IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


රටටම බරක්වූ හම්බන්තොට වරායේ ණය ගෙවන්න මින්පසු මහජන මුදල් ගන්නේ නෑ

 

(අංජුල මහික වීරරත්න)

“රටටම මහ බරක්ව පැවති හම්බන්තොට වරායේ ණය ගෙවීම සඳහා මින් පසු ජනතාවගෙන් කිසිදු මුදලක් ගන්නේ නැතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය.

“හම්බන්තොට වරාය ගිවිසුම යටතේ එක්වර ගෙවූ ඇමෙරිකා ඩොලර් මිලියන 292 ක ආයෝජනය මෙරට විදේශ සංචිතයට එකතු කරන බව කී අග්‍රාමාත්‍යවරයා, මෙලෙස සනිටුහන් කළ ආරම්භය අවසන් කරන්නේ ඩොලර් මිලියන දහස් ගණනක් මෙරට විදෙස් සංචිතවලට යොමු කිරීමෙන් පසුව යැයිද” අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ හම්බන්තොට වරාය ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ සමරුම් උත්සවයේදීය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී උත්සවය පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

“චීන-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස හම්බන්තොට වරායේ පාලන කටයුතු ගෙන යෑම අද බාර  ගත්තා. මෙතැන් සිට හම්බන්තොට වරාය ඉන්දියන් සාගරයේ ප්‍රධානතම වරාය ලෙස පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ජාතික ආණ්ඩුවේ අරමුණ වුණේ හම්බන්තොට පැවැති හිස් වරාය වෙනුවට ක්‍රියාකාරී වරායක් බවට එය පත් කිරීමයි. ඒ සඳහා වන මූලික පියවර අද අප ගෙන තිබෙන බව සිහිපත් කළ යුතුයි.

ඒ වැඩපිළිවෙළේ පළමු පියවර ලෙස හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් ආර්ථික කලාප කිහිපය ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ හරහා කර්මාන්ත කරණයක් සිදු වනවා සේම සංචාරක ව්‍යාපාරය ද දියුණු වෙනවා.

ප්‍රදේශයේ නාවුක ගමනා ගමනයත්, කර්මාන්ත ක්ෂේත්‍රයත්, සංචාරක ව්‍යාපාරයත් දියුණු වීමෙන් ඉතිහාසයේ පළමු වතාවට රුහුණට කර්මාන්ත, ආර්ථික පදනමක් අප දෙනවා. ඒ දියුණුව උදාවන බව ස්ථීර වශයෙන්ම මට ප්‍රකාශ කළ හැකියි. මොකද ඒ දියුණුව කටුනායක, බියගම, කඩුවෙල, සීතාවක වැනි ප්‍රදේශවල මා ගෙන ආවා.
2015 සහ 2016 ජනාධිපතිතුමාත්, මමත්, මහජන චීනයේ ජනාධිපති ෂී ජින් පිං මැතිතුමා සමග සාකච්ඡා කර මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තීරණය කළා.

මේ සඳහා අවශ්‍ය නීති පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තා. ඒ අනුව මේ උත්සවයෙන් පසු ඒ වැඩ කටයුතු බාර ගන්නවා.

හම්බන්තොට වරායේ පරිපාලන සහ මෙහෙයුම් කටයුතු චීන-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයට අප දෙනවා. ඒ සඳහා වන මුදල් මේ මොහොතේම අපට ලැබෙනවා. මේ නිසා හම්බන්තොට වරායේ ණය මින් පසු රටට බරක් වන්නේ නැහැ.  

2014 හා 2015 යන වසරවල අප පොරොන්දු වුණේ ජනතාවට බර පටවන්නේ නැතිව හම්බන්තොට වරාය දියුණු කරන බවටයි. ඒ පොරොන්දුව දැන් ඉෂ්ඨ කර ඊළඟ පරම්පරාවට පමණක් නොව මේ පරම්පරාවට පවා එය අප බරක් කරන්නේ නැහැ. ඒ අයට ණය ගෙවන්න මා ඉඩ තියන්නේ නැහැ.

චීන-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරය ලෙස හම්බන්තොට වරායේ පාලන කටයුතු භාර ගැනීමත් සමග මූලික ගෙවීම ලෙස අද දිනයේම මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 292 ක චෙක් පත ලැබෙනවා. ඒ මුදල අපේ විදේශ සම්පත් සංචිතයේ විශේෂ ගිණුමේ තැන්පත් කරනවා.

