෝලනයක් ඇති වුණොත් අද ගොඩනැගෙමින් තියෙන ප්‍රජාතාන්ත්‍රික වාමාංශය නැති කරන්න යනවා කියලා චෝදනා අහන්න මට ඕනේ නෑ. නිකන් හරි ඔය කියපු කාරණයක් ගැන මගේ නම ගාවලා තිබුණොත් මට සිද්ධ වෙනවා ඒ හැම කාරණයක්ම ප්‍රතික්ෂේප කරන්න.' ඔහු එය කියන්නේ සරදමක ලීලාවෙන් වුව ද, ඒ සැහැල්ලු ස්වරය පසුපස සැබෑ අනතුරු ඇඟවීමක් ඇති බව - ඔහුත් මාත් - අපි දෙදෙනාම දනිමු. ' ඒ සිද්ධිය වළ දාන්න වාමාංශය තීරණය කරලා හුඟක් කල්. ඒ ආකල්පය තවමත් සාධාරණයි. ඒකේ හැම පැත්තක්ම බලන්න කාලයක් පස්සේ සමහර විට එන්න පුළුවන්.'
'මට මන්ත්‍රීතුමා කියන දේ හොඳට තේරෙනවා කිසි දෙයක් ගැන බය වෙන්න එපා'
'නිකන් හරි මගේ නම ගෑවුනොත් මට සිද්ධ වෙනවා අපහාසෙට නඩු දාන්න'යි එක ඇසක් වසා මා දෙස බලමින් කියන අතරේ ඔහු මගේ පිටට තට්ටු කරයි. අහම්බෙන් මෙන් පිස්තෝලය සඟවාගෙන ඇති ඔහුගේ ජැකට්ටුවේ පොදිය මගේ ඇඟේ ගැටේ. 'දැන් දන්නවානේ ඇත්ත මොකක්ද කියලා? ඒක පාවිච්චි කරනවා. හැබැයි මගේ නම නැතුව.'
ඉතා මිත්‍රශීලීව මා දෙසට අත දිගු කරන ඔහු තක්කඩි අයුරින් නැවතත් ඇසක් ගසයි. පිස්තෝලයක කොකා ගස්සති'යි සිතාගත නොහැකි සිහින් කොට ඇඟිලි
∙ 'සහෝදරයා කවදාවත් ධනපති පන්තියට ඊර්ෂ්‍යා කරලා තියෙනවාද?' මයිතා ඇසීය.
'ඇයි එහෙම අහන්නේ?' පුදුමයට පත් අනතෝලියෝ ප්‍රශ්න කරයි.
'මොකද මං, කවදත් ඒ පන්තිය ගැන අවඥාවෙන් බලන මං, ඒ පන්තිය ගැන එක දේකට ඊර්ෂ්‍යා කරනවා.' මයිතා කීය.
'ඒ මොකක්ද?'
'හැමදාම නාන්න පුළුවන් එක ගැන'
∙∙∙ මෙහි පසුබිම වනුයේ 1962 මැයි අග පීරු රටේ කඳුකර නගරයක් වූ හෝජා හි සිදු වූ අසාර්ථක කැරැල්ලකි. එය හරියට අපේ 71 කැරැල්ල වැනි ව අකල් හි පුපුරා යන්නකි. එනයින් සුළු වෙනස්කම් කිහිපයකින් මෙය අපේ රටේ කතන්දරයක් බවට පත් කැර ගත හැකිවීම මෙහි විශේෂයයි.
