(සුජිත් හේවාජුලිගේ)
ප්‍රධාන පක්ෂ දෙකට එකට එකතුවීමට සිදු වුණේ යුද්ධය අවසන් වුවත් රටේ සාමය ඇති නොවුණ නිසා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
රටේ ලොකු සංහිදියාවක් ඇති කිරීමට පසුගිය අවුරුදු තුනේදී හැකියාව ලැබුණු බව කී අගමැතිවරයා ජාති භේද ආගම් භේද උපරිම දුරකට සීමා කරගෙන ඇතැයිද ප්‍රකාශ කළේය.
ජාතීන් අනෝන්‍ය වශයෙන් යා කෙරෙන පාලම භාෂාව යැයිද ඔහු කීය.
අගමැතිවරයා මේ බව පැවසුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (26) පැවැති සිංහල දෙමළ ද්වි භාෂා තරගවලින් ජයගත් පාසල් සිසු සිසුවියන්ට ත්‍යාග සහතිකපත් පිරිනැමීමේ උත්සවයේදීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සංවිධාන කරනු ලැබුවේ ජාතික එකාබද්ධතා සංහිදියා හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය විසිනි.
ගුවන් විදුලි සේවාවන් නවයක් ඔස්සේ විකාශනය කෙරුණු ද්විභාෂා තරගවලින් ජයගත් පාසල් සිසු සිසුවියෝ 3789 දෙනෙක් මෙහිදී ඇගයීමට ලක්වූහ.




2025 දෙසැම්බර් මස 18
469
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතීන් අනෝන්‍ය වශයෙන් යා කරන පාලම භාෂාවයි - අගමැති