IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


අගෝස්තුවේ අපේ උද්ඝෝෂණ නිසා ආණ්ඩුව ඇතුළේ භේද ඇතිවේවි

එක්සත් ජනතා නිදහස සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක 

වාසුදේව නානායක්කාර

එළැඹෙන අගෝස්තුව රටට තීරණාත්මක යැයි ඒකාබද්ධ විපක්‍ෂය කියයි. ඒ ඇයි? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා සමඟ කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය: අගෝස්තු මාසය තීරණාත්මකයි කියලා ඒකාබද්ධ විපක්‍ෂය කියනවා.  


පිළිතුර: ඔව්. අගෝස්තු මාසයේදී අපි අපේ විරෝධතා ක්‍රියාකාරීත්වය 17 වැනිද‌ා කොළඹ නගරය තුළදී දක්වන්නයි බලාපොරොත්තුව. ඒ විරෝධතාව ප්‍රබල විරෝධතාවක් බවට පත්වේවි. ඊට අමතරව ආණ්ඩුවට විරුද්ධව විවිධාකාර ක්‍රියාකාරීත්වයන් ක්‍රමානුකූලව අගෝස්තුවට ගොනුවෙමින් තිබෙන බවක් පේනවා.  


ප්‍රශ්නය:ඒ කියන්නේ?  


පිළිතුර: ඒ කියන්නේ, ගුරු සංගම්වල ක්‍රියාකාරීත්වය, පරිපාලන සේවා සංගම්වල විරෝධතා ව්‍යාපාර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විරෝධතා. මේවා ඔක්කොම අගෝස්තුවට එකතු වෙන්න ඉඩ තියෙනවා.  


ප්‍රශ්නය: ආණ්ඩුව වට්ටන කුමන්ත්‍රණයකද ඒකාබද්ධ විපක්‍ෂ ඉන්නේ?   


පිළිතුර: නෑ. ආණ්ඩුව වැට්ටීම නොවෙයි අපේ විරෝධතාව ප්‍රකාශ කිරීමයි අරමුණ. හැබැයි එකේ ප්‍රතිඵලයක් හැටියට ආණ්ඩුව ඇතුළත මත භේද ඇති වේවි. ඉරිතැලීම් ඇති වේවි. එහෙම වෙලා ආණ්ඩුව වැටෙන්න ඉඩ තියෙනවා. විරෝධතා හරහා එන කම්පනයෙන් එන මතබේද... හරියට පෙබරවාරි 10 ඡන්දයෙන් පස්සේ ඇති වුණ කම්පනයෙන් මතු වූ මතබේද වගේ.  


ප්‍රශ්නය:මේ අවුරුදු තුනටම ඒකාබද්ධ විපක්‍ෂය උද්ඝෝෂණ කළා. විරෝධතා කළා. ඒත් දිනාගත්ත දෙයකුත් නෑ.  


පිළිතුර: නෑ නෑ, දිනාගත්ත දේවල් ගොඩක් තියෙනවා.  


ප්‍රශ්නය: ඒ මොනවද?  


පිළිතුර: පෙබරවාරි 10 වැනිද‌ා අප ලැබූ ජයග්‍රහණය අපට ලැබුණේ අප ගෙන ගිය විරෝධතාවෙ ශක්තියෙන් කියන එක හැමෝම දන්නවා. ඒ වගේම මේ විරෝධතා නිසා යම් යම් අණපනත් ගේන්න තිබුණ ඒවා අපේ රටේ අයිතිය අහිමි කරන්න යම් තරමකට සීමා කරගන්න අපට පුළුවන් වෙලා තියෙනවා.  


ප්‍රශ්නය: විශේෂ මහාධිකරණ ගෙනල්ලා ආණ්ඩුව හොරු අල්ලන වැඩේ වේගවත් කරලා ඒකට ඒකාබද්ධය භය වෙලාද?  