උදැසන ශාරීරික ව්‍යායාම සඳහා දුවන පොතේ කතුවරයාට සිය පන්ති මිතුරකු වන අලහේන්ද්‍රෝ මයිිතා සිහිවෙයි. මයිතා ගැන නවකතාවක් නිර්මාණය කළහොත් මැනව’යි එවිට ඔහුට සිතේ. ඒ අනුව ඔහු මයිතා ගැන කරුණු සොයන්නට පටන් ගෙන විවිධ පුද්ගලයින්ගෙන් කරුණු එක්රැස් කරයි. මුලින් ම කතුවරයා යන්නේ කුඩා කළ මයිතා හැදි වැඩුණු ඔහුගේ සුළුමව සහ මඤ්ඤා වන අරිසුවෙඤ්ඤෝ මහත්මිය වෙත ය. මයිතාට සටන් ව්‍යපාරයේ කොක්ක ගැසූ බජෙගොස් නමැති හමුදා නිලධාරියා හමු වීම ගැන තොරතුරු ඔහුට ඇගෙන් දැන ගන්නට ලැබේ. මෙලෙස ඔහු එසමයේ මයිතාට සම්බන්ධ ව සිටි ඒ වනවිට ජීවතුන් අතර සිටිනා වැදගත් පුද්ගලයන් හමු වී කරුණු එක්කාසු කරමින් ඒ සමග ම මයිතාගේ චරිතය ගොඩ නගයි. පසුව ඔහු මයිතා ද සොයා යයි. ඒ වන විට හැට හැවිරිදි මයිතා තවමත් ජීවිතය ගැන බලාපොරොත්තු තබා සිටින සුන්දර මිනිසෙකි. කැරැල්ලෙන් පසුව ඒ කැරැල්ල නිසාත් ඉන්පසු නොකළ මංකොල්ලයකටත් අත් අඩංගුවට පත්ව හිරේ තපින ඔහු එසමයේ දෙන ලද විවිධ වධ හිංසා නිසා පිරිහුණු සෞඛ්‍යයෙන් යුතු වූවෙකි. සිර අඩස්සියේ සිටිය දී දැන හැඳින ගන්නා මිතුරකුගේ නැගණියක් සමග විවාහ වන ඔහු සිවුදරු පියෙක් ද වෙයි. තම සෞඛ්‍යය කෙතරම් පිරිහී ඇතත් මයිතා තවමත් විදේශගතව රැකියාවක් කොට මුදල් ටිකක් සොයාගෙන සිය පවුල නඩත්තු කරන්නට ආශා ඇත්තෙකි.
මයිතා සාමාජිකත්වය දැරූයේ විප්ලවවාදී කමියුනිස්ට් පක්‍ෂයේ ට්‍රොට්ස්කි කල්ලියේ ය. හෝජා ප‍්‍රහාරය එල්ල කරන්නට බජෙගෝස් සැලසුම් කළ විට ඔහු ස්ටැලින්වාදී කණ්ඩායමට දැන් අයත් පෙර සිය දේශපාලන ගුරා වූ බ්ලැකර් වෙත ගොස් තත්වය විස්තර කරයි. මේ නිසා ඔහු පක්‍ෂයෙන් නෙරපනු ලැබේ. හෝජා ප‍්‍රහාරයට සැලසුම සකස් කළ, පසුව මහාචාර්යවරයකු බවට පත් වන උබිලූස් කතුවරයා සමග කියන්නේ ඉන්පසු මයිතා දේශපාලන අනාථයකු වූ බවයි. ඔහුට අනුව කැරැල්ල අසාර්ථක වීමට හේතුව එය සැලසුම් කළ දිනට පෙර ක්‍රියාත්මක කළ නිසා ය. ඊට වැරදිකරු මයිතා නොව බජෙගොස් ය.
විවිධ පුද්ගලයන් මයිතා විස්තර කරන්නේ වෙනස් ආකාරවලට ය. මයිතා සමලිංගිකයකු බව දැන් සෙනෙට් සභිකයකුව සිටින අන්තෝනියෝ කියයි. ඔහු වරක් දෙවරක් තමා ඊට පොළඹවා ගෙන ඇත. පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ සමහර සාමාජිකයෝ ඔහු නෙරපා හරින රැස්වීමේ දී ඔහුට පොන්නයා’යි චෝදනා කරති. එහෙත් කතුවරයා ඒ ගැන විමසූ විට මයිතා එය අපුළෙන් ප‍්‍රතික්‍ෂෙප කරයි.
