IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


‘සීමානිර්ණ වාර්තාව ගැන මුස්තාෆාට පමනක් දොස් කියලා ඵලක් නෑ’

(නිමල කොඩිතුවක්කු)

 

පළාත් සභා සීමානිර්ණ වාර්තාව සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා  මහතාට  පමණක් දොස් කීමෙන් ඵලක් නොවන බවත් එහි වගකීම සමස්ත කැබිනට් මණ්ඩලයම  භාරගත යුතු බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා අද (27) පැවසීය.

ආණ්ඩුව විසින් සකස් කළ සීමානීර්ණ වාර්තාව ආණ්ඩුව  විසින්ම ප‍්‍රතික්ෂේප  කිරීම මගින් ආණ්ඩුවේ අර්බුදයේ ප‍්‍රමාණය පෙන්නුම් කරන බවද ඔහු කියා  සිටියේය.

සමාජවාදී ජනතා පෙරමුණ බොරුල්ල ඇන්. ඇම් පෙරේරා  කේන්ද්‍රයේ ඊයේ පැවැත් වූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාසුදේව නානායක්කාර මහතා මෙසේද කීය.

 ‘‘ මේ සීමා නීර්ණය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විටත් එය විවාදයට ගන්න විටත් ආණ්ඩුව මෙයට විරුද්ධව ඡන්දය දෙන්න යනවා කියලා අපි දන්නේ නැහැ. අපිට ඒක දැනගන්න ලැබුණේ ඉන්පසුවයි.

ඉතාම වුවමනාවෙන්  සැලසුම් සහගතව ආණ්ඩුව මේ ඡන්දය කල්දැමීමේ ක‍්‍රියාවලියක නිරත වී සිටින බව ආණ්ඩුවේ මේ වැඩපිළිවෙළ මගින් අපිට පැහැදිලි වනවා.

මේ ආණ්ඩුවට දැන් මේ ඡන්දය තියලත් බෑ. නොතියත් බෑ. නොතිය හිටියොත් රටේ  ආණ්ඩු විරෝධී උණුසුම වැඩිවෙනවා. තියලත් බෑ.  තිබ්බොත් ආණ්ඩුව විශාල පරාජයකට යනවා.

මේ සිද්ධියේදි ෆයිසර් මුස්තාෆා  මහතාට  පමණක් දොස් කියලා වැඩක් නැහැ. ෆයිසර්  මුස්තාෆා මේක ඉදිරිපත් කරන්නේ මුළු කැබිනට් මණ්ඩලයත්  එක්ක කතා කරලයි. මුළු කැබිනට් මණ්ඩලය  අනුමත කරමින් තමයි මේ වාර්තාව  විවාදයට ඉදිරිපත් කළේ.

ඒ කැබිනට් මණ්ඩලය  දැන් එහෙම් පිටින්ම තමන්ගේ ආණ්ඩු පක්ෂයේ සියලූ දෙනා සමඟම මෙයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා. ඒ නිසා මේකට  කැබිනට් මණ්ඩලයම වගකිව යුතුයි.

 



අදහස් (0)

‘සීමානිර්ණ වාර්තාව ගැන මුස්තාෆාට පමනක් දොස් කියලා ඵලක් නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1333 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 475 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site