පිළිතුර: දේශපාලන දඩයම් කිරීම කොයි විදියකින්වත් කාටවත් අනුමත කරන්න බැහැ. නමුත් චෝදනා ඉදිරිපත් කරලා මහාධිකරණයක නඩුවක් අහනවා නම් ඒක සාමාන්‍යයෙන් හැමද‌ාම මේ රටේ වෙච්ච දෙයක්. ඒක අලුත් අධිකරණයක් නොවෙයි. ඒ කියන්නේ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චයකාර සභාවකි. එබඳු සභාවකට මෙබඳු චෝදනා ඉදිරිපත් කළ යුතුද කියලා තීරණය කරන්නේ අගවිනිසුරුතුමා. එතකොට අගවිනිසුරුතුමා තීරණය ක​ෙළාත් යම් යම් චෝදනා සම්බන්ධයෙන් අප චෝදනා ඉදිරිපත් කළ යුතුයි. අද‌ාළ පුද්ගලයන්ට කියලා එතකොට මේ ත්‍රිපුද්ගල මහාධිකරණය ඒවා විභාග කරනවා. ඒත් ආණ්ඩුවට වුවමනා වුණ පළියට අධි චෝදනා පත්‍ර ඉදිරිපත් කරන්න බැහැ.  


ප්‍රශ්නය:ආණ්ඩුව සීපා ගිවිසුම ගේනකොට ඒකාබද්ධ විපක්‍ෂය ‘එපා’ කිව්වා. දැන් සිංගප්පූරුවත් එක්ක අත්සන් කරලා තියෙන වෙළෙඳ ගිවිසුමටත් විරුද්ධයි. ඔහොම විරුද්ධ වුණාම කොහොමද ආයෝජකයෝ එන්නේ. ඔබලා මේ කරන්නේ රටට හතුරු වැඩක්.?  


පිළිතුර: නෑ නෑ, රටට ප්‍රතිලාභ ලැබෙනවා නම් ඒවට විරුද්ධ වෙන මෝඩයෝ කවුද?   


ප්‍රශ්නය: එහෙම නම් විරුද්ධ වෙන්නේ ඇයි!  


පිළිතුර: අපි කියන්නේ මේවායින් ප්‍රතිලාභ ලැබෙනවාට වඩා අලාභ වෙනවා කියලනේ.  


ප්‍රශ්නය: එහෙම ගිවිසුම් ගහන්න තරමට ආණ්ඩුව මෝඩයි කියලා හිතන්න පුළුවන්ද?  


පිළිතුර:- ඉතින් මෙතැන වෙලා තියෙන්නේ ඒකනේ. සමස්තය බැලුවම ඒකනේ ඇත්ත කතාව. අපි සීපා ගිවිසුම ගනිමු. ඊට ඉස්සෙල්ලා ඉන්දියාවත් එක්ක තිබුණ එස්.ටී.ඒ. ගිවිසුම ගමු. දැන් මේ අය කියන්නේ එස්.ටී.ඒ. සීපා ගිවිසුම් යටතේ ඉන්දියාවට ලැබුණාට වඩා ප්‍රයෝජන අපිට ලැබුණ කියලනේ. ඒකට සීමා වෙලා බැලුවොත් ඉන්දියාව ලංකාවට එවන භාණ්ඩ ප්‍රමාණය බැලුවොත් අපි ඉන්දියාවට යවන භාණ්ඩ ප්‍රමාණය වගේ සිය ගුණයකටත් වැඩියි. දැන් එතකොට ඒගොල්ලෝ කියනවා ඒ එස්.ටී.ඒ. ගිවිසුම යටතේ නොවෙයිනේ කියලා. ඒ ගිවිසුම යටතෙද නැද්ද කියනවාට වඩා කොච්චර ප්‍රතිලාභයක් රටකට තියෙනවද තමන්ගේ අපනයනවලින් කියලනේ බලන්නේ.  


එහෙම බැලුවාම ලංකාවට ඉන්දියාව එවන ප්‍රමාණය ලංකාවෙන් ඉන්දියාවට යවන ප්‍රමාණයට වඩා සිය ගුණයකින් වැඩියි. එස්.ටී.ඒ. එකෙන් කෙරෙන්නේ බදු සහන දීමයි. ඉතින් බදු ඉවත් කරන්නෙත් නැතිව ඉන්දියාවට පුළුවන් නම් අච්චර විශාල තොගයක් බඩු භාණ්ඩ ලංකාවට එවන්න එහෙම නම් ඉතින් බදු ඉවත් කිරීමේ වුවමනාවක් නෑ. දැන් මේ බදු ඉවත් කිරීමේ ගිවිසුම තුළ අපට යම් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒත් ඒ ඉන්දියාවෙන් ලංකාව එවන ප්‍රමාණයෙන් සියයට පංගුවක්.  


