IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශවෙලා‘

(නිමල කොඩිතුවක්කු)
 

විපක්ෂ නායකවරයාට රැස්වීමක් පැවැත්වීමට නොහැකි තත්වයටම වත්මන් ආණ්ඩුව හමුවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී ගොස් ඇතැයි සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
 
සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීමට රත්මලානේදී එල්ල වූ ගල් ප්‍රහාරය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ බරපතල මරු පහරක් බවත් එහි වගකීම ආණ්ඩුව බාරගත යුතුව ඇතැයිද මහ ලේකම්වරයා සඳහන් කළේය.
 
තනතුරු  පිළිබඳ නොසිතා එම ප්‍රහාරයට සම්බන්ධ පිරිස් වලට වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිවරයා ඇතුළු පොලීසියෙන් ඉල්ලීමක් කරන බවද බවද  කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ අද(30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙසේද පැවසීය.
 
      “මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වෙනුවෙන් දහනමයෙන් විශාල කාර්යභාරයක් ඉටු කළා. තමන්ට කැමති අදහස් පල කරන්න ජනතාවට අයිතියක් තිබුණා. රැස්වීම් පවත්වන්න උද්ඝෝෂණ සංවිධානය කරන්න හැම කණ්ඩායමකටම අවස්ථාවක් ලැබුණා. අද ඒ ප්‍රජාතන්ත්‍රවාදය මේ රටින් විනාශ වෙමින් යනවා.
 
විසිවන සංශෝධනයත් එක්ක මේ රටේ ත්‍රස්තවාදී මැර කල්ලි ගල් මුල්, ආයුධ අතට අරන් තමන්ගේ මැර බලය එළිපිට ප්‍රදර්ශනය කරන යුගයක් ඇවිත් තිබෙනවා. මේ ආණ්ඩුව යටතේ ආයුධ කතා කරන යුගයක් යළි ඇතිවෙලා තියෙනවා.
 
 
අද මේ රටේ විපක්ෂ නායකවරයාට රැස්වීමක කතා කරන්න නිදහස අහිමි වෙලා තියෙනවා. විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් රත්මලානේ දී පැවති ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමකදී රජයේ මැර කණ්ඩායමක් බාධා කරලා තියනවා. මේකද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපි අහනවා.
 
අපි දහනමයෙන් ඇති කරපු ප්‍රජාතන්ත්‍රවාදය අද රාජපක්ෂ පාලනයෙන් විනාශ කරලා තියනවා. විපක්ෂ නායකවරයාට එල්ල වූ මේ ප්‍රහාරයට ආණ්ඩුව වගකිව යුතුයි කියලා අපි කියනවා.
 
2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය රැස්වීමකට වෙඩි තියලා මනුෂ්‍ය ඝාතනයක් සිදු කළා. රැස්වීමේ  වෙඩි තියලා මිනිස්සු මරලා ඉල්ලුම් ගස් ගිය උදවිය පාර්ලිමේන්තුවට ගෙනාවා.
 
රැස්වීමට ගැහුවහම, වෙඩි තිබ්බහම පාර්ලිමේන්තු යන්න පුළුවන් කියලා සමහරවිට මැරයෝ හිතනවා ඇති. අද ඒ මැර කණ්ඩායම් නැවත මේ රටේ ක්‍රියාත්මක වෙනවා.
 
එක රටක් එක නීතියක් කියා බලයට පත්වූ වත්මන් ආණ්ඩුවේ ඒ නීතිය කොහෙද කියලා අපි අහනවා. විපක්ෂ නායකවරයාගේ රැස්වීමට අවහිර කරපු අයට තමන්ගේ තනතුරු පිළිබඳ හිතන්නේ නැතුව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න් කියලා පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරින් ගෙන් අපි ඉල්ලා සිටිනවා.
 
විසිවන සංශෝධනයෙන් ස්වාධීන පොලිස් කොමිසම අහෝසි කරලා තියෙනවා. ඒ වගේ ප්‍රතිඵල තමයි මේ ටික ටික එළියට එන්නේ.
 
මැතිවරණ කොමිසම විනාශ කරල දාලා නැවත වයඹ මැතිවරණ යුගයකට රට ගෙනියන්න ද මේ හදන්නේ කියලා අපි ආණ්ඩුවෙන් අහනවා.
 
මේ මැර දේශපාලනයට තිත තියන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැක ගැනීමට වහාම මැදිහත් වෙන්න කියලා අපි මේ ආණ්ඩුවේ  ප්‍රධානීන්ට මතක් කරනවා.



අදහස් (0)

‘රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශවෙලා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site