
(අනීෂා මානගේ)
අවුරුදු පහකට ඇවිල්ලා තවත් අවුරුදු ගණනාවකට පසුව ඉපදෙන දරුවන්ට අයිති දේපළ විකුණන්න කිසිම ආණ්ඩුවකට අයිතියක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) රන්න ප්‍රදේශයේදී පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහමැතිවරණයේ අවසන් ජනරැළි මාලාව සනිටුහන් කරමින් රන්න ප්‍රදේශයේදී පැවැති ජනහමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2020 මහමැතිවරණ අවසන් ජනරැළි මාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(2) හම්බන්තොට දිස්ත්‍රීක්කයේදී පැවැත්විණි.
රන්න ප්‍රදේශයේ පැවැති ජනරැළියට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.
අපිදන්නවා පසුගිය 2015 පරාජයට පස්සේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව අපේ රටේ දේපළ විකුණන්න පටන් ගත්තා. අනාගතයේ ඉපදෙන්න ඉන්න දරුවන් වෙනුවෙන් අපි බලයට ඇවිත් සැදූ වරාය ගුවන්තොටුපොළ අධිවේගී මාර්ග සියල්ල විකිණීමට සූදානම් වුණා.
මෙයින් වරාය විකුණුවා. මෙය නියෝජනය කළ ඇමතිවරයෙක් තමයි සජිත් ප්‍රේමදාස. එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු වචනයක් කතා කළේ නැහැ. දැන් සජිත් මහත්තයා මේ පළාත අත්හැරලා කොළඹට ගිහිල්ලා. මේ රටට, පළාතට ආදරය කරන්නේ නැති අය බලයට පත් වුණාම, පාර්ලිමේන්තු ගියාම ඇති වෙන්නේ මෙවැනි දේවලුයි
අද එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා. එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිල කියල එකක් තියෙනවා. රනිල් පිල කියලා තව එකක් තියෙනවා. මේ දෙගොල්ලො ගහගන්නවා. බැනගන්නවා.
අපි දැක්කා පසුගිය කාලයේදී සංස්කෘතික අරමුදල මොනවගේ ආකාරයකින්ද වියදම් කරල තිබෙන්නේ කියලා. අරමුදලෙන් වියදම් කරන්න තිබුණ දේවල් නෙවෙයි වෙනත් දේවල් කරල තිබෙන්නේ. මේ විදියට කිසිම වගකීමක් නැතුව වැඩ කරන පිරිස්වලට බලය දෙනවාද කියන එක ප්‍රශ්නයක්.එය ජනතාව තීරණය කරන්න ඕනෑ.
කිසිම ආණ්ඩුවකට අයිතියක් නැහැ අවුරුදු පහකට ඇවිල්ලා තව අවුරුදු ගණනාවකට පස්සේ ඉපදෙන දරුවන්ට අයිති දේපල විකුණන්න. නමුත් මේ අය එය කළා. මෙවැනි තත්ත්වයක් තමයි රටේ තිබුණේ .
අපි පසුගිය කාලයේදි වේගවත් සංවර්ධනයක් ඇති කළා. එය පසුගිය අවුරුදු පහේදී ආපස්සට ගියා. එය නැවත ඇති කරන්න කටයුතු කිරීම අපේ වගකීමක්. අසූඅට අසූනවය යුගය අපේ දරුවන්ට මතක් කරන්න ඕනෑ. මොකද සමහර දරුවන් එතකොට ඉපදිලාත් නැහැ. ඒ අය දන්නෙත් නැහැ මොනවද වුණේ කියලා.
හම්බන්තොට දිස්ත්‍රීක්කයේ පමණක් තරුණ තරුණියෝ 7068ක් මරාදාල තිබුණා. එක් අවස්ථාවකදී වසන්ත ප්‍රසන්න සිසුන් දෙදෙනා පාඩම් කරලා එළියට බැස්සා විතරයි එතනින් උස්සලා ඔවුන්ගේ මළකඳ තිබුණේ හුංගම කිවුල ප්‍රදේශයේයි.
තරුණ කොල්ලෙකුට කෙල්ලෙකුට එළියට බහින්න බැරි යුගයක් තිබුණා. එවැනි යුගයක් පහු කරලායි අපි රටක් ගොඩනැගුවේ. ඉන් පසුව ආපු ආණ්ඩුව නැවත වාරයක් මේ රට ආපස්සට හැරෙව්වා. දැන් ආපසු හරවන්නට අවස්ථාවක් ඇවිත් තිබෙනවා.
ජනතාව ජනාධිපතිවරයෙක් පත් කළා. ජනාධිපතිවරයා අයිති පක්ෂයටයි පාර්ලිමේන්තු බලය ලබා දෙන්න ඕනෑ. එහෙම නැත්නම් වැඩක් කරන්න බැහැ. මේ කාලය නොයෙක් බොරු ප්‍රචාර යන කාලයක්. දැන් කියනවා දුන්න රුපියල් පන්දාහ කපාගන්න කටයුතු කරනවා කියලා. මේක පට්ටපල් බොරුවක්. බොරු කතාවලට රැවටෙන්න එපා යැයිද කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොනවද මේ දොඩවන්නේ...? කවුද මේ රට චීනාට වික්කේ? දැන් මොලේ කචල් හොඳටම. මිනිස්සුනේ පිස්සෙක්ට ඡන්දෙ දීලා අගමැති කරගන්න නම් එපා. දෙවරක් හිතන්න...
