(අංජුල මහික වීරරත්න)
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ ජනපති අනුරගේ හෝ අගමැති හරිනිගේ නොවන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සියලු දෙනාගේ අවබෝධයෙන්, අදහස් හා යෝජනා අනුව සාධනීය වෙනස්කම් සිදුකරමින් දරුවන් වෙනුවෙන් එකමුතුව ඉටු කළ යුතු වගකීමක් බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මේ බව පවසා සිටියාය. "පවතින අධ්‍යාපන ක්‍රමය තුළ පළමු වසරට ඇතුළත් වන දරුවෙක් පාසල් අධ්‍යාපනය අවසන් කරන්නේ අනාගතය ගැන විශ්වාසයකින් හෝ සතුටකින් නෙමෙයි. දරුවන්ට මිත්‍රශීලි පාසල් පරිසරයක්, ඉගැන්වීම් ක්‍රමයක් ඇති කළ යුතුයි. පාසල තුළින් වෙද්‍යවරු, ඉංජිනේරුවරු වගේම ව්‍යවසායකයින්, කලාකරුවන්, වෘත්තීය නිපුණතාවය සහිත සියලු වෘත්තීකයන් පාසල තුළින් බිහි විය යුතුයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී එක පළාතක්, දිස්ත්‍රික්කයක් හෝ කළාපයක් පමණක් නොවෙයි, සෑම පාළාතක්ම, දිස්ත්‍රික්කයක්ම, කලාපයක්ම වැදගත්. සමානාත්මතාවය ආරම්භ වන්නේ එතනින්"යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුරගේ හෝ හරිනිගේ නොවේ
අනා Saturday, 02 August 2025 09:20 PM
පාසැලින් වෛද්‍යවරු හෝ වෙන අය බිහි කළ නොහැකියි. බිහිකිරීම ද නොකළ යුතුයි. ඔය ඕනෑම කෙනෙක් බිහි කිරීමට අඩිතාලම දැමීම කළ යුතුයි. දරුවන් තුළ ඇති සහජ හැකියා සංවර්ධනය කර ඔහුට සහ සමාජයට අවශ්‍ය පුරවැසියන් සෑදිය යුතු ය.
රට වැසියා Sunday, 03 August 2025 09:20 AM
දේශපාලකයෝ හදන ප්‍රශ්න කිසිවක් ඔවුන්ගේ නොවේය, ඒවා රට වැසියන් වු අපේය! - රට වැසියෝ වු අප අයිති තොපට නොව රටටයි.
Krishna Sunday, 03 August 2025 10:02 AM
ඒ කියන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ වගකීමක් නැති වැඩක්ද...?
සමන්ති Sunday, 03 August 2025 11:04 AM
ඒක නම් ඇත්ත, කාගේ හරි එකක් කොපිකරලා. නැතිව මෙයාලාට එහෙම එකක් හදන්නත් බැහැ. පුළුවන් කෙනෙක්ටත් මෙච්චර ඉක්මණට හදන්නත් බැහැ...
සිංහල නිංජා Sunday, 03 August 2025 02:48 PM
එක විතරක් ඇත්ත. ඕක රනිල්ගේ අධ්‍යාපන ධවල පත්‍රිකාව. පිටුව පෙරළුවට සීතා පොත දන්නවා රාමා....
ranjith Sunday, 03 August 2025 06:03 PM
ඒක ඇත්ත... වැඩි හරියක් කරන්නේ රනිල් සැලසුම් කරපුවා බව පේනවා.