(රංජිත් රාජපක්ෂ)
ශක්තිමත් එක්සත් ජාතික පක්ෂය තුළ මතභේද ඇති කර කඩා වෙන් කිරිම තුළින් රාජපක්ෂ කඳවුර ශක්තිමත් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසීය.
ගිනිගත්හේන නගරයේ අද (25) පැවති ජන හමුවකදී නවින් දිසානායක මහතා මේ බව පැවසීය.
රටේ නායකයින් ගණනාවක් බිහි කළ ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයේ තවදුරටත් ශක්තිමත් නායකයින් රැසක් රැඳී සිටින බවත් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී ගිය කොටසක් කිසිඳු ප්‍රතිපත්තියක් නොමැතිව රටේ පාලන බලය ලබා ගැනීමට උත්සහ කරන බවත් එය කිසිසේත් ඔවුන්ට සිදු කළ නොහැකි බවත් නවින් දිසානායක මහතා පැවසීය.
මහ මැතිවරණයේදි සමගි ජනබලවේගය මන්ත්‍රී ධූර කිහිපයක් ලබා ගන්නා බවත් එසේ තේරි පත් වන මන්ත්‍රීවරුන් අනිවාර්යෙන්ම රාජපක්ෂ කඳවුර ශක්තිමත් කිරීමට පිහිටුවන රජයත් සමඟ එක්වන බවත් නවින් දිසානායක මහතා සඳහන් කළේය.
සමගි ජන බලවේගය සමඟ එක් වී සිටින වැඩි පිරිසක් බලය සහ තනතුරු නොමැතිව දේශපාලනයේ රැඳී සිටිමට නොහැකි පිරිසක් බවත් එම පිරිස මැතිවරණයෙන් ජයගෙන ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය පිහිටුවන රජයට අනිවාර්යෙන්ම එක්වන බවත් නවින් දිසානායක මහතා පැවසීය.
තමන් මහ මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන අවසන් අවස්ථාව බවත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් වශයෙන් දේශපාලනයේ රැඳී සිටින බවත් නවින් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘එජාපය කඩා වෙන් කිරීමෙන් රාජපක්ෂ කඳවුර ශක්තිමත් වෙනවා‘‘