වසර 25 කට පසු අපේම කියලා ඩොලර් මිලියන 300 කට ආසන්න මුදල විදේශ සම්පත් සංචිතයට එක්වන අවස්ථාව මෙයයි. ඒ අනුව ණය ගෙවීම සඳහා ක්‍රියා කරන ආකාරය ඒ තුළින් සනාථ වෙනවා.

ඇතැම් අය ප්‍රකාශ කරන විදිහට මෙය සුළු ගණනක් විය හැකියි. නමුත් එය රටට විශාල ගණනක් බව කිව යුතුයි. මේ ආරම්භයයි. අප අවසන් කරන්නේ ඩොලර් මිලියන දහස් ගණනක් අපේ සංචිතවලට යොමු කිරීමෙන් පසුවයි.

හම්බන්තොට වරායෙන් හා කර්මාන්තපුරයෙන් උපදවන විදේශ විනිමය අපේ විදේශ සංචිතවලට යොමු වන බව කිව යුතුයි. එසේ නම් අප ගන්නා පියවර නිසා මීට වඩා හොඳ ශ්‍රී ලංකාවක් ගොඩනැගිය හැකියි. ඒ විශ්වාසය මත අපේ අනාගත පරපුරට කිසිඳු බියක් සැකක් නැතිව ඉදිරියට යා හැකියි.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන බවට එදා අප පොරොන්දු වුණා. මේ හරහා වන්නේ ඒ අරමුණ ඉටු කර ගැනීමට අවශ්‍ය වැදගත් පියවර තැබීමයි. ඒ නිසා අප සමග වැඩ කරන හවුල් ව්‍යාපාරයටත්, එය සාර්ථක කර ගැනීම සඳහා අප සමග ක්‍රියා කරන මහජන චීන ආණ්ඩුවටත්, ෂී ජින් පිං ජනාධිපතිතුමාටත් මගේ ස්තූතිය පළ කිරීමට කැමැතියි” යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.


චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින් සමාගමේ විධායක උප සභාපති හු යෑන් හුවා මහතා:-

“අප මැදිහත් වී මෙහෙයුම් කටයුතු කරන දෙවැනි වරාය වන්නේ හම්බන්තොට වරායයි. ඉදිරි වසරවලදී ඔබ සමග එක්වී වැඩ කටයුතු කරන්න අප සූදානම්.

මේ ව්‍යාපෘතිය මගින් අපට සුවිශේෂී රැකියා අවස්ථා බිහි කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ තුළින් හම්බන්තොට ජනතාවට පමණක් නොව ඒ අවට නගරවලටත් රැකියා අවස්ථා උදා වෙනවා.

එසේම අපේ මව් සමාගම හරහා විශාල ශ්‍රී ලාංකික පිරිසක් මේ වන විටත් විදෙස්ගතව රැකියාවල නිරත වෙනවා. එසේම පුහුණු වැඩසටහන්වලට සහභාගී වෙනවා.”

මෙම අවස්ථාවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, විශේෂ කාර්ය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගේ, ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලියං යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ චීන නියෝජිතයෝ රැසක් සහභාගී වී සිටියහ.

ඡායාරූපය - ගයාන් අමරසේකර



අදහස් (3)

රටටම බරක්වූ හම්බන්තොට වරායේ ණය ගෙවන්න මින්පසු මහජන මුදල් ගන්නේ නෑ

Rohana Monday, 11 December 2017 06:56 AM

අගමැතිතුමනි, මොන කෙහෙල්මලකටද සමරුම් උත්සව පවත්වන්නේ? මහජනතාවගේ මුදල් විනාශ කරන්න එපා.

:       10       265

Bamunuarachchi Friday, 15 December 2017 06:18 AM

ඔබලාත් මේ රටටම බරක් කරුණාකර 99 අවුරුද්දකට මේ රටින් චුත වෙන්න...

:       3       76

daham Friday, 15 December 2017 01:29 PM

එතකොට මේක මේ රටට විතරද බර? චීන්නු මේක සල්ලි වලට ගත්තේ හම්බ කරන්න නෙමෙයිද? පිස්සුවටද? නිකම් බයිලා කියන්න එපා. මේකෙන් හම්බ කරන්න පුළුවන් කාලේ ඉස්සරහට එනකොට මේක අපිට අයිති නැහැ. මොන අපරාධයක්ද මේ කලේ? කවදා හරි මැරෙන මොහොතෙදී හිතට වද දේවි මේ අපරාධ මතක් වෙලා.

:       2       70

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1295 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site