IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


‘ටේප් එකක් අරන් පොළේ යන්න‘

(නිමල කොඩිතුවක්කු)

තුනෙන් දෙකක බලයක් ලබාගත් වත්මන් ආණ්ඩුව ජීවන වියදම පහළ දමා ජනතාවට සහන ලබාදී ජනතාවාදී පාලනයක් ගෙනයනවා වෙනුවට පොල් ගන්න ටේප් එකක් අරන් පොළේ යන්න කියා ජනතාවට විහිළු සපයමින් සිටින බව සමගි ජන ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුරයේදී  පැවසීය.

ජනතා ප්‍රශ්න විසදනවා වෙනුවට තම අභිමතාර්ථ ඉටුකරගැනීමේ අරමුණින් රට ඒකාධිපතිත්වයක් කරා ගෙනයන 20 වන සංශෝධනය පිටුපස ආණ්ඩුව දිවයමින් සිටින බවද  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රටේ ජනතාව මුහුණදෙන ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික, දේශපාලනික, පරිසර යන සෑම ප්‍රශ්නයක් වෙනුවෙන්ම විපක්ෂය ප්‍රබල සටනක් ගෙනයන බවද සමගි ජනබලවේගයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවලට අනුරාධපුරයේදී එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව පැවසීය.

අනුරාධපුර කැකිරාව සූරියගම ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂනායකවරයා මෙසේද පැවසීය.

    “පොල් ගන්න ටේප් එකක් අරන් පොළේ යන්න කියලා ආණ්ඩුව ජනතාවට කියනවා. වර්තමාන ආණ්ඩුවට මේ තරම් විශාල ජන වරමක් ලැබිලත් විහිළු සහගත ක්‍රියාවන් සිදුකරමින් සිටිනවා. දැන් රටේ ජනතාවට පොල් ගෙඩියක් මිලදී ගන්න ටේප් පටියක් අරගෙන පොලට යන්න සිද්ධ වෙලා තියෙනවා.

මේ ආණ්ඩුව පොල් මිලදී ගැනීමට අමුතුම රෙගුලාසියක් ඉදිරිපත් කරලා තියෙනවා. පොල් ගෙඩියේ වට ප්‍රමාණය 13ට වැඩි නම් 70 යි. 12 ත් 13 අතර නම් 65 යි.  12 ට අඩුනම් 60 යි.

හැටනම ලක්ෂයක් ජනතාව  ජනාධිපතිවරණයේදී ජයග්‍රහණයක් ලබා දීලා පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකකට ආසන්න බලයක් ලබා දීලා අද රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙන්නේ ටේප් පටියක් අරගෙන පොළවල් ගාන ගිහිල්ලා පොල්ගෙඩි මැන මැන ඉන්නයි.

මේක තමයි වියත්මග. මේ ආකාරයෙන් ආණ්ඩුව බොහොම වියත් විදියට අද  රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සිටිනවා.

මේ විදියට වියත් ආකාරයෙන් රටේ ජනතාවට සලකමින් ඉන්න එක ගැන ජනතාවාදී විපක්ෂයක් විදියට අපි කණගාටු වෙනවා.

තව ඉදිරියටත් ටේප්පටි ගණනාවක් එක්ක පොළට යන්න වෙයි කියලා රටේ ජනතාවට අපි කියනවා. ඉදිරියටත් මේ සරදම් රාජ්‍ය පාලනය සරදම් දේශපාලනය තමයි අපිට බලාගෙන ඉන්න වෙන්නේ.

මේ රටේ ජනතාව මුහුණදෙන ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික, දේශපාලනික පරිසර යන සෑම ප්‍රශ්නයක් වෙනුවෙන්ම රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් විපක්ෂය විදිහට  අපි එකට හිට ගන්නවා.

පොදු ජනතාව ජීවත් කිරීම වෙනුවෙන් කැපවෙන අලුත් දේශපාලන ප්‍රවාහයක් විදියට තමයි අපි කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අපි සූදානම්.

බඩු මිල ගැන ජනතාවගේ අඳෝනාව ඉදිරියේ පොල් ගස්වල නගින්න  ඇමතිවරුන්ට අද සිද්ධවෙලා තියෙනවා. ඒක තමයි මේ මාස කීපය තුළ රටට සිද්ධ වෙලා තියෙන මහා දැවැන්ත සෞභාග්‍යය. රටට විහිළු සපයන රාජ්‍ය පාලනයක්  බිහිවීම පිළිබඳව දැන් රටේ ජනතාවට හිතන්න හොඳ අවස්ථාව උදාවෙලා තියෙනවා.

