(නිමල කොඩිතුවක්කු)
ජිනීවා මානව හිමිකම් සැසියේදී ආණ්ඩුව විපක්ෂත් සමඟ සාකච්ඡා කර සාමූහික එකඟතාවයක් ඇතුව රාජ්‍ය තාන්ත්‍රිකව හා සබුද්ධිකව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එසේ නොවී මානව හිමිකම් සැසියෙන් දේශපාලන වාසි ලබා ගැනීමට ගියොත් රටට බරපතළ ආර්ථික සමාජ ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් රණවක මහතා සඳහන් කළේය.
පුරවැසි ව්‍යාපාරයක් ලෙස නම් කර ඇති 43 වන සේනාංකය කොළඹදී අද (04) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ජිනීවා මානව හිමිකම් සැසිය දේශපාලන පන්දුවක් කර නොගෙන රටේ අනාගතය ගැන කල්පනා කර කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
මගේ අම්මෝ... චම්පික මලයත් අපේ අර අර සජි පුතා වගේම ලවක් දෙවක් නැතිව ඇට්ටි හැලෙන්නම දෙනවනේ. "ගෙඹි න්‍යායේ" ගස්ගෙඹි නිකාය හොඳින් පරිශීලනය කරලා ප්‍රායෝගික පිම්මක්වත් පනින්නද?
මොනවා වුණත් පාඨලී වාචාලකමට කතා කරන්නේ නෑ. රාජපක්ෂලාට විරුද්ධ වුණාට.., රටට වැඩක් තියෙන මිනිහෙක්.
ඔයාගේ රාජ්‍යතාන්ත්‍රික භාවය කියන්නේ අපිට විරුද්ධව ගෙනෙන යෝජනා වලට ඔව් සර් කියලා පිළිගැනීමටද? ඔයා ඉස්සෙල්ලාම රාජ්‍ය තාන්ත්‍රික වෙන්න කළින් මනුස්සකම ඉගෙන ගන්නකෝ. වැරැදි කවුරුත් කරනවා අඩු, වැඩි වශයෙන්.. ඒ වුණත් අර අහිංසක කොල්ලා තවම රෝද පුටුවේ ඉන්නේ්. අඩුම තරමේ ඔහුට බෙහෙතක් කරලා ගොඩ දමන්න බැලුවාද කැබිනට් ඇමති කෙනෙක් වෙලත්...?
ප්‍රකාශකගේ අතීත වාර්තා කුමක් වුවත් මේ පිළිබඳව රජයත්, විපක්ෂයත් රට වෙනුවෙන් අවධානය යොමු කිරීමයි වැදගත්...