
(අංජුල මහික වීරරත්න)
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ ජනපති අනුරගේ හෝ අගමැති හරිනිගේ නොවන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සියලු දෙනාගේ අවබෝධයෙන්, අදහස් හා යෝජනා අනුව සාධනීය වෙනස්කම් සිදුකරමින් දරුවන් වෙනුවෙන් එකමුතුව ඉටු කළ යුතු වගකීමක් බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මේ බව පවසා සිටියාය. "පවතින අධ්‍යාපන ක්‍රමය තුළ පළමු වසරට ඇතුළත් වන දරුවෙක් පාසල් අධ්‍යාපනය අවසන් කරන්නේ අනාගතය ගැන විශ්වාසයකින් හෝ සතුටකින් නෙමෙයි. දරුවන්ට මිත්‍රශීලි පාසල් පරිසරයක්, ඉගැන්වීම් ක්‍රමයක් ඇති කළ යුතුයි. පාසල තුළින් වෙද්‍යවරු, ඉංජිනේරුවරු වගේම ව්‍යවසායකයින්, කලාකරුවන්, වෘත්තීය නිපුණතාවය සහිත සියලු වෘත්තීකයන් පාසල තුළින් බිහි විය යුතුයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී එක පළාතක්, දිස්ත්‍රික්කයක් හෝ කළාපයක් පමණක් නොවෙයි, සෑම පාළාතක්ම, දිස්ත්‍රික්කයක්ම, කලාපයක්ම වැදගත්. සමානාත්මතාවය ආරම්භ වන්නේ එතනින්"යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
COMMENTS
පාසැලින් වෛද්‍යවරු හෝ වෙන අය බිහි කළ නොහැකියි. බිහිකිරීම ද නොකළ යුතුයි. ඔය ඕනෑම කෙනෙක් බිහි කිරීමට අඩිතාලම දැමීම කළ යුතුයි. දරුවන් තුළ ඇති සහජ හැකියා සංවර්ධනය කර ඔහුට සහ සමාජයට අවශ්‍ය පුරවැසියන් සෑදිය යුතු ය.
ඒ වුණාට රටේ උගතුන් ඒක දන්නෙත් ක්‍රියාත්මක කළාට පස්සේ. විවෘත භාවයෙන් තොරයි. එතැනයි ගැටළුව...
අගමැතිතුමනි, 76 වසරක වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව මානය පොදි බැඳගෙන හිටපු මිනීමැරුම්, රාජ්‍ය දේපළ වත්කම් කොල්ල කෑ පැවැති රාජ්‍යයන් නොයෙකුත් කුමන්ත්‍රණකාරී ක්‍රියා වගේම කම්කරුවන් නොමග යවමින් වැඩ වර්ජනයන් කළ දේශපාලන පක්ෂයකද ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවයද ඉතාමත් ඉක්මණින් කළ යුතුව ඇතැයි අවධාරණය කිරීමට කැමැත්තෙමි.
ගෝඨාභය පොහොර වැඩේ දී නාගත්තේ කෙසේද ඊටත් වඩා එහා ගොස් මේ මෙනවිය නාගෙන ඉවරයි. ජනාධිපති තකහනියේ පාර්ලිමේන්තු ඇවිත් නාගත්ත මෙනවිය පිහිදාන්න හැදුවත් ඵලක් නෑ. අන් කිසිවෙකුට අඩුම තරමේ සවන් දීමටවත් සූදානම් නැති මෙයාලාගේ අවසානය ඛේදවාචකයක් වී අවසානයි. රටේ ද ඛේදවාචකයක් වීම කරා යන ගමනක් ද මේ යන්නේ...?
දේශපාලකයෝ හදන ප්‍රශ්න කිසිවක් ඔවුන්ගේ නොවේය, ඒවා රට වැසියන් වු අපේය! - රට වැසියෝ වු අප අයිති තොපට නොව රටටයි.
ඒ කියන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ වගකීමක් නැති වැඩක්ද...?
ඒක නම් ඇත්ත, කාගේ හරි එකක් කොපිකරලා. නැතිව මෙයාලාට එහෙම එකක් හදන්නත් බැහැ. පුළුවන් කෙනෙක්ටත් මෙච්චර ඉක්මණට හදන්නත් බැහැ...
එක විතරක් ඇත්ත. ඕක රනිල්ගේ අධ්‍යාපන ධවල පත්‍රිකාව. පිටුව පෙරළුවට සීතා පොත දන්නවා රාමා....
ඒක ඇත්ත... වැඩි හරියක් කරන්නේ රනිල් සැලසුම් කරපුවා බව පේනවා.
උඩ වැඩියෙන්ම අදහස් ලියලා තියෙන්නේ රනිල් සීයට තමයි... ඔක්කොම පුළුවන් කියලා. අවුරුදු 40ක් විතර පාර්ලිමේන්තුවේ ඉඳලා කරපු දේවල් බයියන්ටයි, ටොයියන්ටයි. අමතක වෙලා වගේ...
ලංකාවේ මෙතරම්ම පල් මෝඩයින් රැලක් බිහිවීමට අපේ රටේ දැනට පවතින අධ්‍යාපනය ක්‍රමය හේතුවක් බව ආයේ අමුතුවෙන් ලියන්න ඕනෑ නැහැනේ.. සියල්ල දත් යයි හිතාගෙන ඉන්න උද්දච්ඡ මෝඩ නරුමයින් හැර, ප්‍රබුද්ධ ජනතාවක් බිහි කිරීමට මේ පවතින අධ්‍යාපන ක්‍රමය අපොහොසත්වී තිබෙනවා. ඒ වගේම පහේ ශිෂ්‍යත්ව විභාගය ඇතුළු සියලුම විභාග ටියුෂන් කඩ කාරයින්ගේ ග්‍රහණයට හසුවී, ගිරා පෝතක විභාග සමතුන් බිහිකරන යුගයක, මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනවශ්‍ය යයි යමෙකු පවසනවා නම්, ඔවුන්ගේ මොලය පරීක්ෂා කල යුතුයි...ඉතිහාස විෂය ඉලක්ක කරගෙන සමාජ බිල්ලෙක් මැවීමට වෙරදරන සමහරක් තක්කඩින්ගේ යටි අරමුණ දේශපාලන මඩ වගුරේ කිමිදෙමින් බලය ලබා ගැනීම විනා වෙන මොකක්ද..?
මේක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නොවෙයි . පැලැස්තර දැමීමක් . හරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන හැටි ඉස්සරවෙලා ඉගෙන ගන්න .
ඇත්ත.