(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමය පිළිබඳව ලබන ඔක්තෝබර් අවසන් වීමට පෙර තීරණයකට පැමිණිය හොත් ලබන වසරේ ජනවාරි (5) වැනි දා එම මැතිවරණය පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසම් සභාවේ සහ සීමානීර්ණ කොමිසම් සභාවේ සභාපති දෙපල පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (20) පැවති පක්ෂ නායක රැස්වීමේ දී පැවසූහ.
මෙම පක්ෂ නායක රැස්වීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (20) පෙරවරුවේ පැවැත්විණි.
ඒ සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ආර්. සම්බන්දන් ෆයිසර් මුස්තාපා, නිමල් සිරිපාල සිල්වා, රවුෆ් හකීම්, මලික් සමරවික්‍රම, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, අනුර කුමාර දිසානායක සහ අමීර් අලි යන මැති ඇමැතිවරු සහ පක්ෂ නායකවරු සහභාගී වුහ.
ඊට අමතරව කතානායකවරයාගේ ආරාධනය පරිදි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ සීමානීර්ණ කොමිසන් සභාවේ සභාපති කේ. තවලිංගම් යන මහත්වරුන් ද එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පළාත් සභා මැතිවරණය ජනවාරි 5 දාත් පුළුවන්