IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඇමැති ධුරය යළි භාර නොගත්තේ ඇයි? කල්මුණේ ප්‍රශ්නය විසඳෙනකම් අපි බලා ඉන්නවා

හිටපු අමාත්‍ය ෆයිසාල් කාසිම්   

පාස්කු දින ප්‍රහාරයෙන් පසු පෙළ ගැසුණු දේශපාලන සිදුවීම් මාලාවේ තීරණාත්මක කාරණයක් වූයේ මුස්ලිම් ඇමැතිවරු සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමයි. එලෙස ඉල්ලා අස්වූ ඇමැතිවරුන් අතරින් කීප දෙනෙක් පසුගියදා යළිත් ඔවුන් දැරූ ඇමැති ධුරවල දිවුරුම් දුන්හ. නමුත් තවත් කීප දෙනෙක් එසේ ඇමැති ධුර භාරගත්තේ නැත. එසේ ඇමැතිකම් භාර නොගත් හිටපු අමාත්‍ය ෆයිසාල් කාසිම් ඒ පිළිබඳ අදහස් දැක්වීමට මෙසේ එක් විය.   


• ඒකමතික තීරණයකට අනුව ඇමැතිකම්වලින් ඉල්ලා අස්වුණු ඔබලා අතරින් කීප දෙනෙක් නැවත ඇමැතිකම් භාර ගත්තා. ඒත් ඔබ යළිත් ඇමැතිකම් ගත්තේ නෑ. ඇයි එහෙම කළේ?   


මගේ දිස්ත්‍රික්කය තමයි අම්පාර දිස්ත්‍රික්කය. අපිට අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රදේශයේ ‘ඉෂූ’ එකක් තියෙනවා. ඒ ප්‍රශ්නය විසඳෙනකම් අපි බලාගෙන ඉන්නවා. ඒකට හරි විසඳුමක් ලැබිය යුතුයි. අගමැතිවරයා මේ ගැන අවධානය යොමු කරාවි කියල හිතනවා. අපේ පක්ෂයේ අය මේ පිළිබඳව මේ දවස් ටිකේම සාකච්ඡා කළා. අපේ නායක රවුෆ් හකීම් මේ ගැන උනන්දුවෙන් කටයුතු කරනවා.   


• ඇමැතිකම් ගත්තු අයට ඔය වගේ කිසි ප්‍රශ්නයක් නැද්ද?   


අපේ ප්‍රදේශයේ ප්‍රශ්නය අපටනේ තියෙන්නේ. අනික් අයට එ්ක ඒ තරම් අද‌ාළ නෑ. අපි තමයි අපේ නායකතුමාට ඇමැතිකම් අරගන්න කියලා කිව්වේ. අනික් අය වෙන වෙන ප්‍රදේශ නියෝජනය කරන්නේ. ඒ අයට ඇමැතිකම් බාර නොගන්න හේතුවක් නෑ. ඒක නිසා ඒ අය ඇමැතිකම් බාර ගත්තා.   


• ඉල්ලා අස්වෙද්දී එකට ඉල්ලා අස්වෙච්ච ඔබලා ආපහු ඇමැතිකම් ගනිද්දී බෙදුනෙ ඇයි? ​ඔබේ ප්‍රශ්නය වෙනුවෙන් අනික් අය පෙනී ඉන්නේ නැද්ද?   


නෑ. එහෙම එකක් නෑ. අපිමයි කිව්වෙ රවුෆ් හකීම්ට ඇමැතිකම් අරගන්න කියලා. අපි එදා ඒ තීරණය ගත්තේ මුස්ලිම් ජනතාවට බලපෑ ප්‍රශ්නයක් නිසා. මේක අපේ දිස්ත්‍රික්කයේ ඉෂූ එකක්නේ. ඒක නිසා මේ දෙක පටල ගන්න ඕන නෑ.   


අනික් අයට ඇමැතිකම් බාරගන්න අපි අපේ ප්‍රශ්නය බේරුමක් කරගෙන ඊට පස්සේ ඇමැතිකම් බාරගන්නම් කියල අපි ඒ අයට දැනුම් දුන්නා. ඒ අයට ඇමැතිකම් බාරගන්න කියලා අපි කිව්වෙම කැබිනට් එකේ අපේ ප්‍රශ්න කතා කරන්න අපේ පක්ෂය වෙනුවෙන් කවුරුත් නැතිවෙන එක ප්‍රශ්නයක් වෙන හින්ද‌ා. රවුෆ් හකීම් ඒ අනුවයි තීරණය කළේ නැවත ඇමැතිකම් බාරගෙන කැබිනට් එකට යන්න.   


• ඔබලා ඉල්ලා අස්වෙන්න හේතු වුණු ප්‍රශ්නෙ දැන් සහමුලින්ම විසඳිලා ඉවරද?   


