IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


තරුණයන්ට දේශපාලනය උගන්වන්න ’’ඇකඩමියක්’’ හදන්න යයි

(අංජුල මහික වීරරත්න)

මෙරට තරුණ තරුණියන්ට දේශපාලන සාක්ෂරතාවය ලබාදීම වෙනුවෙන් "දේශපාලන ඇකඩමියක්" ස්ථාපිත කිරීමට යෝජනා කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.

තීන්දු තීරණ ගන්නා ස්ථාන වල තරුණ නියෝජනය ඉහළ දැමීම වෙනුවෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස ඉදිරියේ දී මැදිහත් වී කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

දිවයින පුරා ගොඩනගන ලද යූත් ක්ලබ් වල වගකීම් දරන තරුණ තරුණියන්ට පළාත් පාලන ආයතන සමඟ සම්බන්ධතාවය ඇති කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ප්‍රාදේශීය සම්මේලන හා දිස්ත්‍රික් සම්මේලනවල වගකීම් දරන තරුණ තරුණියන්ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ප්‍රවේශය ලබාදෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

"YoLoGo (Youth in Local Governance) - තරුණ පළාත් පාලනය" යන ව්‍යාපෘතියේ බස්නාහිර පළාතේ මුලපිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණි. කැනඩා රජය විසින් අරමුදල් සපයන ලද මෙම ව්‍යාපෘතිය, බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන 49 හි තරුණ උපදේශක සභා (YAC) පිහිටුවීම අරමුණු කරගනිමින් පැවැත්වේ.

මෙම අවස්ථාවට කැනඩා මහ කොමසාරිස් Eric Walsh ,රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් , බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීස් යූසුෆ්, බස්නාහිර පළාත් කොමසාරිස් සාගරිකා ජයසුන්දර මහත්ම මහත්මීහුද සහභාගී වූහ.

 



අදහස් (3)

තරුණයන්ට දේශපාලනය උගන්වන්න ’’ඇකඩමියක්’’ හදන්න යයි

Gamini Wednesday, 06 August 2025 09:37 AM

පංති පහ කරන්නම් ඉවරයිනේ

:       5       16

vis8 Saturday, 09 August 2025 06:16 AM

පින්තූරේ නම් හැමෝම සේල් එකේ... මුන්ද දේශපාලනය කියලා දෙන්න හදන්නේ.. :)

:       0       15

lankaputha Wednesday, 13 August 2025 06:35 AM

මේස කිහිපයක් ද ගෙන ඒමට අවශ්‍ය විය හැකිය..

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 171 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 369 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 379 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site