අලහේන්ද්‍රෝ මයිතා ගැන කතුවරයා ලබා ගන්නා දත්ත එකිනෙකට පරස්පර ය. ඒවායේ වියමන දුරවබෝධ ය. ඒ අනුව මෙය අලහේන්ද්‍රෝ මයිතා ගේ සැබෑ චරිතාපදානයක් නොවේ. මේ නවකතාවකි. එය පොතේ දී වරින් වර අපට සිහිපත් කර දෙනු ලැබේ. මේ චරිතය ගොඩ නැගීමේ දී වර්ගාස් යෝසා භාවිත කරන්නේ චිත‍්‍රපට තිර පිටපත් රචකයකු භාවිතා කරන ඡේදන උපක්‍රමයයි. සෑම විට ම අතීතයෙන් වර්තමානයටත් වර්තමානයෙන් අතීතයටත් දර්ශන ඡෙදනය වෙයි. ඒ ආකෘතිය නවකතාවල දුලබ ය.
පීරුවියානු ලේඛක මාරියෝ වර්ගාස් යෝසා විසින් 1986 වසරේ ස්පාඤ්ඤ බසින් රචිත Historia de Mayta නම් කෘතිය ඒ් වසරේ ම ඇල්ෆ‍්‍රඩ් මැක් ඇඩම් විසින් The Real Life of Alejendro Mayta නමින් ඉංගිරිසියට පරිවර්තනය කරන ලදී.
පේරු දේශයේ මාරියෝ වර්ගාස් යෝසා යනු එක්දහස් නවසිය හැට හැත්තෑ ගණන්වල ඇති වූ ලතින් අමෙරිකානු සාහිත්‍ය පුනරුදයේ බලකණු හතරෙන් එකකි. අනෙක් තිදෙනා වන්නේ ආර්ජෙන්ටිනාවේ ජුලියෝ කෝර්ටෙසාර්, මෙක්සිකෝවේ කාලෝස් ෆුඑන්තේස් සහ කොලොම්බියාවේ ගේබිරියෙල් ගාර්ෂියා මාර්කේස් ය. මොවුන් සිව්දෙනා The Latin American Boom ලෙස හැඳින්වෙති. ඔවුන් අතුරින් ගාර්ෂියා මාර්කේස් 1982 වසරේ සාහිත්‍යය පිළිබඳ නෝබල් ත්‍යාගය දිනාගත් අතර වර්ගාස් යෝසා 2010 දී එම ත්‍යාගය දිනා ගත්තේ ය.
අසාර්ථක හෝජා කැරැල්ල සිදුවන විට වර්ගාස් යෝසාගේ වයස 24 කි. ඔහු මේ නවකතාව ලියන්නේ ඉන් වසර 24ට පසුව ය. එනයින් ඔහු අසාර්ථක කැරැල්ලකට හේතු, ඉතිහාසකරුවකු මෙන් අනාගතයට ගෙන යයි.
පොතේ මුල් නම ඊට දෙස් දෙයි. එය මයිතාගේ අතීතය වැනි අරුතක් ඇත්තකි. ඇතැම් විචාරකයෙක් පෙන්වා දෙන්නේ පරිවර්තනයට යොදා ඇති නම, එහි මුල් ස්පාඤ්ඤ නම හා නොගැළපෙන බවයි. කතුවරයා ඊට යොදන නම ඉංගිරිසියට පරිවර්තනය කැරුණු විට එය ‘මයිතාගේ ඉතිහාසය’ යි. එහෙත් පරිවර්තකයා ඊට සැබෑ ජීවිතයක් පටලවා ගනියි. මෙය සිදු වීමට හේතුව ලෙස ඇතැම් විචාරකයකු පෙන්වා දෙන්නේ පරිවර්තකයා ව්ලැදිමිර් නබකොව් ගේ The Real Life of Sebastian Knight නම් කෘතියේ නමෙන් ආභාසයක් ලැබීම බවයි. එහෙත් නවකතාවල කොහේද රියල් ලයිෆ් එකක්? යනුවෙන් නබකොව් වරක් අසා තිබේ.
