(ඩයනා උදයංගනී)
හොඳ ගස්වල පිළිල ඇතිවූ විට ඒවා ඉවත් කර ගස ආරක්‍ෂා කරගන්නා මෙන් රටේ දේශපාලනයේ පවතින පිළිල ඉවත් කර දේශපාලනයේ ගරුත්වය ආරක්‍ෂා කරගැනීමට දැන් කාලය එළඹ ඇතැයි මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය වන විට යුක්තිය ඉටුවන, විද්‍යාත්මක ආණ්ඩු ක‍්‍රමයකට අවශ්‍ය පෙළඹවීම රට තුළ ඇති කළ යුතු බව කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් ජනතාව පෙළගස්වන වැඩපිළිවෙලක් ඉදිරියේදී ආරම්භ කරන බව ද සඳහන් කළේය.
පසුගිය මැතිවරණයේදී ජනතාව ලබාදුන්නා කනේ පහර තේරුම් ගෙන කටයුතු කිරීම කාගේත් දේශපාලන සෞඛ්‍යයට හොඳ බව කී අමාත්‍යවරයා මේ වන විට පනවා ඇති බදු හේතුවෙන් නිලධාරීන්ට වාහන භාවිතය සම්බන්ධව පවා ගැටලූ ඇති වී තිබෙන බව ද කීවේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (11) පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනුස්සුන්ව රවට්ටලා ආණ්ඩු හදනවා ඊට පස්සේ ඒ ආණ්ඩුවට බැනලා තව අලුත් ආණ්ඩු හදනවා මිසක් කිසිම දැක්මක් නැති කෙනෙක්.
ගස්වලට එහෙම කෙරුවට දේශ පාලකයින්ට පිළිල තියෙනකොට ඉල්ලුම වැඩියි වැඩිම මනාප ගන්නෙත් වැඩිපුර. පිළිල තියෙන කෙනා හැමදේටම බෙහෙත් තියෙනවා. මිනිසාගේ මේ ලෙඩේට විතරයි බෙහෙත් නැත්තේ.
මගේ අම්මෝ.... මේ හාදයගේ තියෙන පිරිසිදුකම... මේ ගොයියත් නරකාදි පිළිලයක් බව රටවැසියන් හොඳින් දන්නවා නොවැ. අනිත් කරුණ නම් "225 ම" මව්බිම වනසන, නැත්තටම නැතිකරන කාලකන්නි පිළිල තමයි. ඔහෙත් ඒ පිලිලවල උඩින්ම ඉන්න සයනයිඩ් පිළිලයක් හරියැ.
ඒ කියන ලෙස ඔබව ඉවත් කල යුතුමයි.
එහෙනම් ඉතින් මුලින්ම අයින් කරන්න ඕනේ ඔහෙයි රාජිතයි තමා.
කෝ මගේ මහකොළඹ සැලැස්ම ? දැනට ඖරුධු 2 කට විතර කලින් කිඋව, මහකොළඹ සැලසුම හදල ඉවරඊ එයට රුපියල් බිලියන 50,000 ක් යනවා කියල. ඒ උනාට තවම ගෝටා කරපු වැඩ ටිකවත් හරියකට නඩත්තුකරගෙන යන්න පුළුවන් උනේ නැහැ. කෝ කසල ප්‍රතිචක්ක්රියකරණය ? කතාව නම් මෙයාගේ දෝලාවට වැඩියෙන් ඒ වුනාට ගමන ඉබිගමනටවත් නැහැ. ඒ වුනාට් යුද්දේ කාලෙත් මෙයාල කියලයි 2015 චන්දෙදි කිවුවේ. මෙයත් ඉවත්කලයුතුම පිළිලයක් තමා.
කයිය විතරයි මට නම් පෙන්නේ .පිළිල කියන්නේ කගේ හරි ඇගේ එල්ලිලා ජීවත් වෙන අයටනේ "කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙහ" කියන්නේ ඕකටනේ.
කියන හාදයගෙන් වැඩක් නැත, කියන දේ ගැනයි හිතන්න ඕනේ. හින්දු ආගමික කටයුතු සඳහා මුස්ලිම් භක්තිකයෙක් පත් කරන යහපාලකයෝ අංක 1 බොරුකාරයෝ නොවේද. මෙමගින් පත්කර ඇති අනික් ඇමතිවරු සියල්ලෝම ගැන අපිට සිතා ගන්නට පුළුවන. මේ ගසේ ඇත්තේ පිළිලයක් නොව බෙනයකි. එමනිසා නොසිතු වෙලාවක කඩාවැටී ආර්ථිකය විනාශ කරන්නට නොදී දැන්මම මේගස කපාදමා මුලද උදුරාදමමු.
පිළිල විතරයි. ගස් නැහැ ඉතින් මොකෝ කොරන්නේ?
සුදු හකුරු සැදුවා වගේ.
ගහේ මුදුන් මුල කපලා දැම්ම නම් ඔය එක පිලිලයක්වත් එන්නේ නැහැ. දෙවනුව ගසක එල්ලී ගසකට තුඩු දෙන වැල කපලා දැම්මා නම් එ්ත් හොඳයි.
මේ තමයි ඔරිජිනල් පිළිල.. ලබන ඡන්දෙදි අපි මුලින්ම කපලා අයින් කරන්නම්..!!!