අපි ද ඔවා විකුණුවේ.
ඉපදෙන දරුවන්ව චීනෙට ණය කාරයෝ කරන එකනේ මෙයාල කරන්නේ
අම්මපා විකුණන්නෙත් නැහැ. විකුණුවෙත් නැහැ අප්පච්චි.
හොඳ කතාවක්, අගමැතිතුමා. වර්ජකයන් ඔබ විශ්වාස කරලා වරාය වර්ජනය නතර කළා කියලා දැක්කා. පාට, පක්ෂ භේදයක් නැතුව ජනතාවට විශ්වාසයක් තියන්න පුළුවන් එකම දේශපාලකයා ඔබ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගත්තොත්, 2019 මැයි මාසේ ඉන්දියාව සහ ජපානය එක්ක වහල් ආණ්ඩුව අත්සන් කරලා තියෙන්නේ ඩොලර් මිලියන 700ක විතර මූලික ව්‍යාපෘතියක් සඳහා (මුදල හරියට ගණනය කරලා නැති) සහයෝගිතා ගිවිසුමක් (MoC). දන්නා විදිහට මේ ගිවිසුමේ නිශ්චිත නියමයන්ට එකඟ වෙලා නැහැ. ඉන්දියාව හෝ ජපානය දෙන මුදල තාම කියලත් නැහැ. ඇයි ඉන්දියාවට මෙච්චර උවමනාව නැගෙනහිර පර්යන්තය ගන්න? හේතුව නැගෙනහිර පර්යන්තයේ බහලුම් ප්‍රවාහන හුවමාරු වෙළඳාමෙන් සියයට 70ක්ම ලංකාව කරන්නේ ඉන්දියාව එක්ක. හේතුව ඉන්දියාවට මෙවන් ගැඹුරු වරායක් නොතිබීම. ඔවුන්ට තියෙන ගැඹුරුම වරාය JNP එකේ ගැඹුර මීටර් 12.5යි කොළොඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගැඹුර මීටර් 18ක්. මුළු සිංගප්පූරුවම ගොඩ ගිය සිංගප්පූරු වාරයේත් ගැඹුර මීටර් 16යි!!! රටට ආදරය කරන ඕනෑම දේශපාලකයෙකුට දැනෙන්න ඕනේ දෙයක් තමයි මේ ගනුදෙනුව මොන තරම් අදූරදර්ශීද, අඥානද, විචක්ෂණ බුද්ධියෙන් තොරද කියන එක...
හොඳ කතාවක්, අගමැතිතුමා. වර්ජකයන් ඔබ විශ්වාස කරලා වරාය වර්ජනය නතර කළා කියලා දැක්කා. පාට, පක්ෂ භේදයක් නැතුව ජනතාවට විශ්වාසයක් තියන්න පුළුවන් එකම දේශපාලකයා ඔබ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගත්තොත්, 2019 මැයි මාසේ ඉන්දියාව සහ ජපානය එක්ක වහල් ආණ්ඩුව අත්සන් කරලා තියෙන්නේ ඩොලර් මිලියන 700ක විතර මූලික ව්‍යාපෘතියක් සඳහා (මුදල හරියට ගණනය කරලා නැති) සහයෝගිතා ගිවිසුමක් (MoC). දන්නා විදිහට මේ ගිවිසුමේ නිශ්චිත නියමයන්ට එකඟ වෙලා නැහැ. ඉන්දියාව හෝ ජපානය දෙන මුදල තාම කියලත් නැහැ. ඇයි ඉන්දියාවට මෙච්චර වුවමනාව නැගෙනහිර පර්යන්තය ගන්න? හේතුව නැගෙනහිර පර්යන්තයේ බහාලුම් ප්‍රවාහන හුවමාරු වෙළඳාමෙන් සියයට 70ක්ම ලංකාව කරන්නේ ඉන්දියාව එක්ක වීම. හේතුව ඉන්දියාවට මෙවන් ගැඹුරු වරායක් නොතිබීම. ඔවුන්ට තියෙන ගැඹුරුම වරායේ (JNP) ගැඹුර මීටර් 12.5යි කොළොඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගැඹුර මීටර් 18ක්. මුළු සිංගප්පූරුවම ගොඩ ගිය සිංගප්පූරු වාරයේත් ගැඹුර මීටර් 16යි!! වහල් ආණ්ඩුවට නොතේරුණාට රටට ආදරය කරන ඕනෑම දේශපාලකයෙකුට දැනෙන්න ඕනේ දෙයක් තමයි මේ ගනුදෙනුව මොන තරම් අදූරදර්ශිද, අඥානද, විචක්ෂණ බුද්ධියෙන් තොරද කියන එක...