ප්‍රශ්නය: ගිවිසුම්වල වාසි අවාසි තියෙන්න පුළුවන්. නමුත් කුඩා රටක් හැටියට අපිට ඉදිරියට යන්න වෙන්නේ එහෙමයි කියලත් කියනවා.  


පිළිතුර: කිසිම රටක් තමන්ගේ ජාතික ආර්ථිකයෙ ආරක්‍ෂාව අතහැරලා ගිවිසුම්වලට එන්​ෙන් නෑ. ඒක අපි තේරුම් ගත යුතුයි. ඒ අනුව අපි තේරුම්ගත යුතුයි යම් රටවල් දෙකක් බලය සමානව තියෙන ගිවිසුමකට ආවොත් රටවල් දෙකටම වාසි තියෙනවා. නමුත් බලය සමානව නැති රටවල් දෙකක් අතර ගිවිසුමක් ඇති වෙන කොටම බලය අඩු රටට අවාසියට ඒ ගිවිසුම තීන්දු වෙන බව අපි හැමද‌ාම මේ එදිනෙද‌ා ජීවිතයේදී දැකලා තියෙනවා. දුබලයාට ඕනෑ නම් කටු කෑල්ලක් ලැබෙයි. එච්චරයි වෙන්නේ. එහෙම නැතිව වෙන වාසියක් අපේ රටට නෑ.   


ප්‍රශ්නය: ඔබ සිංගප්පූරු ගිවිසුම ගැන මුකුත් කිව්වේ නෑ.  


පිළිතුර: ඒකත් එහෙමම තමයි. ඒකේ තිබෙන්නාවූ දේවල් ඔක්කොම එකට ගත්තාම අපි ඇහුවාම මේක ගේනවා නම් මේක ගෙන්වනවා නම් ලංකාවේ ආර්ථිකයට හානියක් වෙනවා නේද කියලා. එතකොට කියනවා. ‘‘නෑ නෑ ඒවා ගෙන්වන්න අපි ඉඩ දෙන්නේ නෑ’’ කියලා. ඕක තමයි අපිට කියන්නේ. නමුත් ඒ ඒ අවස්ථාවල ඒ ගිවිසුමේ තියෙන කොන්දේසිවලට අනුව සිංගප්පූරු සමාගම් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතුවලට එන්න හදන කොට එද‌ාට තමයි අපිට ප්‍රශ්නය මතු කරන්න වෙන්නේ අපිට මේක අවාසිද‌ායකයි කියලා.  


ඉතින් අපිට එහෙම ප්‍රශ්න අහන්න නැති වෙන විදියට ගිවිසුම් යනවා නම් ඉවරයිනේ. මම කියන්නේ මේකයි, අපට අවශ්‍යයි විදේශ ආයෝජන. අපි ඉල්ලන්නෙත් විදේශ ආයෝජන. නමුත් විදේශ ආයෝජන අපේ රටේ සැලසුමට හා වුවමනාවට ගැලපෙන්න ඕනෑ. ඒකටනේ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් ඕනෑ කියලා කිව්වේ.  


ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් හද‌ාගෙන, අපි ආර්ථික සැළසුමක් හද‌ාගෙන ඔය ගිවිසුම් ගහනවා නම් කවුරුවත් විරුද්ධ වෙන්නේ නෑ. නමුත් අපට ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් නෑ.  


ප්‍රශ්නය:අපිට ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් තියෙනවා.  


පිළිතුර: ඔය ඔබ කියන්නේ අර හොර වෙළෙඳ ප්‍රතිපත්තියටනේ. අර නවසීලන්තකාරයා හදපු. මේ රටේ වෘත්තියවේදීන් හා වෘත්තිකයන් සංගම් 40ක් විරෝධය පාද්දී තමයි ඔය ගිවිසුම් අද අත්සන කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ රටේ වෘත්තිකයන් වෘත්තීයවේදීන් හා ව්‍යාපාරිකයන් කියන ඒවා සැලකිල්ලට ගන්නේ නැතිව කොහොමද ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් හදන්නේ. අන්න ඒකයි අපේ විරෝධය.  


