IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


‘‘2050 ලංකාව කාබන් පිට නොකරන රටක්‘‘

(විනීතා එම් ගමගේ)

ශ්‍රී ලංකාව 2050 වසර වනවිට කාබන් පිට කිරීම සිදු නොවන රටක් බවට පත්කර ගත හැකිවනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

2030 වන විට ශ්‍රී ලංකාවේ විදුලි නිෂ්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හරහා ලබා ගැනීමේ, ශ්‍රී ලංකාවේ ඉලක්කය හේතුවෙන් මෙම තත්ත්වය උදාකරගත හැකි වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ජර්මානු පුනර්ජනනීය බලශක්ති පදනම හා ජර්මානු බලශක්ති නියෝජිතායතනය ඇතුලු සංවිධාන කිහිපයක දායකත්වය යටතේ, ජර්මානු ෆෙඩරල් රජය විසින් පවත්වනු ලැබු බර්ලින් බලශක්ති සංක්‍රාන්තතිය කතිකාවත 2021 (Berlin Energy Transition Dialogue'21& සමුළුව සඳහා අන්තර්ජාලය ඔස්සේ සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙම කතිකාවත, සුරක්ෂිත, ලාභදායි හා තිරසාර බලශක්ති සංක්‍රමණයක් අරමුණු කර ලොව ප්‍රමුඛ පෙලේ ප්‍රතිපත්ති සම්පාදකයන් , විද්වතුන්, කර්මාන්තකරුවන් හා සිවිල් සංවිධනයන්හි සහභාගීත්වයෙන් පැවැත්වෙන සමුළුවකි. මෙම වසරේ සමුළුව සඳහා ලොව රටවල් අනුවකට ආසන්න සංඛ්‍යාවකින් දෙදහසකට අධික පිරිසක් සහභාගි වූ අතර මෙවර සමුළුව සඳහා යුරෝපානු කොමිසමේ සභාපති අචාර්ය උර්සුලා වෑන්, දේශගුණය සඳහා එක්සත් ජනපද ජනපතිවරයාගේ විශේෂ නියෝජිත ජෝන් කෙරී, ජර්මානු විදේශ අමාත්‍ය හෙයිකෝ මාස්, ජර්මානු වෙළඳ හා බලශක්ති අමාත්‍ය පීටර් ඕල්ට්මේයර් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

කොවිඩ් වසංගතයෙන් උගත් පාඩම් හා දේශගුණ විපර්යාසයන් අවම කිරීම යන තේමාව ඔස්සේ පැවති සැසිවාරය අමතමින්, ශ්‍රී ලංකාවේ බලශක්ති ප්‍රභවයන් නිර්කාබනීකරනය කිරීමේ රජයේ සැලසුම් පිලිබඳව මෙන්ම ඊට ඇති අභියෝග පිලිබඳව ද බලශක්ති අමාත්‍යවරයා අදහස් දැක්වීය.

පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් ,සූර්ය බල පැනල සවිකීරීම සඳහා ඉතා අඩු පොලී යටතේ ණය ලබාදීම ඇතුළු රජයේ ප්‍රතිපත්තින් පිලිබඳ සඳහන් කල ගම්මන්පිල මහතා, තවදුරටත් සඳහන් කලේ, දේශීය ආර්ථිකයන්ට සහාය වන කුඩා පරිමාණයේ සූර්ය බලශක්ති ජනන ව්‍යාපෘති 7,000 ක් තුලින් විශාල සූර්ය බලශක්ති අන්තර්ගතයක් විදුලිබල පද්ධතියට එක් කිරීමට රජය ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි.

තවද බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා නව බලශක්ති කාර්යක්ෂම ගොඩනැගිලි කේත හදුන්වාදීම, උපකරණ ශ්‍රේණිගත කිරීම සහ ආයතන සඳහා ප්‍රමිතින් සහ අරමුදල් ලබාදීම වැනි පියවරයන් නුදුරේම ගැනීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

 



අදහස් (0)

‘‘2050 ලංකාව කාබන් පිට නොකරන රටක්‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30804 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12841 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10926 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 823 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 246 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 898 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site