IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘‘අපරාධ මැඩලන්න කඩා පනින හමුදාවක්‘‘

(අංජුල මහික වීරරත්න)

අපරාධ රැල්ල මැඩලීම සඳහා රට පුරා කඩා පනින මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.

සැඟවී සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව එක්ව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව වීරසේකර මහතා කීය.

මෙම මෙහෙයුම් අඛණ්ඩව දින ගණනාවක් දිවා කාලයේ මෙන්ම රාත්‍රියේත් ක්‍රියාත්මක කරන බවත් පොලිස් ඇස වසා සැඟව සිටින අපරාධ කරුවන්,ජාවාරම්කරුවන් සහ වරෙන්තුකරුවන් නීති රැහැනට හසුකර ගැනීම මෙි ක්‍රියාන්විතයේ ප්‍රධාන අරමුණ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම මෙහෙයුම් සාර්ථක කර ගැනීමට ජනතා සහය අපේක්ෂා කරන අතර ජනතාව දන්නා තොරතුරු අදාළ නිලධාරීන්ට ලබාදීමට කටයුතු කරන ලෙසත් සරත් වීරසේකර මහතා පවසයි.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අද(18) පැවැති රැස්වීමකදී අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙි බව කීය.

 



අදහස් (5)

‘‘අපරාධ මැඩලන්න කඩා පනින හමුදාවක්‘‘

Thilina Edirisinghe Friday, 19 March 2021 06:53 PM

තවත් පුස් වෙඩිල්ලක්..

:       1       15

Puppa Friday, 19 March 2021 11:32 PM

මේ යෝධයින්ගේ කයිය විතරයි. වැඩ බැරි ටාසන් කෙනෙක්...

:       2       13

සෙනෙවිරත්න Sunday, 21 March 2021 06:25 AM

එහිදී අල්ලා ගනු ලබන අපරාධකරුවන්ගේ මූණ පෙන්නනවද?

:       0       1

dickie bird Sunday, 21 March 2021 11:24 AM

කරන වැඩේහරියට කරන්න ඉට පස්සේ කතා කරන්න.

:       0       13

fairoos Monday, 22 March 2021 07:07 AM

රජයට විරුද්ධව කතාකරන අයත් අල්ලලා ඇතුළට දාන්නත් පුළුවන් නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site