IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


‘‘නව නායකයාට අලුත් දැක්මක් තිබිය යුතුයි‘‘

(ආරියරත්න රණබාහු)

ඉදිරි ජනාධිපතිවරණයෙන් රටේ නායකත්වයට පත්වෙන ජනාධිපතිවරයාට රටට අවශ්‍ය අලුත් දැක්මක් ලබා දිය නොහැකි නම් ජනතාවගේ අවශ්‍යතා සපුරාලිය නොහැකි වුවහොත් ඔහුටද පසුගිය රජයේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අත් වූ ඉරණම අත්විම නොවැලැක්විය හැකිය යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා අද (1)කොළඹදී පැවසීය.

එදා පැවැති අරගලයට ඇතැමුන් උපහාසයෙන් යම් යම් දේ කීවද රටේ ජනතාව තමන්ට තෙල් ටික විදුලිය ආහාර සෞඛ්‍ය ආදි අවශ්‍යතා සපුරාලීමට සහ විදේශ ණය ගෙවීමට නොහැකි අය බලයට පත් කිරීමට සූදානම් නැතැයිද ඔහු පැවසීය.

තමාගේ නායකත්වයෙන් යුත් නව පක්ෂය මේ රටට අලුත් වැඩ වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බව පැවසූ රණවක මහතා ඒ පිළිබඳව ඕනෑම කෙනකු සමග විවාද කිරීමට සූදානම් බවද කීය.

කොළඹ සුගතදාස  ගෘහස්ථ ක්‍රීඩාංගනයෙ අද පස්වරුවේ පැවති එම පක්ෂයේ දෙවන සමුළුව අමතමින් හෙතෙම ඒ බව කීය.

 



අදහස් (7)

‘‘නව නායකයාට අලුත් දැක්මක් තිබිය යුතුයි‘‘

Prabha Saturday, 01 June 2024 11:35 PM

මෙයත් ඔය හෑල්ල අවුරුදු ගානක් තිස්සේ කියනවා

:       17       7

ගාමිනී Sunday, 02 June 2024 03:32 AM

එන් පී පී ඉංජිනේරු වෘතිකයන්ගේ සමුලුවට ගියා නම් පාටලීට අලුත් දැක්මක් තියෙන නායකයා හම්බ වෙන්න තිබුනා.

:       21       5

Vithana Sunday, 02 June 2024 05:26 AM

සජිත්ට නම් සක්වල හතක් තරණය කරලා අඟහරු වලට යන්න තරම් දැක්මක් තියෙනවා වගේ පේනවා. රනිල්ට මේ ලංකාව ක්‍රම ක්‍රමයෙන් දියුණුවට ගේන දැක්මක් තියෙන බව පේනවා. අනුර කුමාරගේ දැක්ම ඇමරිකන් තානාපතිනියගේ දැක්ම බව පේනවා.

:       4       18

Rose Sunday, 02 June 2024 08:23 AM

මෙයයි සරත් පොන්සේකයි දෙන්නම ජනාධිපති වෙන්න හීන දකින දෙන්නෙක් .නමුත් මේ දෙන්නම මේ රටට කරපු කිසිම දෙයක් නැහැ. ඒ වගේම මේ දෙන්නටම කිසිම චන්ද පදනමක් නැහැ .මේ දෙන්නටම චන්ද ලැබිලා පාර්ලිමේන්තුවට ගියේ එක එක ප්‍රධාන පක්ෂ වලට හේත්තු වෙලා හිටිය නිසයි, චම්පික රණවකගේ ඔය නායකත්වයෙන් යුත් නව පක්ෂය හෝ පොඩි පොඩි පක්ෂ සමග සන්දාන ගතවෙලා ජනාධිපතිවර්ණයට චන්දය ඉල්ලුවත් අන්ත පරාජයක් ලබනවා එය ස්ථිරවම කියන්න පුළුවන්

:       19       4

ranjith Sunday, 02 June 2024 09:05 AM

එසේ නම් ඔබ වෙනම පක්ෂයක් විදියට එන්න .තවත් පක්ෂයක මහජන නියෝජිතයෙක් ලෙස සිටිමින් විහිලු සපයන්නේ නැතුව

:       15       3

Kazi Shajahan Sunday, 02 June 2024 09:19 AM

වැඩිම උනොත් ලංකාවෙන්ම වෝට් 10 000 ක් ගනී.ඕකවත් හරියට තේරුමක් නැතුවද ජනාධිපති වෙන්න යන්නේ

:       11       3

nanada Sunday, 02 June 2024 12:57 PM

මෙවර ඡන්ද බල තරහ කාරයන්⁣ට හොද පාඩමක් උගන්වමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 337 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16525 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 623 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site