එද‌ා ඇතිවුණු තත්ත්වය රටේ කවුරුත් හොඳට දන්නවා. රතන හාමුදුරුවො ඇවිල්ල කිව්වේ රිෂාඩ් බදියුර්දීන්ටයි, හිස්බුල්ලටයි, අසාද් සාලිටයි තමන්ගෙ තනතුරුවලින් අයින් වෙන්න කියලා. ඒ වෙලාවේ රටේ තිබුණු තත්ත්වය හරි භයානකයි. කොයි වෙලාවෙ ප්‍රශ්නයක් ඇති වෙයි ද දන්නෙ නැති වාතාවරණයක් තිබුණේ. මොකක් හරි ගැටුමක් ඇති වුණා නම් අපිට ලොකු චෝදනාවක් එනවා. ඒ තත්ත්වය දිගටම යන්න ගත්තා නම් යම් අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙන්නත් ඉඩ තිබුණා. අපිට අවශ්‍ය වුණේ‍ නෑ රටේ අවුලක් ඇති වෙනවට. ඒ දවස් දෙක තුන රට ලොකු ගැටලුවක තිබුණේ එද‌ා.   


අපි ඒ තීන්දුව ගත්තෙ නැතිනම් මොකක් වෙයිද? යම් යම් පිරිස් කුපිත වෙලා ප්‍රශ්න ඇති කළා නම් මොකද වෙන්නේ. මේ සියල්ල නැති වුණේ අපි සාමූහිකව අරගත්තු තීරණය නිසා. අපි ඒ වෙලාවෙ හිතුවෙ අපේ ඇමැතිකම්වලට වඩා රට ගැන. රට තුළ අපි නිසා අර්බුදයක් වෙන්න දෙන්න හොඳ නෑ කියන අදහසේ අපි දිගටම හිටියේ. රට ගැන ලොකුවට කතා කරන සමහර අය පොඩ්ඩ ඇත්නම් ගැටුම් ඇති කරගන්න හදනවා. අපි එහෙම හිතන්නේ නෑ.   


• හැබැයි පාස්කු දින ප්‍රහාරයේ වගකීම බාරගන්න කෙනෙක් තාම නෑ. මියගිය අයට තමන්ගෙ ජීවිත අහිමි වුණු එක විතරයි......   


මේ ප්‍රහාරය කළේ‍ සහරාන්ගෙ ටීම් එක. ඒක හරි පැහැදිලියිනේ. ඒ ටීම් එකේ හිටියා එකසිය පනහක් විතර. ඒ අතරින් මියගිය අය ඇරෙන්න අනික් අය ඔක්කොම වගේ දැන් අල්ලලා තියෙන්නේ.   


ලෝකෙම මේ ප්‍රශ්නය ඇති වෙච්ච රටවල් දිහා බැලුවම පේනවා අපේ රටේ විතරයි මාසයක් දෙකක් ඇතුළත මේ ප්‍රහාරවලට සම්බන්ධ සියලු දෙනාම අල්ලගන්න පුළුවන් වෙලා තියෙන්නේ. වෙන රටවල්වලට එහෙම කරගන්න බැරි වුණා.   


• මේ ප්‍රශ්නයේ දී විශාල චෝදනාවක් එල්ල වුණ රිෂාඩ් බදියුර්දීන් කිසිම ප්‍රශ්නයක් නැතුව ආපහු ඇමැතිකමේ.....   


රිෂාඩ් ඇමැතිතුමාට තිබිච්ච ප්‍රශ්න ඔක්කොම කිව්වනේ. පරීක්ෂණත් පැවත් වූවා. ඒ පරීක්ෂණ පවත්වපු අයම තමයි එතුමා නිදොස් කියල ප්‍රකාශ කළේ. ඉතිං තවත් මොකක්ද කරන්න කියන්නේ? එතුමම ප්‍රසිද්ධියේම කියනවා එයා වැරදි කරලා තියෙනව නම් පරීක්ෂණ පවත්වලා ඕන දඬුවමක් දෙන්න කියලා. අපිත් කියන්නේ ඒක තමයි.  


ඔය එක එක්කෙනා තැන තැන බොරුවට කෑගැහුවට වැඩක් නෑ. විමල් වීරවංශලා තාම එක එක කතන්දර කිය කිය යනවා. අපි කියන්නේ පොලිසිය, සී.අයි.ඩී. එක ලව්වා පරීක්ෂණ පවත්වලා ඔය කියන චෝදනා ඔප්පු කරලා පෙන්වන්න. එතකොට ඕන දඬුවමකට එතුමා සූදානම්. අපි කියන්නේ එහෙම නැතුව රටේ ජනතාව නොමග යවන්න එපා කියලා. මේවා ඡන්ද ගන්න බලාගෙන කරන වැඩ කියලා මිනිස්සු දැන් දන්නවා. මේ ප්‍රශ්න තම තමන්ගේ දේශපාලන වාසියට හරවගෙන රට නොමග යවන එක හොඳ නෑ.  


