IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


‘හදන ආණ්ඩුව මොකක්ද කියලා ඒ වෙලාවට කියන්නම්’

විනීතා එම්  ගමගේ

 

මේ ආණ්ඩුව ඉවත් කර හදන ආණ්ඩුව භාරකාර ද, තිරසාර ද, නොඑසේ නම් කවර අන්දමේ ආණ්ඩුවක් ද යන්න තීරණය කරන්නේ ඒ වෙලාවට බවත්, අවශ්‍ය වන්නේ ජනතාව විඳින පීඩාව නතර කිරීම බවත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

ආණ්ඩුවක් පිහිටුවීමට නම් මේ ආණ්ඩුව වැටිය යුතු යැයි කී අබේවර්ධන මහතා මේ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය බල කරන්නේ ජනාධිපතිවරයාට යැයි ද කීය.

කවර අන්දමින් හෝ වේවා රට අරාජික වීමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැතැයි ද රට රකින්නට ගත යුතු හොඳම පියවර ගන්නට ඒකාබද්ධ විපක්ෂය සුදානමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.

මේ වනවිට රටේ පවතින තත්ත්වය ජනතාවට දරන්නට බැරියැයි පැවසූ මන්ත‍්‍රීවරයා මේ ක‍්‍රියාකලාපය වෙනස් කිරීමට මුල් විය යුතු ජනාධිපතිවරයා යැයි ද පැවසුවේය.

මහින්ද යාපා අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ බොරැල්ල එන් එම් පෙරේරා කේන්ද්‍රයේ අද (10) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු නැඟූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

 



අදහස් (2)

‘හදන ආණ්ඩුව මොකක්ද කියලා ඒ වෙලාවට කියන්නම්’

Saththaya Wednesday, 10 October 2018 01:51 PM

ඇත්ත, අනිවාර්යයෙන් ජනතාවගේ ඉතුරු ලේ ටිකත් උරා බොන ආණ්ඩුවක්....

:       0       507

ravi Thursday, 11 October 2018 06:47 AM

ආණ්ඩු හදන්න ඉස්සෙල්ලා තමන් හැදිලා හිටියනම් හොඳයි නේද.?

:       0       302

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1486 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1326 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site