(අජිත්ලාල් ශාන්තඋදය)
බයිසිකලෙන් යන නංගිලා මල්ලිලාගේ කාර් සිහිනය සැබෑකරන බව කියූ ආණ්ඩුව පුංචිකාර්වල බද්දත් වැඩිකර මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් ද වැඩිකිරීමට පියවර ගැනීම අනුමත කළ නොහැකි බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතා පවසයි.
වත්මන් යහපාලන ආණ්ඩුව ජනතාවට බදුපිට බදු පටවා මන්ත‍්‍රීවරුන්ගේ වැටුප 215% කින් සහ වරප‍්‍රසාදලත් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගෙන ඇත්තේ ජීවන බර ඇත්තේ ඔවුන්ට පමණක් යැයි සිතූ නිසා දැයි ප‍්‍රශ්න කරයි.
මන්ත‍්‍රීවරුන්ට සහ වරප‍්‍රසාදලත් රජයේ සේවකයන්ට වගේම සාමාන්‍ය ජනතාවට ද මේ වනවිට ජීවන බර උහුලන්නට බැරිව ජීවත්වීමේ අරගලයක යෙදී සිටින බවත් එසේ තිබියදී මන්ත‍්‍රීවරුන්ට පඩි වැඩිකරන්නේ මන්ත‍්‍රීවරුන්ගේ කටවල් වසා දැමීමේ අරමුණු ඇතිව යැයි ජනතාව චෝදනා කරන බවත් මන්ත‍්‍රීවරයා කීවේ ය.
යතුරු පැදියෙන් ගිය කෙනෙකුගේ සිහිනය වුනේ මොටර් රථයක් බව කී මන්ත‍්‍රීවරයා කුඩා මෝටර් රථයක් මිලදී ගත් ඒ ජනතාවගේ මෝටර් රථ සිහිනය ආණ්ඩුව විසින් බදු වැඩිකර බොඳකර දැමූ බව මන්ත‍්‍රීවරයා පැවැසීය.
ඒ වගේම හම්බන්තොට වරාය වැනි ජාතික සම්පත් පිටරැටියන්ට විකුණා දමා ඒ මුදල්වලින් ‘‘ගම්පෙරළිය‘‘ නමින් හදුන්වා ඇති විකාරයකට යොදවා පක්‍ෂයේ හෙන්චයියලාට ගසාකන්නට අලූත් ව්‍යපාරයක් අරඹා ඇතැ බවත් ආණ්ඩුවේ මේ සෝභන වැඩ සියල්ල හෙළා දකින බවත් මේ නාස්තිකාර සහ ජනතාව පීඩාවට පත්කරවන වැඩ වහා නවත්වන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද මන්ත‍්‍රීවරයා කීවේය.
2025 නොවැම්බර් මස 21
37
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
148
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1000
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නංගිලා මල්ලිලාගේ කාර් සිහිනය ආණ්ඩුව බොඳ කළා - මන්ත‍්‍රී පේ‍්‍රමලාල්
kin benat Thursday, 02 August 2018 06:03 PM
නංගිලා මල්ලිලාට නෙමෙයි තාත්තටත් දැන් නම් වාහනයක් ගන්න අමාරුයි කියනවා .
vernon Friday, 03 August 2018 07:57 AM
එතකොට මහත්තයෝ තමුන්ලගේ කාලේදී කාර් ලාබෙට තිබ්බද? තමුන්ට ඔය පැත්තේ කියන්නේ චොකා කියලා නේද? ඉස්කෝලේ කීයට විතර ඉගෙනගෙන තියෙනවද දන්නෙ නෑ නේද?