IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


‘පාර්ලිමේන්තුවෙන් පිටත සිට හෝ පීඩිත ජනයා වෙනුවෙන් අරගලය ගෙනයනවා’


(මුදිතා දයානන්ද)
 

පීඩාවටත් අසරණභාවයටත් පත් ජනතාව වෙනුවෙන් කරන අරගලය පාර්ලිමේන්තුවෙන් පිටත සිට හෝ ඉටු කරන්නට සුදානම් යැයි ජාතික ජනබලවේගයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද(07) පැවසීය.
 
ඔහු මේ බව පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති ජාතික ජනබලවේගයේ මාධ්‍ය හමුවකදීය.
 
මහමැතිවරණ ප්‍රතිඵල ලෙස නිකුත් වුයේ ජනතාව පෙට්ටියට දැමු ඡන්ද මිස වෙන යමක් නොවන බවට තමන් විශ්වාස කරන බවද පෙට්ටි මාරු කිරීමක් හෝ වෙනත් ජිල්මාට් එකක් ගැන හෝ කියන්න තරම් තත්ත්වයකට තමන් පත් නොවන බවද ඔහු පැවසීය. ඒ අනුව තම දේශපාලන ව්‍යාපාරය කෙරෙහි වන ජනතා කැමැත්ත මෙය බව පිළිගන්නා බවද ඔහු පැවසීය.
 
විපක්ෂයේ කාර්යභාරය ඉටු කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් නොවන බවද ඉන්පිටත සිට විපක්ෂයේ කාර්යභාරය වඩාත් හොඳින් ඉටුකිරිමේ හැකියාව ඇති බවද ඒ අනුව තම වගකීම හා යුතුකම ජනතාව වෙනුවෙන් ඉටුකරන බවද ඔහු පැවසීය.
 
මැතිවරණ ප්‍රතිඵලය දෙස බලා තම දේශපාලන ව්‍යපාරයේ කාර්යභාරය අකුළා නොගන්නා අතර ජනතා අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ගොවි ජනතාව, කම්කරු ජනතාව, රැකියා විරහිත තරුණ ප්‍රජාව සමග එක්ව තවදුරටත්  අරගලය ඉදිරියට ගෙන යන බවද ඔහු පැවසීය. 
 
(ඡායාරූප - ගයාන් අමරසේකර)



අදහස් (11)

‘පාර්ලිමේන්තුවෙන් පිටත සිට හෝ පීඩිත ජනයා වෙනුවෙන් අරගලය ගෙනයනවා’

anura Friday, 07 August 2020 12:26 PM

ඇයි අරගල කරන්නේ? වෙන ක්‍රමයක් නැද්ද? 71 ඉඳලා අරගල කරලා රට විනාශ කරලයි තියෙන්නේ.

:       1       0

saman Friday, 07 August 2020 01:24 PM

පීඩිතයින් වෙනුවෙන් ඔයතරම් කැක්කුමක් තියෙනවා නම්, මුලින්ම සරසවියට ඇතුල්වන සිසුන්ට නවක වද දී ඇති කරන පීඩාව නවත්වන්නට. තමන් කියන දේ ප්‍රායෝගිකව පිළිපදිනවා නම් ජනතාව ජවිපෙ දිහා මීට වඩා සැලකිල්ලෙන් බලයි.

:       0       1

Pathum Friday, 07 August 2020 03:16 PM

වෙන මොනවා කියන්නද අනේ හිත හදාගන්න...

:       227       162

Dil Perera Friday, 07 August 2020 07:09 PM

දවල්ද? මේ රතු අලි පැටියාට මද කිපිලද කොහේද කියන කතා...

:       311       173

Bandara Friday, 07 August 2020 10:54 PM

අනේ රතු අලි පැටියෝ දැන්වත් නවත්තගන්න.

:       167       22

sam Saturday, 08 August 2020 08:21 AM

ඇතුලේ ඉඳලා වැඩක් කළේ නැති අය එළියේ ඉඳලා මොන කෙංගෙඩියක් කරන්නද?

:       215       74

Raveendra Saturday, 08 August 2020 04:11 PM

ඔව් ඔව් ... දැන් 70 දශකයේ සිටම එක එක ආකාරයේ අරගල කරා මෙන්ම දැනටත් කරමින්මනේ ඉන්නේ...

:       0       0

මෝ Sunday, 09 August 2020 08:07 AM

ඔව් ඉතිං දැන් එහෙම හරි කියමු යාලුවා. කිතුලට නැග්ග එකාටත් කියන්න දෙයක් තිබුණාලුනේ. ඇතුලෙ ඉඳලත් නොකරපු දේවල් එළියේදී කොහොම කරයිද? විශ්ව විද්‍යාලවල කොල්ලො කෙල්ලො ටික පාරට බස්සලා රටේ අනාගතය විනාශ කරන දේවල් තමයි ඉතින් ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් යාලුවා....

:       0       0

fairoos Sunday, 09 August 2020 10:23 AM

ලංකාවේ මිනිස්සු කවදාවත් අතීතය අමතක කරන්නේ නැහැ....

:       0       0

kamal Monday, 10 August 2020 06:39 AM

පීඩිත පන්තිය නැතිනම් ඔබලාට මොකද වෙන්නේ...?

:       0       0

badraani Monday, 10 August 2020 07:38 AM

අපිට පෝස්ටරයක්වත් ගහන්න ඉන්නේ පීඩිත පන්තිය විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32960 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15592 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 116 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site