IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘ප්‍රතිපත්ති විවාදයක් ඕනෑ‘

(***අංජුල මහික වීරරත්න)

‘‘එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයේ දී ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා ගැන ආණ්ඩුව කැමැති නම් ඕනෑම විවාදයකට වුවද සූදානම් යයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා 30 වැනිදා කොළඹ දී පැවසීය.

දේශපාලනය ගැන කලකිරී ඉන් ඉවත්ව සිටින තරුණ පරපුර සහ පුරවැසියන් නැවත දේශපාලනයට එකතු කරගන්නට හැකි වන්නේ ප්‍රතිපත්ති ගැන වාද කළහොත් පමණක් බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ නුගේගොඩ නාලන්දාරාමයට සහ නාරාහේන්පිට අභයාරාමයට පැමිණ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගැනීමෙන් අනතුරුවය.

නුගේගොඩ – නාලන්දාරාමය දී විහාරාධිපති තිනියාවල පාලිත නාහිමියන් ද නාරාහේන්පිට අභයාරාමයේ දී මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ද බැහැදුටු රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්වලට ද සහභාගි විය.

ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

‘‘මෙහිදී දේශපාලනය කතා කරන්න මා බලාපොරොත්තු වන්නේ නැහැ. ඡන්ද ව්‍යාපාරයේදී අප ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරනවා. මහා සංඝරත්නය මෙන්ම සෙසු පූජ්‍ය පක්ෂය ඈඳා ගෙන දේශපාලන වශයෙන් පහර ගසන්නට අවශ්‍යතාවක් නැහැ.

අද ජනතාව වෙනුවෙන් අප යෝජනා රැසක් ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුව කැමැති නම් ඒ පිළිබඳව වාද කරන්න සූදානම්.
දේශපාලනයෙන් ඉවත් වී සිටින ඡන්දය නොදෙන බව කියන තරුණ පරපුර, පුරවැසියන්, වැඩිහිටියන් නැවත දේශපාලනයට ගන්න හැකියාව ලැබෙන්නේ ප්‍රතිපත්ති ගැන වාද කළහොත් පමණකැයි ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (1)

‘ප්‍රතිපත්ති විවාදයක් ඕනෑ‘

Bamunuarachchi Saturday, 04 July 2020 02:09 PM

ඔබලාගේ ප්‍රතිපත්ති මේ අවුරුදු ගණනාවටම අපි දැක්කා. ඒ පිළිගැනීම තමයි 2019 නොවැම්බර් පෙන්නුවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site