ප්‍රශ්නය:මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට දෙන්න යනව කියලා ඒකාබද්ධ විපක්‍ෂය කියනවා. නමුත් ආණ්ඩුව කියනවා එහෙම දෙයක් නෑ කියලා. ඇයි මේ බොරු බිල්ලෝ මවන්නේ?  


පිළිතුර: ඔව් ඉතින් ආණ්ඩුවම කියනවනේ එ්ගොල්ලෝ ඉන්දියාවත් එක්ක සාකච්ඡා කළාය, මත්තල ගුවන්තොටුපළ දෙන්න කියලා. අපි හම්බන්තොට වරාය දෙන එකටත් විරුද්ධ වුණා අනූනව අවුරුද්දකට. හෙණගහන අපරාධයක්. ඒක අපිට අහිමි කළා හා සමානයි. 

 
එතකොට ඒවගේම අද හම්බන්තොට වරායෙ ආරක්‍ෂාව පිළිබඳ අයිතිය තියෙන්නේ අපේ නාවික හමුද‌ාවට. දැන් අපේ නාවික හමුද‌ාවෙන් සල්ලි ඉල්ලනවා ඒ සඳහා ඉඩකඩ සහ අවස්ථාව, අවකාශය සපයනවට. ඒ චීන සමාගම තමයි ඉල්ලන්නේ. මෙන්න මෙවැනි දුෂ්කර තත්ත්වයන්ට අපි මුහුණ දෙනවා මෙවැනි ගිවිසුම් අත්සන් කළාම. අපේ අයිතිය සම්පූර්ණයෙන්ම පාවා දෙමින් මේ ගිවිසුම් අත්සන් කරන්නේ. ඔක්කොම බලවත් වාසි කොම්පැණිකාරයන්ගේ පැත්තේ. ඒකයි අපිට තියෙන ප්‍රශ්නය.  


මත්තල පිළිබඳවත් අපි කියන කාරණය තමයි මත්තල ගුවන්තොටුපළ අපට අද මෙහෙයුම් කරන්න සල්ලි නැත්නම් කමක් නෑ ඒක යම්කිසි කොම්පැණියක් එක්ක කතා කරගෙන ඒගොල්ලන්ගෙන් යම් මෙහෙයුම් කටයුතු කරගත්තට එහෙම අපි කොම්පැණි දෙක තුනක් එක්ක ගිවිසුම් ගහමින් හිටියේ අපේ ආණ්ඩුව වැටෙන වෙලාවේ. ඒ වගේ වැඩපිළිවෙලක් අපි හද‌ාගෙන තිබුණා. ඒකෙන් අපිට ආද‌ායම් එනවා. මේගොල්ලෝ ඒ කාලේ කිව්වේ හම්බන්තොට වරායෙන් ආද‌ායම් නැහැ කියලනේ. ඒක හරියට උපන්න හැටියෙ ඇවිදින්න කියනවා වගේ වැඩක්. කාලයක් ගියාම තමයි ඒවායින් ආද‌ායම් එන්න පටන් ගන්නේ හිතෙන ප්‍රමාණයට. ගුවන්තොටුපළත් එහෙමයි.  


බලන්න ගුවන්යානා බාන්න බැරි වුණා කටුනායකට පසුගිය දවස්වල. ඒවා ඔක්කොම මත්තලට ඇරියෙ. එතකොට මත්තල නොතිබුණා නම් කොහාටද යන්නේ? එහෙම ගියා නම් අපි කොච්චර ගෙවන්න ඕනැද? ඒ නිසා මත්තල ගුවන්තොටුපළ ප්‍රයෝජනවත් ලෙස යොද‌ා ගැනීමේ ප්‍රශ්නයක් නෑ. නමුත් ඒවා පැවරීම දීර්ඝ කාලයකට ඔවුන්ගේ අයිතියට පවරා දීම හරිම අපරාධයක්. අපට සියයට 30ක් තියෙනවා කියලා කිව්වා. ඒකේ වටිනාකමක් නෑ. මොකද සියයට 70ක් තියෙන අය තමයි ඔක්කොම තීන්දු ගන්නේ.  

