IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


හැමෝටම ආණ්ඩුවත් එක්ක සිනා සිසී සිටිය හැකියි - දුමින්ද

(දයාරත්න ඇඹෝගම)

දැන්  සියළු දෙනාටම සතුටු විය හැකි ආකාරයට ගමට සංවර්ධනය එන්න පටන් අරන් තියෙනවා. වෙනදා ටිකක් දුකෙන්, බයෙන් හිටියා නම් ‍, එපා වෙලා හිටියා නම්, ආණ්ඩුවත් එක්ක කළකිරිලා හිටියානම්, දැන් හැමෝටම ආයේ පාරක් ආණ්ඩුවත් එක්ක සිනා සිසී සිටිය හැකි යැයි වාරිමාර්ග ජල සම්පත් අමාත්‍යය දුමින්ද දිසනායක මහතා පැවසීය. 


තලාව - තිරප්පනය මාර්ගය සංවර්ධනය කර දීමට අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ලබා දුන් පොරොන්දුව ඉටුකිරිම සම්බන්ධයෙන් තුති පුද කිරීම සඳහා ගම්වාසීන් සංවිධානය කළ උත්සවය අමතා ඇමැතිවරයා අද (16) මෙසේ පැවසීය.

දැන් ගම්පෙරළිය වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙනවා, අනුරාධපුර දිස්ත්‍රික්කයට විතරක් මිලියන 1400 කින් (ලක්ෂ 14 000 ක් ) සංවර්ධනය වෙනවා. මාර්ග සංවර්ධනය කරන්න, විදුලිය ලබා දෙන්න, ස්ථිර සෙවිල්ලක් නැති නිවාස සඳහා ස්ථිර වහලයක් ලබා දෙන්න, නිවසට විදුලිය ලබා ගෙන නොමැති නිවාස සඳහා විදුලිය ලබා ගන්න ආධාර ලබා දෙන්න, වැව හදන්න ආදී විශාල සංවර්ධන වැඩසටහන් ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන්න නියමිතයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම ආසනයකටම මිලියන 200 ගානේ බෙදා දීලා තියෙනවා. මේ වසරේ තව මාස කීපයකින් අයවැය එනවා, ඒ මගින් ලබන අවුරුද්ද සඳහා ආයේ මුදල් වෙන් වෙනවා. ඒ අලුතින් මුදල් වෙන් වුණාම ඒ මගින් තවත් සංවර්ධන වැඩ කළ හැකි වෙනවා.


ඒ වගේම නුදුරේදී ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් ආපදා වළක්වා ගැනීම සඳහා විශාල වැඩ කොටසක් සිදු කරනවා.



අදහස් (1)

හැමෝටම ආණ්ඩුවත් එක්ක සිනා සිසී සිටිය හැකියි - දුමින්ද

Bamunuarachchi Sunday, 16 September 2018 09:38 AM

මෙච්චර කල් සංවර්ධනය වුණේ යාලු මිත්‍රයින්නේ.. ගෙවල් කුලීවලම සංග්‍රහ ලැබුවනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1495 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1333 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 475 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site