අපේ රටේ ද මෙවැනි අසාර්ථක කැරැලි එකක් නොව දෙකක් ම විය. කොටි සංවිධානයේ කැරැල්ල ද ඊට එක් කළ හොත් තුනකි. එහෙත් ඒවා මැනැවින් අධ්‍යයනය කැර අසාර්ථක කැරැල්ලකට සහභාගි වූවකු ගැන සහ කැරැල්ල අසාර්ථක වන්නට හේතු ගැන විශ්ලේෂණය කරමින් ලියූ නවකතා විරලය. එබඳු චරිතයක් වටා ලියැවුණු ජයතිලක කම්මැල්ලවීරගේ ‘චුම්බන කන්ද’ නවකතාවේ පවා කැරැල්ල අසාර්ථක වන්නට හේතු විග‍්‍රහ නොකෙරෙයි. මේ කතාවේ ආරම්භයේ සහ අවසානයේ එන ලීමාහි කුණු කන්ද පවා අපේ බ්ලූමැන්ඩල් කුණු කන්ද සිහිපත් කරවයි.
The Real Life of Alejendro Mayta ගාමිණී වියන්ගොඩ විසින් අලහේන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය නමින් සිංහලට පරිවර්තනය කරන ලදුව ගොඩගේ ප‍්‍රකාශනයක් ලෙසින් 2002 වසරේ මුද්‍රණයෙන් නිකුත් විය. ඉහත කංචුකය, උධෘත සහ සාරාංශය ගත්තේ එයිනි.
ජනතා විමුක්ති පෙරමුණ ලෙස පසුව නාමකරණය වූු දේශපාලන කණ්ඩායම මුල දී හඳුන්වා ගනු ලැබුවේ ’ලයින් එක’ නමිනි. ජනතාවට එය චේ කල්ලිය විය. චේ කල්ලිය ඒ දවස්වල නවක සා
’වසර ගණනාවකට පසු තමාට වෙඩි තැබීමට සූදානමින් සිටි භට පිරිසකට මුහුණලා සිටියදී කර්නල් අවුරෙලියානෝ බුඑන්ඩියාට තම පියා මුල්වතාවට අයිස් දැක බලා ගැනීමට තමා
’ඒ දැනට තිස් වසරකට පෙරය. දෙදෙනාම එල්ලයක් සහිතව සිටි තරුණ වියේය. ඊයේ මත්සුදා වෙනස් ම කෙනෙක් ලෙසිනි මා දුටුයේ. ඔහුගේ කය අයහපත් සෞඛ්‍ය තත්වය නිසා බිඳ වැටී ත
’සෑම විටම තමාගේ තත්වය හා නම්බුව ගැන තොම්සන් කල්පනා කළේය. මේ අනුව තමන් අතින් කරන්නට සුදුසු ඉස්තරම් කටයුතු කිහිපයක් පමණක් ඔහු තමා වෙත තබා ගත්තේය.
’ඒක අහවරයි. - ඒක වුණා - කියන්න දෙයක් නෑ. මම, මලෝති මුඛර්ජි, කාගෙ හරි බිරිඳක්, කාගෙ හරි අම්මා - මම ඒක කළා. ජයන්තෝ එක්ක ඒක කළේ. ජයන්තෝට මාව ඕන වුණා, මට එයාව... ඒක කොහ
’’මම ජී කෙනෙක් නෙවෙයි. ඕජාජී, මම සපත්තු මහන චමාර් කුලේ දුප්පත් කොල්ලෙක්. මට කියලා ඉඩම් අඟලක්වත් නෑ. ඉස්සර පොඩි ඉඩම් කෑල්ලක් තිබුණා. ඒත් ඉඩම් හිමියා බලෙන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
The Real Life of Alejendro Mayta