කියන්නේ විකුණන්නේ නෑ කියලා. ඒ වුණාට හොරෙන්ම ගෝල්ෆේස් ඉඩම වික්කා නේද? දෙගොල්ලන්ම තරගෙට වැඩේ තරනවා.
එතකොට අර විකුනපු ඒවා වික්කේ ජනතාව වෙන්න ඇති.
ශැන්ග්‍රිලා එකට ඉඩම විකිණුවේ අපිද? මේ මනුස්සයාට නම් හොඳටම විකාර...
මහින්ද රාජපක්ෂ, (මම දේශපාලුවන්ට ගරු නාම දෙන්නේ නැහැ. ඒ අපේ සේවකයෝ. අවුරුදු 5 කට තාවකාලික කොන්ත්‍රාත් එකක් කරන... ඒ රස්සාවට අපේ බදු මුදල්වලින් අපි ඔවුන්ට පඩි ගෙවනවා. සේවකයින්ට මම " සර් " කියන්නේ නැහැ. ඒ මගේ හැටි) මේ ඔබ ඔබටම කියාගන්නා අවවාදයක් එහෙමත් නැතිනම් ඔබ ඔබවම අපහාසයට පත්කර ගැනීමක්...!!! රට චීනාට වික්කේ කවුද? ගෝල්ෆේස් එක ශැන්ග්‍රිල්ලාට සින්නක්කරවම " වික්කේ " කවුද? වෙන කවුරුවත් නොවෙයි. ඔබයි...!!! ඇත්තටම ඔබට ලැජ්ජා නැතිද? නැතිනම් මොලයේ අමාරුවක්ද?
අගමැතිතුමනි, ජනතා දේපළ පිටරටට නොවිකුණා අනාගත පරපුරට ඉතිරි කිරීම කළයුතුයි. ඒත් අපේ පුරාවස්තු අනාගත පරපුරට ඉතිරි කළයුතු නැද්ද? ඒවා ඩෝසර් කර අරක්කු තැබෑරුම් ඉදිකිරීම හරිද? ඔබතුමා ඔබ වටේ ඉන්න අංකූරන් හේ නොකළොත් ඔබතුමාත් සිරිසේන ජනාධිපතිතුමාගේ තත්වෙට වැටෙනවා. දැනටමත් ජනතාව කල කිරිලා ඉන්නේ බලේ ගන්නටත් පෙර සමහර අය ජනතාවට දාන පාට් දැකලා.
හොඳ කතාවක්, අගමැතිතුමා. වර්ජකයන් ඔබ විශ්වාස කරලා වරාය වර්ජනය නතර කළා කියලා දැක්කා. පාට, පක්ෂ භේදයක් නැතුව ජනතාවට විශ්වාසයක් තියන්න පුළුවන් එකම දේශපාලකයා ඔබ. කොළොඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගත්තොත්, 2019 මැයි මාසේ ඉන්දියාව සහ ජපානය එක්ක වහල් ආණ්ඩුව අත්සන් කරලා තියෙන්නේ ඩොලර් මිලියන 700ක විතර මූලික ව්‍යාපෘතියක් සඳහා (මුදල හරියට ගණනය කරලා නැති) සහයෝගිතා ගිවිසුමක් (MoC). දන්නා විදිහට මේ ගිවිසුමේ නිශ්චිත නියමයන්ට එකඟ වෙලා නැහැ. ඉන්දියාව හෝ ජපානය දෙන මුදල කියලත් නැහැ. ඇයි ඉන්දියාවට මෙච්චර උවමනාව නැගෙනහිර පර්යන්තය ගන්න? හේතුව නැගෙනහිර පර්යන්තයේ බහලුම් ප්‍රවාහන හුවමාරු වෙළඳාමෙන් සියයට 70ක්ම ලංකාව කරන්නේ ඉන්දියාව එක්ක. හේතුව ඉන්දියාවට මෙවන් ගැඹුරු වරායක් නොතිබීම. ඔවුන්ට තියෙන ගැඹුරුම වරාය JNP එකේ ගැඹුර මීටර් 12.5යි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගැඹුර මීටර් 18ක්. මුළු සිංගප්පූරුවම ගොඩ ගිය සිංගප්පූරු වරායේත් ගැඹුර මීටර් 16යි!!! කලින් වතාවේ ගෝඨාභය විකුණපු කොළොඹ ඉඩම් වලට අවලාද අහන්නේ ඔබ. අනාගතේත් එහෙම වෙන්න දෙන්න එපා.
සියළු සම්පත් කුණුකොල්ලයට විකුණලා කොමිස් ගිලල දැන් කියන ලස්සන...
විකාරද කොහෙද? වහල්ලුන්ටත් මේවා අහනකොට සැප ඇති.. තනිකරම පිස්සු තමයි කරන්නේ. දැන් සොහොන් ලකුණු පෙනීගෙන එනවා. සිහි විකල්වෙලා වගේ කියවන්නේ..