 

බලන්න ගුවන්යානා බාන්න බැරි වුණා කටුනායකට පසුගිය දවස්වල. ඒවා ඔක්කොම මත්තලට ඇරියෙ. එතකොට මත්තල නොතිබුණා නම් කොහාටද යන්නේ? එහෙම ගියා නම් අපි කොච්චර ගෙවන්න ඕනැද? ඒ නිසා මත්තල ගුවන්තොටුපළ ප්‍රයෝජනවත් ලෙස යොද‌ා ගැනීමේ ප්‍රශ්නයක් නෑ. නමුත් ඒවා පැවරීම දීර්ඝ කාලයකට ඔවුන්ගේ අයිතියට පවරා දීම හරිම අපරාධයක්. අපට සියයට 30ක් තියෙනවා කියලා කිව්වා. ඒකේ වටිනාකමක් නෑ. මොකද සියයට 70ක් තියෙන අය තමයි ඔක්කොම තීන්දු ගන්නේ.  


ප්‍රශ්නය: ඒකාබද්ධ විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා කවුද? සමහරු ගෝඨාභය ගේන්න ඕනෑ කියනවා. බැසිල්ගේ නමත් කියැවෙනවා. ඔබ චමල් රාජපක්‍ෂ අවශ්‍යයි කියලා කියනවා.  


පිළිතුර: නෑ. තවම එහෙම සාකච්ඡාවක් ඇති වෙලා නෑ ඒකාබද්ධ විපක්‍ෂය තුළ. ඒකාබද්ධ විපක්‍ෂය තුළ එබඳු සාකච්ඡාවක් ඇතිවෙන වෙලාවට අපි අපේ අදහස් ඉදිරිපත් කරනවා. එද‌ාට මහින්ද මහත්තයා විසින් එතුමාගේ චරිතයට ගැළපෙන එතුමාගේ දේශපාලන පෞරුෂයට ගැළපෙන එතුමාගේ ප්‍රතිරූපයට ගැළපෙන අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්න එතුමා තීන්දුව දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එච්චරයි ඒ ගැන මම දැනට කියන්න කැමති.  


ප්‍රශ්නය: ඔබලාට රාජපක්‍ෂවරුන්ගෙන් පිට කෙනෙක් ගැන අදහසක් නෑ.

  
පිළිතුර: නෑ, මම එහෙම කිව්වේ නැහැනේ. මං කිව්වේ එතුමාගේ චරිතයට, දේශපාලන පෞරුෂයට, ප්‍රතිරූපයට ගැළපෙන අපේක්‍ෂකයෙක් කියලා. මම කිව්වේ නෑ රාජපක්‍ෂවරුන් කියලා.  


ප්‍රශ්නය: රාජපක්‍ෂවරුන්ගෙන් පිට කෙනෙක් ආවොත්?  


පිළිතුර: ඒක එද‌ාට එන සාකච්ඡාවක්. මම කැමැති නෑ එන්න තියෙන සාකච්ඡාවක් ගැන මගේ අදහස කලින් ප්‍රකාශ කරන්න.  


ප්‍රශ්නය: ඒකාබද්ධ විපක්‍ෂයෙ ඉන්නේ රාජපක්‍ෂවරුන්ගේ වහල්ලු. ඔවුන් දේශපාලන අනාථයෝ කියලා ඒකාබද්ධ විපක්‍ෂ විරෝධීන් කියනවා.  


පිළිතුර: කිසිම ප්‍රශ්නයක් නෑ. එවැනි අදහසක් තියෙනවා නම් වහාම මහ ඡන්දයක් තියලා බලන්නයි තියෙන්නේ. අනාථයන්ගේ බලය කුමක්ද කියලා.

 

 

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

අගෝස්තුවේ අපේ උද්ඝෝෂණ නිසා ආණ්ඩුව ඇතුළේ භේද ඇතිවේවි

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 3562 31

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 1059 12

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 2199 11

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 984 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1220 24

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1022 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 372 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site