• රතන හාමුදුරුවෝ කියනවා නැවත වතාවක් රිෂාඩ් බදියුදීන්ට විරුද්ධව විශ්‍වාසභංගයක් ගේනවා කියලා......  


ගේනව නම් ගේන්න කියන්න. ගෙනල්ලා ජයග්‍රහණය කරවන්න කියන්න. එතකොට රිෂාඩ්ට පුළුවන් තීරණයක් ගන්න.  


• ඔබ ආපහු ඇමැතිකම ගන්නේ කවද්ද?  


මම අද තමයි අම්පාරෙ ඉඳලා කොළඹ එන්නේ. අපි ඇවිත් අපේ පක්ෂෙ අය එක්ක සාකච්ඡා කරලා ඒ ගැන තීරණයක් ගන්නවා. ඉතාම ඉක්මනට අපි මේ ගැන අවසන් තීන්දුවක් ගන්නවා.  


• බැටිකලෝ කැම්පස් එක ගැන හිස්බුල්ලා ඇමැතිවරයාටත් රටේ ලොකු විරෝධතාවක් ඇති වෙලා තියෙනවා.......  


ඒක ඇවිල්ලා ප්‍රයිවට් යුනිවසිටි එකක්. ඒ ගැන බොරු ප්‍රචාර ගොඩක් ගියා. මුස්ලිම් අන්තවාදය ඒකෙ උගන්වනවා කියලා බොරු ප්‍රචාර යනවා. එහෙම එකක් නෑ. රටේ ඕනම ළමයෙකුට ඒ යුනිවසිටි එකට ඇප්ලයි කරන්න පුළුවන්. මුස්ලිම් අයට විතරක් කියල එකක් නෑ. සහරාන්ලගෙ ප්‍රහාරයෙන් පස්සෙනේ ඔය ඔක්කොම ප්‍රශ්න. ඊට කලින් ඔය කිසි විරෝධයක් නෑ.  


ආගමික වශයෙන් මෙහොම බෙදිලා රණ්ඩු වෙවී හිටියොත් මේ රටට කවදාවත් ඉදිරියට යන්න බෑ. හැමෝම අනික් අයගෙ ආගමට ජාතියට ගෞරව කරන්න ඕන. අන්තවාදීව කටයුතු කරන සුළු පිරිසකගේ ක්‍රියාවලට අනුව සමස්ත මුස්ලිම් ප්‍රජාව දිහා බලන්න එපා.  


• පාස්කු දින ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කලින් තොරතුරු දැනගෙන හිටියා කියලා කියනවා. විශේෂයෙන් ඔබ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් මේ ගැන ඇත්තටම කලින් දැනගෙන හිටියද?  


නෑ. අපි ඒ බවක් දැනගෙන හිටියේ නෑ. සහරාන්ල වෙන ප්‍රශ්නයකට ගැටුම් ඇති කරගත්තු කෙනෙක්. එයාලට එයාලගෙ තරහකරුවො එක්ක ප්‍රශ්නයක් තිබුණේ. කොහොම හරි එයාල හිතුවෙ නැති තැනකට තල්ලුවෙලා පස්සේ පස්සේ අපි මේ ප්‍රහාරය ගැන දැනගෙන හිටිය නම් අදාළ අය දැනුවත් කරන්නේ නැතුව ඉන්නද අපිත් ෂොක් වුණා මේ ප්‍රහාරය ගැන ආරංචි වුණාම.  


• ඉස්සරහ ඇමැති මණ්ඩලේ අවුලක් නැතුව වැඩ කරගෙන ඉන්න පුළුවන්ද?  


ඇයි බැරි? අපිට පුළුවන්. මම ආපහු කියනවා කවුරු හරි මුස්ලිම් ඇමැතිවරයෙක් හරි මන්ත්‍රීවරයෙක් හරි අන්තවාදීන් එක්ක කටයුතු කරලා තියෙනවා කියලා ඔප්පු කළොත් අපි ඉල්ලා අස්වෙලා යනවා.  


• ඊළඟට හැදෙන කොයි ආණ්‍ඩුව එක්ක ද ඔබලා හවුලකට යන්නේ?  


දැන්ම ඒක තීරණය කරන්න බෑ. ජනාධිපති අපේක්ෂකයෝ කවුද කියලා හෙළිදරව් කළාට පස්සේ අපිට ඒ ගැන තීන්දු කරන්න පුළුවන්.

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි   

 



අදහස් (0)

ඇමැති ධුරය යළි භාර නොගත්තේ ඇයි? කල්මුණේ ප්‍රශ්නය විසඳෙනකම් අපි බලා ඉන්නවා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24136 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18131 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10854 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 566 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 171 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 830 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site