IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


19 නිසා ජනපති - අගමැති අතර අර්බුදයක් නිර්මාණය වුණා

(හර්ෂණ තුෂාර සිල්වා)

දහනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර අර්බුදයක් නිර්මාණය වූ බවත් එම සංශෝධනය අවුලක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා අද (30) පස්වරුවේ පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය නොදීමට තීරණයක් ගෙන නැතැයි ද පක්ෂය කුමන තීරණයක් ගත්තත් තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට පූර්ණ සහයෝගය දෙන්නේ යැයි ද හෙතෙම කීය.

ඇතැම් අය පක්ෂය හැර ගියද තමන් පක්ෂය හැර නොයන බවද ආචාර්ය සරත් අමුණුගම මහතා කීවේය.

පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්වරයකු වන සෑම් විජේසිංහ මහතාගේ සිහිපත් කරමින් පැවැති පස්වැනි ගුණ සමරු දේශනය කරමින් ආචාර්ය සරත් අමුණුගම මහතා එම කරුණු කීවේය.

කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම ගුණ සමරු උත්සවය පැවැත්විණි. 

      “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ තීරණ ඉක්මනින් ප්‍රකාශයට පත් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් අවසන් තීරණයක් අරගෙන නැහැ. කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා පත් කරාවි. 

විධායක ජනාධිපති ධුරය ගැන විතරක් නෙමෙයි තවත් බොහෝ කරුණු ගැන මේ දවස්වල සාකච්ඡා කෙරෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතිව මුකුත් කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ඕනේ. ව්‍යවස්ථානුකූල වෙනස්කම් කරන්න ඕනේ පාර්ලිමේන්තුව හරහා. 

විධායක ජනාධිපති ධුරය වෙනයම් දෙයක් ගැන තීරණයක් ගන්න කලින් අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කරන්න ඕනේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව තමයි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ. 

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ පළමු දින 100යේ. ඒ කාලයේ පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තිබුණේ විපක්ෂයටය. එතකොට සංශෝධන කළේ විපක්ෂයේ මන්ත්‍රීවරු. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මාර්ගයෙන් ජනාධිපතිවරයා සතුව තිබෙන බලතල අගමැතිවරයාට ලබාදීම තමයි බලාපොරොත්තු වුණේ. එහෙත් එය සාර්ථකව කරන්න බැරි වුණා. මොකද ආණ්ඩුව පත්වුණු මුල් දින 100 පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තිබුණේ විපක්ෂයට නිසා.

ඒ සංශෝධන සියල්ල කරන්න බැරි වුණා. සමහර කරන්න පුළුවන් වුණා. සමහර දේවල් කරන්න බැරි වුණා. ඒ නිසා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර අර්බුද ඇති වුණා. වත්මන් අර්බුදයට මුලත් එයයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ලොකු අවුලක්.

මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගන්නේ නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට පූර්ණ සහයෝගය දෙනවා. මේ පක්ෂ දෙකේම ප්‍රතිපත්ති සමානයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට විරුද්ධයි. අපිට ගිහින් එක්සත් ජාතික පක්ෂයේ නැට්ටක් වෙන්න බැහැ. ඒක නිසා පක්ෂයක් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය යුතුයි කියලා විශ්වාස කරනවා. එහෙම නොවුණත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ගමන් පෞද්ගලිකවම ගෝඨාභය රාජපක්ෂ මහතාට මගේ පූර්ණ සහයෝගය ලබාදෙනවා.

ඒ වගේම මෙතැනි කිසිම ගැටුමක් ඇතිවෙලත් නැහැ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට  සහාය නොදෙන්න තීරණයක් අරගෙන නැහැ.

අපි පක්ෂයක් විදියට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනවද තනි තනියෙන් සහාය දෙනවද පක්ෂයෙන් ඉවත් වෙනවද කියන එක එකිනෙකට වෙනස්. තනි තනි පුද්ගලයන් ගන්නා තීරණ ඔවුන්ගේ පෞද්ගලික තීරණ. ඒවාට එක එක හේතු තියෙනවා. වැදගත් වන්නේ අපි පක්ෂයක් විදියට සහාය දෙනවද නැද්ද කියන දේ. ඒ වගේම අපි ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවන්න කොතරම් කැප වෙනවද කියන දේ. කාලයත් එක්ක ඒ දේ බලාගන්න පුළුවන්.” 

 

 



අදහස් (6)

19 නිසා ජනපති - අගමැති අතර අර්බුදයක් නිර්මාණය වුණා

Victor Friday, 30 August 2019 06:32 PM

ආචාර්යතුමා අායෙමත් කකුල කටේ දමාගෙන...

:       0       18

චමින්දSaturday, 31 August 2019 01:25 AM

කකුල කටේ ගහන්න බැහැනේ... ගහගෙන තිබෙන්නේ කකුලෙ මහපටැඟිල්ල කියලා හිතෙනවා.

:       0       5

victor Saturday, 31 August 2019 09:43 AM

චමින්ද කොහොමත් එකයි. කකුල දිග වැඩියි. ඔබ හරි !. මම යෝජනා කරනවා අපේ ගමේ පොල් කඩන ගුණපාලටත් පොල් ගස් නැගීම පිළිබද ආචාර්ය උපාධියක් පිරිනැමීමට? මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ අවධානය මේ සඳහා යොමුවේවා...

:       0       14

kule Saturday, 31 August 2019 10:38 AM

ආචාර්ය කෙනෙක් වුණාට මෙයාට අනාගතය පෙනෙන්නේ නෑනේ? 19ට විරුද්ධව ඡන්දය දීපු සේරටම අනාගතය පෙනුණයි කියලයි මට හිතෙන්නේ..

:       0       11

janthawa Sunday, 01 September 2019 03:19 PM

මෙයාට මොකුත්ම අනාගතය පේන්නේ නැහැ. දුන්නු තරමක් දිරච්ච ලණු. හැම නීති උපදෙසක්ම වැරදියි. මෙයාගෙන් ඉගෙනගත් හැම ළමයම විභාග අසමත්.

:       0       12

sirimal Wednesday, 04 September 2019 09:49 AM

නොම්බර එකේ අවස්ථාවාදියෙක්.., දැනුම අවභාවිතා කරන්නෙක්. එ් නිසා මේ කියන ඒවා කවුද පිළිගන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 266 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 942 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1191 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 356 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 93 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1120 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site