IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘ආනයනය සීමා කිරීමෙන් රටේ ආර්ථිකය තවත් කඩා වැටෙනවා ‘

(නිමල කොඩිතුවක්කු)

වත්මන් ආණ්ඩුව ආනයන සීමා කර රටේ ආර්ථිකය ගොඩනැගීමට කරන සැලසුම් වලින් රටේ ආර්ථිකය සහ රුපියල තවත් කඩා වැටෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කොළඹදී අද(2) පැවසීය.

ආනයන වලට සීමා දමා  මැතිවරණය වෙනුවෙන් කෙටිකාලීන වාසි ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කළත් මේ මගින් අපනයන නිෂ්පාදන වලට දැඩි බලපෑම් එල්ල විය හැකි බවද ඔහු සඳහන් කළේය.

 ඇතුළුකෝට්ටේ සමගි ජනබලවේගය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා මෙසේ ද කීවේය.

ජනාධිපති මහ බැංකු නිලධාරීන්ට කෑ ගැහුවාම මහ බැංකුව රෑට ලයිට් දාලා උදේට රට ගොඩනගන වාර්තාවක් ජනාධිපතිතුමාට දුන්නා කියලා මාධ්‍ය වාර්තා පළ වුණා.

 සේවකයන්ට වැටුප් ගෙවීමට  අවශ්‍ය ප්‍රාග්ධනය සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයන්ට අද අහිමි වෙලා තියෙනවා.  ඔවුන්ට ණය ලබාදීම බැංකු ප්‍රතික්ෂේප කිරීම නිසා අද ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටිලා තියෙනවා.

ඒ සඳහා ඔවුන්ට සහනයක් ලබා දිය යුතුයි කියලා අපි රජයට බළ කළා. ජනාධිපති තුමාගේ හමුවෙන් පස්සේ අච්චර මුදල් අච්චු ගැහුවා මෙච්චර මුදල් අච්චු ගැහුවා කියලා මහබැංකුව ප්‍රකාශ කළා. දැන් රුපියල් බිලියන 400 ක පමණ මුදලක් අච්චු ගහලා තියෙනවා. මේක නෙමෙයි රටේ ආර්ථික අර්බුදයට විසඳුම කියලා අපි ජනාධිපතිතුමාට කියනවා.

 
ව්‍යාපාරිකයන්ට බැංකු වලින් ණය ලබා ගන්න ඇප තිබුනෙ නැහැ. ඔවුන් සඳහා ඇප අරමුදලක් ආරම්භ කරලා මේ පුද්ගලයන්ට ණය ලබාගන්න ඉදිරිපත් වෙන්න කියලා අපි රජයෙන් ඉල්ලීමක් කළා. කුඩා ආයතන වලට ණය ගන්න 80% ක ඇප සහනයකුත් විශාල ආයතන වලට 50% ඇප සහනය කුත් ලබා දෙනවා කියලා රජය  කිව්වා. මේකට අත්පුඩි ගහලා නටලා මාධ්‍ය සංදර්ශන පැවැත්වුවා.
 
මේ තීරණ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන රෙගුලාසි තවම බැංකුවට දැනුම් දීලා නැහැ. මේ රජයේ මාධ්‍ය සංදර්ශන පවත්වනවා ඇරෙන්න කිසි දෙයක් වෙලා නැහැ. අද බැංකුවලට ඕන තරම් සල්ලි තියෙනවා. ඒවා මහ බැංකුවේත් විටින් විට තැන්පත් කරනවා. ඒත් බැංකුවට සල්ලි දෙන්න බැරි මේ ඇප ප්‍රශ්නය නිසයි. කැස්සට බඩේ අමාරුවට දෙන බෙහෙත් දීලා හරියන්නේ නැහැ. මේක තමයි අද වෙලා තියෙන්නේ.

මධ්‍යම සහ කුඩා ව්‍යාපාරවල සේවකයන්ට සතියේ දවස් පහම වැඩ නැහැ. ඔවුන් සතියට දින එකක් දෙකක් තමයි සේවය කරන්නේ.  මේ නිසා සාමාන්‍ය ආයතනවල සේවකයන්ට මසකට රුපියල් දහදාහක් වත් වැටුපක් ලැබෙන්නේ නැහැ. මැරෙන්නේ නැතිව ජීවත් වෙන්න එක පවුලකට රුපියල් විසි එක් දවසක් අවශ්‍ය බව ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත වාර්තා කරනවා. මේ අවම මුදල වත් ලැබෙන ආදායම් ආධාරකයක් රජය විසින් ලබා දිය යුතුයි.

 ආනයනය සීමා කිරීම නිසා දේශීය නිෂ්පාදකයන් සහ අපනයන කරුවන් දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.  සියයට අනූවක් නිෂ්පාදනය කරලා සියයට දහයක් ආනයනය කරනවා නම් ඒ නිෂ්පාදන අද සම්පූර්ණයෙන්ම ඇන හිටිනවා. සැපයුමේ අවහිරයක්   තියෙනවා නම් 90%  නිෂ්පාදනය කළත් වැඩක් නැහැ.  මේ නිසා නිෂ්පාදන සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා.

 ආනයන සීමා කරල රුපියල ශක්තිමත් කරන්න පුළුවන් කියලා රජය හිතනවා නම් ඒක පුහු තර්කයක් විතරයි. රජයේ මාස හයකට ආනයන  සීමා කිරීම නිසා අපේ කර්මාන්තවලට මෙවැනි  දැඩි බලපෑම් එල්ල වෙලා තියෙනවා.

දේශීය ආර්ථිකය රුපියල ශක්තිමත් කරන්න පුළුවන් අපේ වෙළෙඳපොළ ප්‍රසාරණය කිරීමෙන් පමණයි. ආනයන සීමා කරල අපනයන විතරක් කරනවා කියලා ආර්ථිකය වත් රුපියල ශක්තිමත් කරන්න බැහැ. ආනයන සීමා කිරීමෙන් කෙටි කාලීනව ඡන්දෙට වාසි ගන්න පුළුවන් වුණත් මේ හරහා අපනයන නිෂ්පාදන සඳහා දැඩි ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා අාණ්ඩ්වේ ආර්ථික විශ්ලේශකයන් තේරුම් ගත යුතුයි.

මේජර් ජනරාල් නිශ්ශංක රණවක මහතා ද මහතාද මෙහිදී අදහස් දැක්වීය.



අදහස් (0)

‘ආනයනය සීමා කිරීමෙන් රටේ ආර්ථිකය තවත් කඩා වැටෙනවා ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 269 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 405 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site