IMG-LOGO

2020දී ජාතික ආණ්ඩුවක් නෑ- එන්නේ ශ්‍රීලනීප ආණ්ඩුවක්

(ඩයනා උදයංගනී)

එක්සත් ජාතික පක්‍ෂය 2020 මැතිවරණයේදීත් ජාතික ආණ්ඩුවක් ඇතිකරන බවට ප‍්‍රකාශ කර ඇතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලාපොරොත්තුව තනිව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකරගැනීම බව එම සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්ව ආණ්ඩු කළ හැකිය යන ස්ථාවරයක එක්සත් ජාතික පක්‍ෂය සිටීම ගැන මෙන්ම ඔවුන්ගේ ඒ කැමැත්ත ගැන සතුටට පත්වන බව ද අමරවීර මහතා කියයි.

ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමේදී බලාපොරොත්තු වූ අරමුණු 2020 වන විට ඉටුවේ යැයි තමන් සිතන බව ද අමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (7)පැවති මාධ්‍ය හමුවකදී ය.

ජාතික ආණ්ඩුවක් 2020 දීත් පිහිටුවීමට බලාපොරොත්තු වන බවට එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා කර ඇති යෝජනාව පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීය.



අදහස් (9)

2020දී ජාතික ආණ්ඩුවක් නෑ- එන්නේ ශ්‍රීලනීප ආණ්ඩුවක්

de silva Thursday, 07 September 2017 05:55 PM

ඔන්න තවත් කරන්න බැරි වැඩක්, දැන් යන විදිහට ශ්‍රී.ල.නි.ප, එජාප හවුලටත් තනියම 2020 දී ආණ්ඩු හදන්න බැරි තත්වයක් තිබෙන්නේ

:       0       7

siri Thursday, 07 September 2017 08:34 PM

මෙයා දවල් හීන දකිනවා. 2020 දී ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීම කෙසේ වෙතත් තමුන් ජනතා ඡන්දයෙන් පත් වෙන්න බලන්න. මේ යන විදියට ඒකත් බැරි වෙයි.

:       0       4

rohana Thursday, 07 September 2017 11:08 PM

ශ්‍රී.ල.නි.ප, එජාප සමගිය බිදෙන කතා හොද නැත 2020 ගැන සිතීමට පෙර මේ වසර තුන ජනතාවට සෙත සලසන්න.

:       0       12

ruwan Friday, 08 September 2017 05:55 PM

2020 දී ජාතික ආණ්ඩුවත් නැත. ඔයත් දේශපාලනයේ අතීතයට එක්වී ඇත.

:       0       6

Lapaya Saturday, 09 September 2017 02:27 PM

2020ට ඉස්සර බස් එක යන්න ටිකට් ටික කඩන්න...

:       0       12

rohana Sunday, 10 September 2017 03:09 AM

ඔන්න ඉතින් ඇමතිතුමා බයිලා කියනවා. ඔබලාට තියා වෙන කාටවත් තනියෙන් බැහැ. හැබැයි පා.ම. මහින්ද මහතා නම් ලබනවර විරුද්ධ පක්ෂයේ නායකයා වෙනවා වෙනවාම තමයි.

:       0       0

sisira Sunday, 10 September 2017 04:15 AM

අපරාදේ, හොඳට හිටපු මෙතුමාත් දැන් යහපාලන දියවන්නාවේ කවට අන්දරේ කෙනෙක් වෙලාද? මෝහයෙන් අගතියට ගිහිල්ලා වාගේ...

:       0       0

Nalaka Wednesday, 13 September 2017 03:37 AM

දැන් ඕකට චන්දෙ දෙන්න ඕනේ නැද්ද එතකොට?

:       0       0

සෙනෙවි Sunday, 17 September 2017 03:22 PM

ආ.. එහෙමද ආස ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site