රටේ ජනතාවගේ ගැටලු විසඳීම පැත්තකින් තියලා දැන් ආන්ඩුව විසිවන සංශෝධනය අල්ලගෙන සිටිනවා. විසිවන සංශෝධනය පැහැදිලිවම රටට වින කරන රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරන පොදු ජනතාව ගේ ස්වෛරීත්වය විනාශ කරන දැවැන්ත බලඅධිකාරියක් එක ආයතනයක ස්ථාපනය කරන ක්‍රියාදාමයක්. රටේ බහුතරයක් ජනතාව මේක භාර ගන්න සූදානම් නැහැ.

මේ ආණ්ඩුව ලොකුවට කියාගෙන යනවා විසිවන සංශෝධනයට  ජනතා වරමක් ලැබුණා කියලා.  විගණකාධිපති දෙපාර්තමේන්තුවේ බලය අඩු කරන්න, ප්‍රසම්පාදනය අහෝසි කරන්න මේ රටේ ජනතාව බලයක් ලබා දුන්නේ නැහැ.

ලේ වගුරවන්නේ නැතිව ජීවිත ආරක්ෂා කරමින් දේශපාලන ප්‍රචණ්ඩත්වය සහමුලින්ම අතුගාලා දාපු මේ මැතිවරණ කොමිසමේ බලතල අඩු කරන්න කියලා රටේ ජනතාව වරමක් ලබා දුන්නේ නැහැ.

නැවත වරක්  මිනීමරන දේශපාලන සංස්කෘතියකට යන්න රටේ ජනතාව ඉඩ දෙන්නෙ නැහැ. එනිසා මේ කරුණු කාරණා සියල්ලක්ම සලකා බැලුවහම ඔය වරමක් ලැබුණා කියලා කියන කතාව පිළිගන්න බැහැ.

මේ ආණ්ඩුවේ  සරල බොළඳ පැලැස්තර න්‍යායේ තවත් එක් කාරණයක් තමයි මේ විදිහට විදිහට ඉදිරිපත් කරන්නේ. 20 වන සංශෝධනයට ආණ්ඩුවෙන්ම විශාල පිරිසක් විරුද්ධයි. ඒක රටින් සඟවන්නට මේ අය උත්සාහ කරනවා.

20 වන සංශෝධනය සම්මත කරන්න සමගි ජන බලවේගය පිරිසක් ආණ්ඩුවට උදව් කරන්න යනවා කියලා දැන් කතාවක් ගොතනවා. එහෙම ක්‍රමවේද පහුගිය කලේ විපක්ෂවලින් සිදුවුණා. සමගි ජන බලවේගයේ විපක්ෂයෙන් කිසිම දවසකින් එවැනි දෙයක් සිදු වන්නේ නැහැ.

පක්ෂය තුළ තමන් වදාපු අම්මල තාත්තලත් තුට්ටු දෙකට පාවලා දෙන වරදාන වරප්‍රසාද ඇමතිකම් වලට  සිල්ලරට විකිණෙන මන්ත්‍රීවරුන් සමගි ජනබලවේගය නැහැ.

රජරට ජනතාව අතිවිශිෂ්ට ජනවරමක් පොහොට්ටුවට ලබා දුන්නා. අද ඒ ජනතාවට පොහොර නැහැ, සහන නැහැ, දිරිදීමනා නැහැ. මේ ආණ්ඩුව ජනතා විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ දමලා තියෙනවා. දස ලක්ෂ ගණනින් ජනතාව රැවටිලා තියෙනවා. ජනතාවට සත්‍ය අවබෝධ කරගැනීමට  ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා” යැයිද විපක්ෂනායකවරයා එහිදී පැවසීය.

 



අදහස් (3)

‘ටේප් එකක් අරන් පොළේ යන්න‘

දහනායක Sunday, 27 September 2020 12:19 PM

විපක්ෂ නායකතුනි ඔබතුමාලට නොහැකි වුනත් ප්‍රකට ආර්ථික ඔස්තාර් කෙනෙකු ඇමති මණ්ඩලයේ සිටියදී නිකුත්කල රෙගුලාසිය නිසා එදිනෙන් පසුව අපේ පොලේ නම් රුපියලට පොල් ගෙඩි සියයක් ගැනීමට තරම් පොල් අස්වැන්න පොලට ලැබිලා කියලා වෙළෙන්දො කියනවා ඇහෙනවා

:       1       0

Bamunuarachchi Sunday, 27 September 2020 01:53 PM

ගෙඩියේ සයිස් එකට පොල් තෝරලා වෙළෙන්දා පොල් ගොඩ හදලා තියාවි. ඒ ගැන ඔබ කලබල වෙන්න ඕන නැහැ.

:       1       0

BamunuarachchiTuesday, 29 September 2020 01:25 AM

ලොකු උන්නැහේ දැන්වත් මතක තියාගන්න. ජීවිතේ හැමතැනදීම ගණන් ශාස්ත්‍රය ඕනේ වෙනබව... ඔබ සාමාන්‍ය පෙළ ගණන් අසමත් බව කවුදෝ කිව්වා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32993 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15634 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10045 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 143 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 202 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 509 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site