IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


පොදුජන පෙරමුණේ සැලුන් දොරත් ඇරලා


(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඕනෑම  දේශපාලඥයෙකුට ඇතුලුවන්නත් පුලුවන්,  පිටවෙන්නත් පුලුවන් අයුරින් සැලුන් දොරක් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පැවසීය.

මන්ත්‍රීවරයා එසේ පැවසුවේ, මාවුස්සාකැලේ සමන් දේවාලයේදී අද (19) පෙරවරුවේ  විශේෂ පූජාවක් පැවැත්වීමෙන් අනතුරුව නල්ලතන්නිය, කල්පවෘක්ෂ විහාරයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

එහිදී සී.බී.රත්නායක මහතා මෙසේද කීය.

“ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්න පැමිණි අවස්ථාවේ මා කියන්න ඕන මේ රටේ ජාතික ආරක්ෂා හා මේ රටේ ජාතික ආර්ථිකය අනාගත සැලැස්මක් අනුව අපේ මාතෘ භූමියට එකතුකරන්න යන ගමනේ ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෘජු නායකත්වයකින් ස්ථිර වශයෙන්ම රටේ ජනාධිපතිවරයා ලෙස පත්වෙනවා. ඒ පත්වීමත් එක්කම රටේ සශ්‍රීක භාවයක් ඇතිවෙනවා කියන එක මගේ හා අපේ විශ්වාසය.

විජේදාස රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ පැමිණිම සම්බන්ධව කියන්න තියෙන්නේ පාට, පක්ෂ වලට වඩා මම හිතන්නේ හෘද සාක්ෂියට එකඟව මගේ මාතෘ භූමිය උතුම් කියන චේතනාවත් එක්ක ආපු ගමනක්. සමහර අය එල්බගෙන ඉන්න පුලුවන් එක එක පක්ෂ ගැන. එක එක ප්‍රතිපත්ති ගැන. නමුත්  සියළු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නම් අපට රටක් තියෙන්න ඕනෑ. ඒක හරියට තැල්ල බඳින්න බෙල්ල තියෙන්න ඕන කිව්වොත් නිවැරදියි. එහෙම නැති වුණොත් අපිට ප්‍රශ්නයක් තියෙනවා.”

“විජේදාස රාජපක්ෂ මැතිතුමා දුරදක්නා ඥාණය පිළිබඳව ගත්තාවූ තීරණයට  විශේෂයෙන්ම රටේ ජනතාව ස්තූති වන්ත වෙනවා. නිතරම සත්‍ය  කතාකරන, සත්‍ය වෙනුවෙන් පෙනී සිටින, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න නිවැරදිව පෙනි සිටිය කෙනෙක් විදිහට මම එතුමා දකිනවා. මාතෘ භූමිය ගැන හිතන බොහෝ පිරිසක් ඉදිරියේදී අප සමග එකතු වෙන්න සිටිනවා. මහින්ද රාජපක්ෂ මහතා කිව්ව වගේ මේ පක්ෂයේ එතුමාගේ  ක්‍රියා කලාපයට ඕනම කෙනෙකුට ඇතුලුවෙන්නත් පුලුවන්. ඕනම කෙනෙකුට පිටව යන්නත් පුලුවන්. එතුමා කිව්වා වගේ  සැලුන් දොරක් තියෙනවා. එන්නත් පුලුවන් යන්නත් පුලුවන්.” යැයි පැවසීය.

කල්පවෘක්ෂ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියෝ මෙහිදී සී.බි. රත්තනායක මන්ත්‍රීවරයාට ආශීර්වාද කරමින් පිරිතක් නූල් බැඳීම සිදුකළහ. මෙම අවස්ථාවට අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතාද සහභාගි විය.



අදහස් (0)

පොදුජන පෙරමුණේ සැලුන් දොරත් ඇරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1164 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1170 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site