IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


’’ඔබට හොඳ සෞඛ්‍යයක් දීම අපේ වගකීමයි’’

(අංජුල මහික වීරරත්න)

ආර්ථිකය නැංවීමට දායකවන ජනතාවට නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් අත්පත් කරදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය වන බව නව වසරේ රාජකාරී ආරම්භ කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සේවකයින් නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ නිල උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අද සිදු කෙරිනි.

මෙවර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සේවකයන් රාජකාරී ආරම්භ කිරීමේ දී ලබාදුන් ප්‍රතිඥාව නව රජය විසින් අරඹනු ලැබූ ‘Clean Sri Lanka’ වැඩපිළිවෙල සමග බද්ධ වූ ප්‍රතිඥාවක් ලෙස ජාතික උත්සවයට සමගාමීව ලබාදීමට කටයුතු කිරිම ද විශේෂත්වයක් විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ආයතන 41 කින් යුත් විශාල අමාත්‍යාංශයක් බවත්, ඉදිරියේ දී නෙවිල් ප්‍රනාන්දු රෝහල ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට ගැසට් වනු ඇති අතර ඒ අනුව මීට පෙර පැවැති සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ජනමාධ්‍ය  සහ තැපැල් හා විදුලි සංදේශ ආදි ලෙස අමාත්‍යාංශ රැසක් යටතේ වු දැවන්ත කාර්යභාරයක් වර්තමාන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ගැනෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ හා සමානව වගකීම් ද ඉතා ඉහල අගයකින් යුත් බවද අමාත්‍යවරයා පැවසීය.  



අදහස් (3)

’’ඔබට හොඳ සෞඛ්‍යයක් දීම අපේ වගකීමයි’’

Kehellella Muhuduwella Wednesday, 01 January 2025 05:14 PM

සෞඛ්‍ය සේවයෙන් ජනතාවට මොකක් වුණත් කමක් නෑ. අපි සෞඛ්‍ය සේවයෙන් මඩිය තරකරගන්න ඕනෑ.

:       10       6

සමරසිංහ Thursday, 02 January 2025 06:27 AM

සෞඛ්‍ය සේවය හොඳට දෙන්න කලින් දොස්තරල ඇතුලු සෞඛ්‍ය සේවකයො ඇඟිලි සළකුනුවත් නොමැතිව ලක්ෂ ගනන් හොරට අතිකාල ගන්න එක නවත්තන්න. දුප්පත් මිනිස්සුන්ගෙ බදු සල්ලි. සමහර රෝහල් වල සමහර දොස්තරල වැඩ කරන්නෙ මාසෙටම දවස් 10. ඉතුරු දවස් ඔක්කොම පුද්ගලික සේවයේ. මාසෙ අන්තිමට ඩයරිය බැලුවම දවස් 30 ම වැඩ කරල.විකිරණ ශිල්පීන් රසායනාගර අය වැඩිපුර ඉන්නෙ රෝහල ඉස්සරහ දගෙන ඉන්න තමන්ගෙ පුද්ගලික කඩෙ. ලංකාදීප පුවත්පතේම තිබ්බ ලිපියකට අනූව 2023 අවුරුද්දෙ සෞඛ්‍ය අතිකාල විතරක් රු. මිලියන 38,000. ඕකෙන් 50% හොර අතිකාල. එ කියන්නෙ ලංකාවට අවශ්‍ය වෙනත් විශාල ව්‍යාපෘතියක වියදමට සමානයි. රටවල් ගොඩ යයිද ඉතින්. ලෝකෙ මොන රටේද මෙහෙම විහිලු තියෙන්නෙ.

:       0       8

sweneFriday, 10 January 2025 05:24 AM

ඔබ කියන කතාවේ වැරැද්දක් නැහැ. එත් අපට ඉන්නවා වගවීමක් සහිත කාර්ය මණ්ඩල. කෙසේ වෙතත් බොහෝ ඉස්පිරිතාල දුවවන්නේ කනිෂ්ට තත්ත්වයේ වෛද්‍ය වරු. අනික් අය දින පොත නඩත්තු කොට මාරු වෙනවා. කනිටු වෛද්‍ය වරුන්ගේ දුක් ගැනවිලි ගණන් ගන්නේ නැහැ. ඔවුනට වැඩ කිරීමට සුදුසු වටපිටාවක් සැදීමට වත් ඇතැම් ජ්‍යෙෂ්ට වෛද්‍ය වරුන්ට උවමනාවක් නැහැ. අන්තිමට රෝහල් පද්ධතිය අයාලේ යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 88 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 885 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site