(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
"මහජනතාවගේ කටයුතු සදහා පලදායී ලෙස ඇති කොටසට බලය බෙදී යනවා නම් බැවින් 13 + වුවත් කිසිම ගැටළුවක් නැහැ " යැයි වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (04) වාරියපොල දී පැවසීය.
වයඹ පළාත් ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ වාරියපොල වල්පොල ගලෙන් පහළ නව ග්‍රාමීය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ අවස්ථාවේදීය.
එහිදී වැඩිදුටරත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙසේද පැවසීය. " තවමත් මේක සාකච්ඡා මට්ටමේ තියෙන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය කියන්නෙ බලය බෙදීමනෙ.
මගේ පෞද්ගලික අදහස නම් සාමාන්‍යයෙන් රටේ ජාතික වශයෙන් බලනොපාන තත්වයට ව්‍යවස්ථාව සංශෝධනය කරල ක්‍රියාත්මක කළාට ප්‍රශ්නයක් නැහැ.
ඔතන ප්‍රශ්නය තියෙන්නේ පොලිස් බලතල ඉඩම් බලතල වගේ ඒවනේ. දැන් පළාත් සභා නැතිවුණත් අපි පළාත් සභාවක ආණ්ඩුකාරවරයා හැටියටනෙ මේ ඉන්නෙ.
මගේ පෞද්ගලික අදහස නම් මේ පළාත් සභා බලය තවත් ශක්තිමත් කරන්න අවස්ථාව තිබුණා.
ව්‍යවස්ථවේ 13 වන සංශෝධනයේ සමගාමී ලැයිස්තුවේ එක පැත්තකටවත් නැති ඒව තියෙනවා. ඒ නිසා එක පැත්‍තකට මේව තියෙන්න ඕන. එතනදි මධ්‍යම රජය පැත්තට යනව කියන්නෙ බලය අඩුවීම. පළාත් සභා පැත්තට යනව කියන්නෙ බලය වැඩිවීම. පොලිස් බලතල සහ ඉඩම් බලතල මධ්‍යම රජය යටතේ පැවතිය යුතු බව මම පිළිගන්නව. නමුත් බලය දෙපැත්තකට තියෙන්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමගාමී ලැයිස්තුවේ කොටස එක පැත්තකට තියෙන්න ඕන. එහෙම නොවුනු නිසා තමයි මෙතෙක් පළාත් සභා අසාර්ථක වීමට හේතුව."
අද දිනයේ විවෘත කළ ජල යෝජනා ක්‍රමය හරහා නිවාස 74 කට ජලය සැපයෙන අතර මේ සදහා ප්‍රතිපාදනය ලබාදී තිබුණේ වයඹ පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව සහ වාරියපොල ප්‍රාදේශීය සභාව විසිනි. ව්‍යාපෘතිය සදහා වැයවූ සම්පූර්ණ වියදම රුපියල් ලක්ෂ 65 කි. විශේෂ අවශ්‍යතා ඇති ගම්මාන සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ව්‍යාපෘතිය සිදුකර තිබිණ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘‘ජනතාවගේ ගැටළු හරියට වෙනවා නම් 13 + වුණත් කමක් නෑ‘‘
රන්ජන් Saturday, 05 August 2023 09:13 AM
ජනතාවගේ ගැටලු හරි හැටි විසදපු නැති නිසා ජනතාව විසින් මෙයාව ගෙදර යැව්වා නේද . රටේ මහ එකා වගේ ආයෙත් පස්සේ දොරෙන් ඇවිත් ජනතා ගැටළු විසදන්න කතා කරනවා .
kasun Monday, 07 August 2023 04:44 PM
ඉඳුල් බත් කාලා ආයිත් පණ ඇවිත්... මේකට නෑ... මිනිස්සු අයින් කරපු කෙනෙක් කියලා...
de silva Monday, 07 August 2023 05:14 PM
13 ගැන කතාකරන ඉස්සරවෙලා ඡන්දයක් තියන්න. පළාත්සභාවල මහජන නියෝජිතයෝ නොමැතිව බලය බෙදීමක් ගැන කතාකරන එක විහිළුවකි...